බකිංහැම් මාලිගය

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    බකිංහැම් මාලිගය

    අද ලෝකයේ රජවරුන් රැජිනියන් සිටින රටවල් තිබෙන්නේ බොහෝම අතළොස්සයි. :(එයින්ද ලොව වඩාත්ම ජනප‍්‍රිය රජ පවුල වන්නේ එංගලන්තයේ රජ පවුලයි.:D දෙවැනි එළිසබෙත් මහ රැජින ඇතුළු රජ පවුලේ නිල නිවාසයවන බකිංහැම් මාලිගාවයි අපගේ ඊළඟ නැරඹුම් ස්ථානය වූයේ.බකිංහැම් මාලිගාව යනු බි‍්‍රතාන්‍ය රාජාණ්ඩුවේ වැදගත්ම සංකේතයයි. වසර 235 ක් පුරා එංගලන්තයේ රජකම් කළ රජවරුන්ගේ හා රැජිනියන්ගේ රාජකීය නිවාසය වූයේ මෙයයි. ලොව ජනප‍්‍රියම රාජ මාලිගාව වන්නේ ද බකිංහැම් මාලිගයයි.:yes:
    55004115.jpg

    මේ මාලිගාවේ මුල්ම අයිතිකරු වන්නේ ආදිපාදවරයෙකි. ඔහු නමින් බකිංහැම් හි ආදිපාදවරයායි(Duke of Buckingham). 1705 වර්ෂයේදී බකිංහැම් ආදිපාදවරයා මෙම මන්දිරය ගොඩ නැගූ අතර ඔහු චාල්ස් නම් තම පුතුට මේ මන්දිරය ලියා දුන්නා. පියාගේ මරණින් වසරකට පසුව පවුම් විසි අට දාහකට එනම් රුපියල් ලක්ෂ හතළිස් තුනකට චාල්ස් විසින් මේ මාලිගාව තුන්වැනි ජෝර්ජ් මහ රජතුමාට අලෙවි කරනු ලැබුවා. 1762 දී රජ පවුල විසින් මිලදී ගත් මේ මාලිගාවේ මුලින්ම පදිංචියට පැමිණියේ තුන්වැනි ජෝර්ජ් රජතුමා සහ චාලට් බිසවයි.
    තුන්වැනි ජෝර්ජ් රජු මැදුර මිලදී ගත්තද එහි සුන්දරත්වය වැඩිවන අන්දමින් එය ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ හතර වැනි ජෝර්ජ් මහරජු විසිනි. රජතුමා විසින් ප‍්‍රතිසංස්කරණ කටයුත්ත බාර දුන්නේ ජෝන් නාශ් ( John Nash ) නම් ගෘහ නිර්මාණ ශිල්පියාටයි. බකිංහැම් මාලිගාවේ එක් විසිත්ත කාමරයක් නාශ් විසිත්ත කාමරය ලෙසින් නම් කර ඇත්තේ ඔහුට කරන ගෞරවයක් ලෙසිනි.ඉන් පසුව රජ පදවි ලද හතරවැනි විලියම් රජුද ( 1830 ) වික්ටෝරියා ( 1840 ) බිසවද නාශ්ගේ උපකාරයෙන් මන්දිරය තව තවත් හැඩ වැඩ කරන්නට වුණා.පිටත සිට රජ මාලිගය බලන විට අපට දකින්නට ලැබුණේ බි‍්‍රතාන්‍යයේ රාජකීය ජාතික කොඩිය, බකිංහැම් මාලිගාවේ ප‍්‍රධාන කොඩි ගහ මුදුණේ ලෙළ දෙන ආකාරයයි. මහ රැජින මාලිගාවේ සිටින බව සංකේතවත් වන්නේ එමගිනි. රැජින මාලිගාවේ නොමැති විට එම ධජය එසවෙන්නේ නැති බවයි මට දැන ගන්නට ලැබුණේ. :yes:මෙම කොඩි ගහ බාරව මාණ්ඩලික නිලධාරියකුගේ ප‍්‍රධානත්වයෙන් වෙනම කාර්ය මණ්ඩලයක් සිටින අතර රැජින මාලිගාවෙන් පිටවූ වහාම එම කොඩිය අකුලා තැබීම ඔවුන්ගේ වගකීම වෙනවා.බකිංහැම් රජ මැදුරේ තුන්සීයයක සේවක පිරිසක් රාජකාරියේ නිරතව සිටිනවා.
    36060338.jpg


    වෙනත් රටවල රාජකීය අමුත්තන් පැමිණි විට මෙම සේවක පිරිස වැඩි වෙනවා.:eek: නිත්‍ය රාජකාරියේ නිරත වන සේවකයන් තුන්සියය සඳහා වෙනම තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යන අතර ඔවුන් සඳහා වෙනම පොලිස් ස්ථානයක්ද බොජුන් හලක්ද විවේකාගාරයක් සහ කී‍්‍රඩාගාරයක්ද පිහිටුවා ඇති බවත් දැන ගන්නට ලැබුණා.
    54403896.jpg

    බකිංහැම් මාලිගාවේ පැවැත්ම සඳහා පූර්ණ මූල්‍යාධාර සපයන්නේ බි‍්‍රතාන්‍ය රජයයි. ඊට අමතරව මහ රැජින සතු පෞද්ගලික වත්කම් ද වෙනම තිබෙනවා. රැජින තුරග තරග කෙරෙහි මහත් ආසාවක් දක්වන අතර එතුමිය සතුව අසුන් ගණනාවක්ද සිටිනවා. කෝටි ගණන් වටිනා වතුපිටි ද ඈ සතුයි.බකිංහැම් මාලිගය පිහිටා ඇත්තේ ලන්ඩන් නගරයේ ‘හදවත’ ලෙස හැඳින්වෙන ප‍්‍රදේශයකයි. මාලිගාවට අයත් භූමි ප‍්‍රමාණය අක්කර හතළිහක්. ලන්ඩනයේ නිස්කලංක ක්ෂේම භූමිය ලෙස හැඳින්වෙන්නේ මෙහි ප‍්‍රධාන උද්‍යානයයි. එය මනාව නඩත්තු කරන අතර අක්කර හතරක භූමි ප‍්‍රමාණයක එය පැතිරී තිබෙනවා. උයන මධ්‍යයේ හංසයන් පිහිනා යන ලස්සන විලක්ද තිබෙනවා.:yes::yes:
    74542889.jpg

    බකිංහැම් මාලිගාවේ නැරඹිය යුතු තවත් වැදගත් ස්ථානයක් වන්නේ අස්හල සහ රථ ගාලයි.
    59963912.jpg
    මෙම අස්හල ඉදි කරන ලද්දේ 1762 දීයි. මෙහි ඇති රත්තරන් අස්ස කරත්තය හතරවැනි ජෝර්ජ් රජුගේ කාලයේ සිට අද දක්වාම සෑම මෞලි මංගල්‍ය අවස්ථාවක දීම පාවිච්චියට ගෙන තිබෙනවා.රිය ගාලේ තිබෙන්නාවූ වටිනාම මෝටර් රථය පැන්ටම් iv ( Phantom vi ) වර්ගයේ සුපිරි මෝටර් රියයි. එය ලෝක මෝටර් රථ නිෂ්පාදකවරුන්ගේ සංගමයේ 25 වැනි රජත ජයන්තියේදී මහරැජින වෙත විශේෂයෙන් පිරි නමන ලද්දක්.මාලිගාව ඇතුළත සිරි විසිතුරු එසේයි. මාලිගාව පිටත තවත් අපූරු දෙයක් සිද්ධ වෙයි.
    74455986.jpg


    74384604.jpg

    සෑම දිනකම පෙරවරු 11 ට දස දහසකට වැඩි සංචාරක පිරිසක් බකිංහැම් මාලිගාව ඉදිරිපිට රැස්ව සිටිනවා. ඔවුන්ගේ අරමුණ ආචාර පෙළපාලිය නැරඹීමයි. හරියටම පෙරවරු 11 ට එතෙක් රාජකාරියේ යෙදී සිටි පොලිස් මුර භට කණ්ඩායම ඉවත් වී යනවා. නව මුරභට පිරිසක් රාජකාරියට පැමිණෙනවා. ආචාර පෙළපාලියක් මෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙය සිද්ධ වෙනවා.:confused:
    58983725.jpg


    42784522.jpg

    රතු නිල ඇඳුමෙන් සැරසී වලස් තොප්පි පැළඳ සීරු මාරුවෙන් පැමිණෙන මුර භටයෝ බොහෝම තේජසින් තම රාජකාරියේ නිරත වෙයි.
    14917031.jpg


    මහජනයාටද රජගෙදර විවෘතය.:yes: එහි කාමර 775 කි. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 කි. නාන කාමර 78 කි. මාලිගය මීටර් 108 ක් දිගය. මීටර් 120 ක් පළලය. මීටර් 24 ක් උසය.:shocked::shocked:

    89583185.jpg

    64870458.jpg


    REP ++

    උපුටා ගැනීම :
    Code:
    http://www.danuma.lk
    Code:
    http://www.lankadeepa.lk

     
    Last edited: