බක් පොහෝදා කිරිවෙහෙරෙන් කිරි ඉතිරේ.
ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණයක් වැගිරීමේ පුවතක් අද (14) වාර්තා වී තිබෙනවා. අද උදෑසන 10.17 ට යෙදුණු ආහාර පිසීමේ සුබ නැකතත් සමග මෙම සිදුවීම සිදුවූ බවයි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සඳහන් කළේ. ආහාර පිසීමේ නැකත උදාවීමත් සමග කිරිවෙහෙර චෛත්‍යය වටා ප්‍රදේශවාසීන් සහ පැමිණ සිටි බැතිමතුන් කිරි ඉතිරවීම සිදුකර තිබෙනවා. එම අවස්ථාවේදී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් කැරැුල්ල ආසන්නයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණය වැගිරීම සිදුවූ බවයි විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළේ.
බුදුන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී කතරගමට පැමිණ එහි කිහිරි වනයෙහි සමවත් සුවයෙන් කල් ගෙවූ බව ධාතු වංශයේ දැක්වෙනවා. එම වනය මහාඝෝෂ නම් ප්රදේශාධිපතියෙකුට අයත් වූවක් බවත්, බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ ඔහු පසුව තෙරුවන් සරණ ගිය බවත්, එහි දැක්වෙනවා. වර්තමානයේ දක්නට ලැබෙන මෙම කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ එම කිහිරි වනය පිහිටි ස්ථානයේ බවයි සැලකෙන්නේ. ඒ අනුව මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ පසුව කිරිවෙහෙර ලෙස හැඳින් වූ බවයි කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අපවත් වී වදාල පූජ්‍ය අලූත්වැව සෝරත හිමියන් විසින් රචිත ග්‍රන්ථයක දැක්වුණේ.