බටහිර සංස්කෘතියේ මම අකමැතිම දෙය

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේක පොදුවේ බටහිර කියලා කියන්න බෑ ඇමරිකා එක්සත් ජනපදය කියලා කිව්වනම් තමයි ගැලපෙන්නේ. අපි දන්නවනේ ඇමරිකාව කියලා කියන්නේ අධි පෞද්ගලිකවාදයක් සහිත රටක් කියලා ඉතින් ඇමරිකාවේ family values කියන එක හරිම අඩුයි. එහෙම කියන්නත් බෑ මොකද ට්‍රම්ප්ගේ ගතානුගතික ස්වභාවය නිසා පවුල සම්බන්ධයෙන් තියෙන්නේ හරිම සාම්ප්‍රදායික Approach එකක්. හැබැයි තවමත් පවුල් වටිනාකම් සීමා සහිතයි. උදාහරණයක් විදියට අවුරුදු 18 උනාම ගෙදරින් යන එක කියන්නෙත් අනවශ්‍ය වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම දික්කසාද ප්‍රමාණයත් වැඩි වෙලා තියනවා. ඒ වගේම දික්කසාද වෙච්ච දෙමව්පියන් ළමයින්ගේ මානසික සුවය ගැනවත් හිතන්නේ නැතුව Dating කරන්න පටන් ගන්නවා සහ අන්තිමේදි නැවත වෙන පිට මිනිස්සු එක්ක විවාහ වෙලා stepfamily හදාගන්නවා. දික්කසාදය කියන්නේ ළමයින්ව පීඩාවට පත් කරන දෙයක් එහෙම එකක් නිසා පීඩාවට පත් වෙන ළමයෙක්ට මදි වෙලා තියෙන්නේ තමන්ගේ ගෙදරට පිට මනුස්සයෙක්ව ගෙදර තියාගෙන ඉන්න.

    මේ නිසාම ඈමරිකාවේ මානසික සුවය ගොඩක් පිරිහිලා තියනවා.
     
    • Like
    Reactions: hasanka777