පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය

Oct 27, 2010
1,996
200
0
Colombo 7
පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය

පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන වැරදි අදහස් දෙන විදියේ ත්‍රෙඩ් කිහිපයක් මම එළකිරි එකෙත් දැක්කා. එළකිරි එකෙත් ගොඩක් අය පෞද්ගලික අංශයේ වැඩ කරන නිසා ඔයාලව මේක ගැන දැනුවත් කරන්න ඕන කියල හිතුනා
ජනතා විමුක්ති පෙරමුණ වගේ බංකලොත් දේශපාලන කොටස් බලන්නේ මේක ගැන වැරදි මත පතුරලා රටේ කලබල ඇති කරන්න ඒක නිසා මේක ගැන තියෙන බොරු ප්‍රචාර වලට අහු වෙන්න එපා. මේකෙන් ගොඩක් ප්‍රතිලාභ දෙනවා.


* වසර 10න් විශ්‍රාම හිමිකම

* දරුවන්ට හා කලත්‍රයාට ප්‍රතිලාභ

* මිලියන 1000ක ප්‍රාග්ධනය රජයෙන්

* විශ්‍රාම වැටුප ජීවිතාන්තය දක්වා



පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් ප්‍රතිලාභ කිසිවක් අහිමි නොවන බව රජය අවධාරණය කරයි.විශ්‍රාමික සේවකයන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා සද්භාවයෙන් කළ යෝජනාවක් මිස, විශ්‍රාමිකයා පීඩාවට පත් කරන්නක් නොවන බවද රජය අවධාරණය කරයි. මේ නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ප්‍රතිලාභ ලෙස හිමිවන මුදල මිලියන 13.3කි. මෙහි මූලික ප්‍රාග්ධන සඳහා රුපියල් මිලියන 1000ක් ආයෝජනය කිරීමට ඇමැති මණ්ඩලය දැනටමත් තීරණය කර තිබේ.

අධිකරණයේ දී නව විශ්‍රාම වැටුප් ක්‍රමය අභියෝගයට ලක්වූ අවස්ථාවේ දී එකඟ වූ පරිදි විශ්‍රාමිකයන්ගේ දරුවන්ට හා කලත්‍රයාටද ප්‍රතිලාභ හිමිවන පරිදි හා සේවකයන් ජීවතුන් අතර සිටිනතාක් කල් විශ්‍රාම වැටුප් ගෙවීම අනිවාර්ය කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමටද රජය පියවර ගෙන තිබේ. මීට විරුද්ධව විපක්ෂය ද්වේශ සහගත අයුරින් ගෙන යන ප්‍රචාරය හේතුවෙන් සේවකයන්ට අනිසි බිය ඇතිවීම වළක්වාලීම සඳහා ද රජය විශේෂ පනතක් සම්මත කිරීමට ද නීතිමය පියවර ගෙන ඇත.

ඒ අනුව නව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ පනත්වලට අදාළ විධිවිධාන කිසිවක් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත හා 1983 අංක 12 දරන පාරිතෝෂිත දීමනා ගෙවීමේ පනත්වල විධිවිධානයන්ට අදාළ නොවේ. දැනට අර්ථසාධක අරමුදල් සඳහා සේවක සේව්‍ය දෙපාර්ශවයෙන් සේවක වැටුපෙන් මාසිකව පිළිවෙළින් අයකරන සියයට 8ක් හා සියයට 12ක වැටුප් ප්‍රතිශතය තවදුරටත් අඛණ්ඩව ඒ පරිද්දෙන්ම සේවක ගිණුමට බැර කරනු ලැබේ. රජයේ යෝජිත නව විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා සේවක සේව්‍ය දෙපාර්ශවයෙන්ම සේවක වැටුපෙන් සියයට 2ක ප්‍රතිශතයක් අයකරනු ලබන අතර සේවකයා විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙත ගෙවනු ලබන සේවක අර්ථසාධක මුදලින් සියයට 2ක් පමණක් විශ්‍රාම වැටුප් අරමුදල් සඳහා අඩුකරනු ලැබේ.

සේවකයකුට වයස අවුරුදු 60දී විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හිමිකම් ලැබෙන අතර ඒ සඳහා සේවකයකු අවම වශයෙන් වසර 10ක් දායක විය යුතුයි. ඒ අනුව අවුරුදු 10 – 20ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 15ක් ද, අවුරුදු 20 – 30ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 30ක් ද, වසර 30ට වැඩි කාලයක් දායක වූ සේවකයෙකුට සිය වැටුපෙන් සියයට 60ක්ද වැටුප් වශයෙන් සේවකයා මියයන තෙක් ගෙවනු ලැබේ. මේ ක්‍රමය හඳුන්වා දුන්නද සේවකයා විශ්‍රාම ලබනවිට අර්ථසාධක අරමුදලින් තම මුදල ආපසු ලබාගැනීමටත්, ගිණුම ඇපයට තබා නිවාස හා දේපළ ණය ලබා ගැනීමටත් දරුවන්ට පිරිනමන ශිෂ්‍යත්ව ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ සියල්ලද එලෙසම ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතින හෙයින් තම සැදෑ සමයේ දී මාසික ආදායමක් ලබාගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් රජය මඟින් ගෙන ඇති මේ පියවරට, විරුද්ධත්වය ප්‍රකාශ කරන විපක්‍ෂය, වැඩිවෙමින් පවතින වැඩිහිටි ජනතාවට සෙත සැලසීමේ විකල්ප යෝජනාද ඉදිරිපත් කළ යුතු බවද රජය තවදුරටත් අවධාරණය කරයි.
 
  • Like
Reactions: movi
Oct 27, 2010
1,996
200
0
Colombo 7
විපක්ෂයේ අසත්‍ය ප්‍රචාර නිසා මල් මාලා වෙ&#

basil_r_b.jpg


විපක්ෂයේ අසත්‍ය ප්‍රචාර නිසා මල් මාලා වෙනුවට රජයට ගල්මුල්
යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධයෙන් විපක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාර නිසා ආණ්ඩුවට මල්මාලා වෙනුවට ගල්මුල් එල්ල වන බව ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියයි. සේවක අර්ථසාධක අරමුදලේ සහ භාරකාර අරමුදලේ ප්‍රතිලාභ සහ පාරිතෝෂිත දීමනා මේ විශ්‍රාම ක්‍රමය යටතේ අහෝසි නොවන බව ඇමතිවරයා අවධාරණය කරයි.

මේ ප්‍රතිලාභ තුනට අමතරව වසර 10ක සේවා කාලයකින් පසු පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අනිවාර්යයෙන් හිමිවන බව රාජපක්ෂ මහතා කියයි. වසර 10ක සේවා කාලය සම්පූර්ණ කිරීමට නොහැකිවන සේවකයකු මේ විශ්‍රාම වැටුප් ක්‍රමය යටතට ගෙන ඒම සඳහා විශ්‍රාම ක්‍රමයට අවශ්‍ය සංශෝධන ගෙන එන බව ද ඇමැතිවරයා කීය.

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධයෙන් සේවකයන් දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අසාර්ථක වූ බව පවසන රාජපක්ෂ මහතා, සේවකයන් දැනුවත් කිරීම සඳහා ඉතා ඉක්මණින් වැඩපිළිවෙළක් සකස් කරන බව ද කියයි.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරි මේ මිනිස්සු මෙච්චර එපා කියනවනම් බලෙන් දෙන්න තියෙන උවමනාව මොකද්ද?
     
    • Like
    Reactions: Ranga disa
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    හරි මේ මිනිස්සු මෙච්චර එපා කියනවනම් බලෙන් දෙන්න තියෙන උවමනාව මොකද්ද?

    ගොඩක් මිනිස්සු එපා කියන්නේ නැහැ. එත් සුළු පිරිසක් සමහරක් අයගේ බොරු වලට රැවටිලා නොමග ගිහින් ඉන්නේ.
     

    tharindueng

    Member
    Feb 10, 2007
    233
    0
    0
    හරි මේ මිනිස්සු මෙච්චර එපා කියනවනම් බලෙන් දෙන්න තියෙන උවමනාව මොකද්ද?

    uba hari machan attatama minissunta epanan mokatada meka balen denna hadanne??? :shocked::shocked::shocked::shocked:

    mara adarayakne minissunta thiyenne:growl::growl::growl:

    owa karanna issella rate badu mila adukarala minissunta sahanayak karanne nathuwa me awurudu 60 panina ewa munta pissu :growl::growl::growl::growl:

    danatat salli aduda danne na arthasadakaye :shocked::shocked::shocked:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හරි මේ මිනිස්සු මෙච්චර එපා කියනවනම් බලෙන් දෙන්න තියෙන උවමනාව මොකද්ද?

    manussayatamane kelawanne..... :no::no::no:


    KELINNA THAMAY HADANNE EPF ETF EKATATH
    :no::no::no:
     
    Last edited:
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    uba hari machan attatama minissunta epanan mokatada meka balen denna hadanne??? :shocked::shocked::shocked::shocked:

    mara adarayakne minissunta thiyenne:growl::growl::growl:

    owa karanna issella rate badu mila adukarala minissunta sahanayak karanne nathuwa me awurudu 60 panina ewa munta pissu :growl::growl::growl::growl:

    danatat salli aduda danne na arthasadakaye :shocked::shocked::shocked:

    අපි වැඩ කරන්න ඕන මචන් අනාගතේ ගැන හිතල. හැමදාම බඩ ගැන හිතල වැඩ කරන්න බැහැ
    මේකෙන් සේවකයින්ට සහන රැසක් ලැබෙනවා. දැනටමත් ගොඩක් අය කැමතියි
    දේශපාලන වාසි තකා සුළු පිරිසක් අනවශ්‍ය ප්‍රශ්න දානවා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොඩක් මිනිස්සු එපා කියන්නේ නැහැ. එත් සුළු පිරිසක් සමහරක් අයගේ බොරු වලට රැවටිලා නොමග ගිහින් ඉන්නේ.
    කාගෙවත් බොරු වලට රැවටිලා හරි එපා කියනවනම් ඇයි දෙන්නේ? :eek:
    රජයට මේකෙන් වාසියකුත් නැත්නම්..ඔච්චර එපා කියද්දී..උඹලට එපා නම් අපිට මොකටද කියල ඕක අයින් කරගන්නේ නැත්තේ ඇයි?:P
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    කාගෙවත් බොරු වලට රැවටිලා හරි එපා කියනවනම් ඇයි දෙන්නේ? :eek:
    රජයට මේකෙන් වාසියකුත් නැත්නම්..ඔච්චර එපා කියද්දී..උඹලට එපා නම් අපිට මොකටද කියල ඕක අයින් කරගන්නේ නැත්තේ ඇයි?:P

    අනාගතයේදී කිසිම ආදායමක් නැති වයසක ජනගහනය වැඩි උනාම ඒක රජයට රටට හැමෝටම ප්‍රශ්නයක් වෙනවා.
    මේක ගේන්නේ අපි හැමෝගෙම හොදට
    පිට රට වලත් මේවගේ ඒවා තියෙනවා. අනිවාර්ය විශ්‍රාම වැටුප් ක්‍රම
     

    offline

    Banned
    Oct 6, 2010
    86
    11
    0
    ඉතාමත් හොද ත්‍රෙඩ් එකක්. අපිව මේ ගැන දැනුවත් කරාට ස්තුතියි.
    ඇත්තටම මේක ඉතාමත් හොද වැඩපිළිවෙලක්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ආණ්ඩුවේ ඉන්න අය අපිට මෙච්චරටම ආද‍රේ ද අප්පා..:P ;)
     
    • Like
    Reactions: Ranga disa

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    රජය දෙන්නේ කෝටී 100යි.මේක හරිම මදි.ජනාධිපතිගේ ආරක්ෂාවට, සහ පෞද්ගලික වියදම් වලට වසරකට කෝටි 1500ක් විතර වැය කරනවා.නමුත් පෞද්ගලික සේවකයන් සියලූම දෙනාට දෙන්නේ කෝටි 100යිද?
    මේක මහම විශාල ප්‍රෝඩාවක්.ආණ්ඩුව අද ණය අරගෙන හොඳටම බංකොලොත් වෙලා තියෙන්නේ.ආණ්ඩුවට සල්ලි නෑ.ඒක නිසා පෞද්ගලික සේවකයන්ගේ වැ‍ටුපෙන් රුපියල් 500 -10,000 ක් විතර මාසෙකට කපාගෙන ඒ සල්ලි වලින් ආණ්ඩුව දුවන්න යන්නේ.
    ඉහල වැ‍ටුප් ලබන අයගෙන් රුපියල් 10,000ක් විතර මාසෙකට ගන්න පුලුවන්.නමුත් අන්තිමට මේ සල්ලි හොර ඇමතිවරු උන්ගේ පෞද්ගලික අවශ්‍යතා වලට පාවිච්ච්ජි කරනව නො අනුමානයි. ඒ අය මේ සල්ලි වලින් පිටරට සවාරි, ඉස්තරම්ම අරක්කු, රුසියන්, චීන ලස්සන කෙල්ලො, ලොකු මාලිගා, සුඛෝපබෝගී වාහන ගන්න පවිච්චි කරලා , අන්තිමට මේ සල්ලි ටික කාබාසිනිය කරනවා.තමන්ගේ සල්ලි වලින් ඕනම කුපාඩි වැඩක් කරන්න.නමුත් මහජන සල්ලි පාවිච්චි කරලා සැප විඳින්න එපා.අද ජනාධිපතිගේ පටන් ඇමතිවරු සහ ලොකුම ප්‍රභුවරුන්ගේ ආරක්ෂාවට විතරක් සෙබලුන් සහ නිලධාරීන් 50,000ක් ඉන්නවා.මේ අයගේ පඩිය රුපියල් 15,000ක් වෙනවා මාසෙකට. එතකොට 15000 *50,000 කියන්නේ කොච්චර ලොකු වියදමක්ද මාසෙකට.ලක්ෂ 75000 ක් නේද. අවුරුද්දට රුපියල් ලක්ෂයේ ඒවා 900,000ක් වියදම් කරනවා.මේ තෙල් සහ කෑමට අතිරේකව යනවා.මේවට සල්ලි හොයන්න නේද මේ වගේ ප්‍රෝඩාකාරී විශ්‍රාම වැ‍ටුපක් දෙන්න කියලා සල්ලි ගරන්නේ.
    ආණ්ඩුව ඔච්චර අවංකනම් , මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නැත්නම් ආණ්ඩුවට තියෙන්නේ කෝටි 1000-2000ක් විතර ආණ්ඩුවේ සල්ලි වලින් ප්‍රාග් ධනයක් දාලා කැමති අයට විතරක් මේකට එකතු වෙන්න.එතකොට සල්ලි ගෙවන්න නැත්නම්, පඩියෙන් කැපෙන්නේ නැත්නම් කැමති අය ඒ අයගේ නම් දෙයි විශ්‍රාම වැ‍ටුප ගන්න.
     
    • Like
    Reactions: manura-prince

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    ආණ්ඩුව ඔච්චර අවංකනම් , මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නැත්නම් ආණ්ඩුවට තියෙන්නේ කෝටි 1000-2000ක් විතර ආණ්ඩුවේ සල්ලි වලින් ප්‍රාග් ධනයක් දාලා කැමති අයට විතරක් මේකට එකතු වෙන්න.එතකොට සල්ලි ගෙවන්න නැත්නම්, පඩියෙන් කැපෙන්නේ නැත්නම් කැමති අය ඒ අයගේ නම් දෙයි විශ්‍රාම වැ‍ටුප ගන්න.
    :yes::yes: