බජට් පාටියට 500 කට ආසන්න ආරාධනා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත වීම නිමිත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරෙන සාදය හෙවත් බජට් පාටිය අනිද්දා (10 වැනිදා) කතානායක නිලනිවසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. මෙම සාදයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු,න් 225 දෙනාට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ටද ඇරියුම් කර ඇති බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් දැනටමත් කතානායක නිල නිවස සැරසීමේ කටයුතුවල නිරතව සිටින බවද කියැවේ.

    මෙම උත්සවයේ සැරසිළි කටයුතු වෙනුවෙන් දිවයිනේ සුප්‍රසිද්ධ මල් ව්‍යාපාරික සමාගමකින් රුපියල් ලක්ෂ ගණනක වටිනාකමකින් යුත් මල් සහ අනෙකුත් සැරසිළි උපාංග ඇණවුම් කර ඇති බවත්, කාර්යමණ්ඩලයේ අයද ඇතුළුව 700 දෙනකුට පමණ රාත්‍රී ආහාර ඇණවුම් කර ඇති බවත් වාර්තා වේ.

    කොවිඩ් වසංගතය තදබල ලෙසින් රටේ පැතිර යන මෙම අවස්ථාවේදී උත්සවයකට සහභාගි වන්නේ නම් ඒ 50 ත් 100 ත් අතර පිරිසක් පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නියම කර තිබේ. එහෙත් මෙම බජට් පාටියට 500 කට ආසන්න පිරිසක් ආරාධනා ලබා සිටින බවද දැනගන්නට තිබේ.

    Source: http://www.lankadeepa.lk/news/බජට්-පාටියට-500-කට-ආසන්න-ආරාධනා/101-583122

    1.PNG


    2.PNG
     
    • Haha
    Reactions: Anatha sinhalu

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇයිබන් මිනිස්සු මේ නිවුස් එකට අප්සැට් වෙලා තියෙන්නෙ. ධනාත්මකව හිතපල්ල. මේ සැරේ වත් දියවන්නාවෙන් ගුඩ් නිව්ස් එකක් ඒවි.

    තැන්ක් යූ සෑර්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයිබන් මිනිස්සු මේ නිවුස් එකට අප්සැට් වෙලා තියෙන්නෙ. ධනාත්මකව හිතපල්ල. මේ සැරේ වත් දියවන්නාවෙන් ගුඩ් නිව්ස් එකක් ඒවි.

    තැන්ක් යූ සෑර්
    උන් පැනිය නොබී වැක්සින් එක ගහගත්තාම තමයි සිංහලුන්ට ආයෙ රෙවෙන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හාල් අච්චරයි, පොල් මෙච්චරයි, වාහන නෑ.
    බහුතරෙක රස්සා කෙල වෙලා, ආදයම් නැති වෙලා

    අවුලක් නෑ බදු සල්ලි වලින් පිනට කන්න දෙමු
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    හැමොම තාලෙට ලස්සනට කියන්න

    බැසිල් ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
    සවුමිය සද සෙ.................................
    ඔබ නොදැක බැරුවා...........................
     
    • Haha
    Reactions: bestdivx