පුද්ගලික වෛද්‍ය විද්‍යාල - මිථ්‍යාව සහ යතාර්ථය
පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන ලද වෛද්‍යය විද්‍යාලයක් මාලබේ පිහිටුවා ඇති බවත් එයට සිසුන් ඇතුළත් කිරීම ආරම්භ වී ඇති බවත් මෑතක දී දැන ගන්නට ලැබිණ. පුද්ගලික වෙද විදුහල් යන මාතෘකාව ලාංකික සමාජය තුළ මුල් බැස ගත්තේ අද ඊයේ නොවේ. පුද්ගලික වෙද විදුහල් වල අතීතය හාරා අවුස්සා බැලීමේදී 1986 වසරේ දී රාගම රෝහලට අනුයුක්තව පළමු පුද්ගලික වෙද විදුහල අරඹන ලදී. නමුත් රට තුළ නැගි දැවැන්ත ශිෂ්‍ය විරෝධය නිසා හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසකගේ මළ සිරුරු මතින් 1988 දී රාගම පුද්ගලික වෙද විදුහල කැළණීය සරසවියට පවරා ගැණින. ඉන් පසුව කිහිප විටෙක දී මේ සඳහා උත්සාහයන් ගැණුන ද, ඒවා ලත් තැනම ලොප් වී ගියේ වෛද්‍යවරුන්ගෙන් හා වෛද්‍ය සිසුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා මතය.
අද වන විට උපාධිධාරී වෛද්‍යවරුන් 23,000 පමණ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගෙන ඇත. නමුත් විශ්‍රාම යාම්, රටින් බැහැර වීම්, විශ්ව විද්‍යාල සේවය, මිය යාම හා ආබාධිත වීම් යනාදී හේතු නිසා සේවයේ යෙදෙනුයේ වෛද්‍යවරුන් 18,000 - 19,000 අතර ප්රමාණයකි. මේ ප්‍රමාණය අනුව එක් වෛද්‍යවරයකුගේ සේවය ලබන ජනගහණය 1000 ක් පමණ වේ. අප අසල්වැසි රට වලට වඩා ඉතාම හොඳ වෛද්‍ය සේවයක් පිළිබඳ උදම් අනන අප මේ කරුණ ඉදිරියේ විමසිලිමත් විය යුතුය. ඉන්දියාවේ පවා මේ අනුපාතය මෙයට කිට්ටු අගයකි. එබැවින් රට තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. අවම මට්ටමේ සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට වෛද්‍යවරුන් 40,000 ක් වත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. රජයේ වෙද විදුහල් වලින් දැනට වසරකට පිට කෙරෙන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව 900 කි. රජරට වෙද විදුහලෙහි උපාධිධාරීන් ද එක් කළ විට මෙය 1000 පමණ වේ. වසරකට පිටරට විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා පැමිණෙන සිසුන් ගණන ද 100 - 150 පමණ වේ. එබැවින් වසරකට වෛද්‍යවරුන් 1200 ක් පමණ සේවයට එක් වන අතර 200 ක් පමණ සේවයෙන් විශ්‍රාම යති. එබැවින් වෛද්‍ය හිඟය පිය වීමට රජයේ වෙද විදුහල් වලට තවත් වසර 20ක් පමණ ගත වනු ඇත. එබැවින් වෛද්‍ය උපාධිධාරීන් ගේ සංබ්‍යාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කාරණයකි.
අනෙක් අතට සරසවි පිවිසුම් ලකුණු / Z අගය තීරණය කරනුයේ සංකීර්ණ ක්‍රියාවලියක් මගිනි. සරසවි පිවිසෙන්නන්ගෙන් 40% කුසලතා පදනම මතත් 60% දිස්ත්‍රික් පදනම මතත් බඳවා ගැනේ. දිස්ත්‍රික් පදනම යටතේ සිසුන් තෝරා ගැනීමේ දී කොළඹ, ගාල්ල, මාතර, මහ නුවර හා යාපනය දිස්ත්‍රික්ක වල ඉහළ ලකුණු ලැබූ සිසුන් ට වඩා පහළ ලකුණු ලැබූ ග්‍රාමීය දිස්ත්‍රික්ක වල සිසුන් සරසවි වරම් ලබති. මේ ඉහළ ලකුණු ලබා සරසවි පිවිසුම් අහිමි වන පිරිස ද, ඇත්ත වශයෙන්ම දක්ෂයෝ වෙති. මේ පිරිසෙන් මුදල් ඇති අය, විදෙස් සරසවි වලින් වෙද උපාධිය ලබා ගනිති. මෙලෙස එක් සිසුවකුට වියදම් වන මුළු මුදල රුපියල් දස ලක්ෂ 3.5 - 8 දක්වා වෙනස් වෙයි. මේ මුදලින් කොටසක් හෝ රට තුළ ඉතිරි කර ගැන්මට හැකි නම් රටේ විදේශ විනිමය ප්‍රශ්නයට මඳකින් හෝ දායක වීමට හැකි වනු ඇත.