පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය
පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන වැරදි අදහස් දෙන විදියේ ත්‍රෙඩ් කිහිපයක් මම එළකිරි එකෙත් දැක්කා. එළකිරි එකෙත් ගොඩක් අය පෞද්ගලික අංශයේ වැඩ කරන නිසා ඔයාලව මේක ගැන දැනුවත් කරන්න ඕන කියල හිතුනා
ජනතා විමුක්ති පෙරමුණ වගේ බංකලොත් දේශපාලන කොටස් බලන්නේ මේක ගැන වැරදි මත පතුරලා රටේ කලබල ඇති කරන්න ඒක නිසා මේක ගැන තියෙන බොරු ප්‍රචාර වලට අහු වෙන්න එපා. මේකෙන් ගොඩක් ප්රතිලාභ දෙනවා.
* වසර 10න් විශ්‍රාම හිමිකම
* දරුවන්ට හා කලත්‍රයාට ප්රතිලාභ
* මිලියන 1000ක ප්රාග්ධනය රජයෙන්
* විශ්‍රාම වැටුප ජීවිතාන්තය දක්වා
පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් ප්රතිලාභ කිසිවක් අහිමි නොවන බව රජය අවධාරණය කරයි.විශ්‍රාමික සේවකයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සද්භාවයෙන් කළ යෝජනාවක් මිස, විශ්‍රාමිකයා පීඩාවට පත් කරන්නක් නොවන බවද රජය අවධාරණය කරයි. මේ නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ප්රතිලාභ ලෙස හිමිවන මුදල මිලියන 13.3කි. මෙහි මූලික ප්‍රාග්ධන සඳහා රුපියල් මිලියන 1000ක් ආයෝජනය කිරීමට ඇමැති මණ්ඩලය දැනටමත් තීරණය කර තිබේ.
අධිකරණයේ දී නව විශ්‍රාම වැටුප් ක්‍රමය අභියෝගයට ලක්වූ අවස්ථාවේ දී එකඟ වූ පරිදි විශ්‍රාමිකයන්ගේ දරුවන්ට හා කලත්‍රයාටද ප්රතිලාභ හිමිවන පරිදි හා සේවකයන් ජීවතුන් අතර සිටිනතාක් කල් විශ්‍රාම වැටුප් ගෙවීම අනිවාර්ය කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමටද රජය පියවර ගෙන තිබේ. මීට විරුද්ධව විපක්ෂය ද්වේශ සහගත අයුරින් ගෙන යන ප්‍රචාරය හේතුවෙන් සේවකයන්ට අනිසි බිය ඇතිවීම වළක්වාලීම සඳහා ද රජය විශේෂ පනතක් සම්මත කිරීමට ද නීතිමය පියවර ගෙන ඇත.
ඒ අනුව නව විශ්‍රාම වැටුප් ප්රතිලාභ පනත්වලට අදාළ විධිවිධාන කිසිවක් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත හා 1983 අංක 12 දරන පාරිතෝෂිත දීමනා ගෙවීමේ පනත්වල විධිවිධානයන්ට අදාළ නොවේ. දැනට අර්ථසාධක අරමුදල් සඳහා සේවක සේව්‍ය දෙපාර්ශවයෙන් සේවක වැටුපෙන් මාසිකව පිළිවෙළින් අයකරන සියයට 8ක් හා සියයට 12ක වැටුප් ප්‍රතිශතය තවදුරටත් අඛණ්ඩව ඒ පරිද්දෙන්ම සේවක ගිණුමට බැර කරනු ලැබේ. රජයේ යෝජිත නව විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා සේවක සේව්‍ය දෙපාර්ශවයෙන්ම සේවක වැටුපෙන් සියයට 2ක ප්‍රතිශතයක් අයකරනු ලබන අතර සේවකයා විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙත ගෙවනු ලබන සේවක අර්ථසාධක මුදලින් සියයට 2ක් පමණක් විශ්‍රාම වැටුප් අරමුදල් සඳහා අඩුකරනු ලැබේ.
සේවකයකුට වයස අවුරුදු 60දී විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හිමිකම් ලැබෙන අතර ඒ සඳහා සේවකයකු අවම වශයෙන් වසර 10ක් දායක විය යුතුයි. ඒ අනුව අවුරුදු 10 – 20ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 15ක් ද, අවුරුදු 20 – 30ත් අතර කාලයක් දායක වූ සේවකයෙකුට තම වැටුපෙන් සියයට 30ක් ද, වසර 30ට වැඩි කාලයක් දායක වූ සේවකයෙකුට සිය වැටුපෙන් සියයට 60ක්ද වැටුප් වශයෙන් සේවකයා මියයන තෙක් ගෙවනු ලැබේ. මේ ක්‍රමය හඳුන්වා දුන්නද සේවකයා විශ්‍රාම ලබනවිට අර්ථසාධක අරමුදලින් තම මුදල ආපසු ලබාගැනීමටත්, ගිණුම ඇපයට තබා නිවාස හා දේපළ ණය ලබා ගැනීමටත් දරුවන්ට පිරිනමන ශිෂ්‍යත්ව ඇතුළු අනෙකුත් ප්රතිලාභ සියල්ලද එලෙසම ලබාගත හැක.
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතින හෙයින් තම සැදෑ සමයේ දී මාසික ආදායමක් ලබාගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් රජය මඟින් ගෙන ඇති මේ පියවරට, විරුද්ධත්වය ප්‍රකාශ කරන විපක්ෂය, වැඩිවෙමින් පවතින වැඩිහිටි ජනතාවට සෙත සැලසීමේ විකල්ප යෝජනාද ඉදිරිපත් කළ යුතු බවද රජය තවදුරටත් අවධාරණය කරයි.