ලෝකෙට කියන්න ජොනී...ලෝකෙට කියන්න...ඒත් කවුද ඔයාව විශ්වාස කරන්නේ ?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    "ලෝකෙට කියන්න ජොනී.. ලෝකෙට කියන්න.. ඒත් කවුද ඔයාව විශ්වාස කරන්නේ ? මම පිරිමියෙක්, මම ගෘහස්ථ හිංසනයේ වින්දිතයෙක්. කියලා බලන්න.. කීදෙනෙක් ඔයාව විශ්වාස කරයිද කියලා.. කීදෙනෙක් ඔයාගේ පැත්තේ ගනීවිද කියලා"
    ලෝකයම කම්පනයට පත් කළ මේ හඬ පටය හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඔහුගේ පෙර බිරිඳ ඇම්බර් හර්ඩ් අතර පැවැත්වූ වන්දි නඩුවේදී අධිකරණයට ඉදිරිපත් වූවක්.
    මිලියන ගණනක රසික ආදරයට, ගෞරවයට පාත්‍ර වෙච්ච අපේ පරම්පරාවේ දක්ෂතම නළුවෙක් වෙන ජොනි ඩෙප් සහ ඔහුගේ පෙර බිරිඳ අතර ඩොලර් මිලියන 100ක වන්දි නඩුව ලෝකයේ දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක් වුනා.
    එම නඩුව සජීවීව විකාශය කෙරුනා. මිලියන ගණනක් මිනිස්සු අන්තර්ජාලය ඔස්සේ සජීවීව මේ නඩුව නැරඹූවා..
    මේ නඩුවට දීර්ඝ ඉතිහාසයක්, පසුබිමක් තිබුනා.
    ජොනි ඩෙප් ට ඇම්බර් හර්ඩ් හමුවෙන්නේ 2012 වසරෙදි. ඒ චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුරේදී. එවකට ජොනි ඩෙප් හොලිවුඩයේ ජනප්‍රියම සහ සාර්ථකම නලුවෙක්.
    "පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" චිත්‍රපටයේ 'කැප්ටන් ජැක් ස්පැරො' චරිතය, "චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි" චිත්‍රපටයේ 'විලී වොන්කා' චරිතය වගේ එකිනෙකට වෙනස් චරිත බොහෝමයක් නිසා ජොනි හොලිවුඩයේ සාර්ථකම නළුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම හිටියා.
    ඇම්බර් හර්ඩ් එවකට නැගී එන නිළියක්. ජොනී හමුවෙද්දි ඇය ජීවත් වුනේ ඇගේ එවකට පෙම්වතියත් එක්ක.
    ඉන්පසුව ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇති වුනා.
    මේ සම්බන්ධයේ ප්‍රධාන අරමුණ ජොනි ඩෙප් හරහා ඇම්බර් හර්ඩ් ජනප්‍රියත්වයක් ලඟා කර ගැනීම කියලා ඇතැම් රසිකයන් සහ ටැබ්ලොයිඩ් මාධ්‍ය කිව්වා.
    කොහොම වුනත් 2015 වසරේදී ඔවුන් විවාහ වෙනවා. හරියටම ඊට වසරකට පස්සේ 2016දී ඔවුන් දික්කසාද වෙනවා.
    අවාසනාවට ඔවුන්ගේ අවලස්සන සම්බන්ධය දික්කසාදයෙන් අවසන් වෙන්නේ නැහැ.
    දික්කසාඳයෙන් පස්සේ ඇම්බර් හර්ඩ් ඒ සඳහා හේතූ මාධ්‍යයට කියන්න පටන් ගත්තා.
    ජොනි ඩෙප් ආවේගශීලී මනුස්සයෙක් කියලත්, තමන් ඔහු අතින් පීඩාවට ලක් වුනා කියලත් ඇය මාධ්‍යයට කිව්වා.
    ඇය දිගින් දිගටම "තමන් ගෘහස්ථ හිංසනයේ ගොඳුරක් වූ හැටි" කියලා ප්‍රමුඛ පෙළේ පුවත්පත් වලට ලිපි ලියූවා.
    ඇය කාන්තා හිංසනය වෙනුවෙන් පෙනී සිටිනා නියෝජිතවරියක් ලෙසට තමන්ව හඳුන්වා දුන්නා.
    ලෝකයක් ආදරය කරපු, හොලිවුඩයේ ප්‍රධාන පෙළේ නළුවෙක් ඒත් සමගම කලු චරිතයක් විදියට ලේබල් වීමත් ඇරඹුනා.
    මේ වැඩෙන් ඇය බලාපොරොත්තු වෙන්න ඇත්තේ සමස්ත ලෝකයේම අවදානය සහ අනුකම්පාව තමන්ට දිනා ගැනීම.
    එතනදි ඇය සාර්ථක වෙනවා.
    අප ජීවත් වෙන ලෝකයේ ස්වභාවයෙන්ම කාන්තාවන්ට අනුකම්පාව හිමිවෙනවා වැඩියි.
    කාන්තාවක් කඳුළු පුරවගෙන කියන කතාවක් මිනිස්සු විශ්වාස කරන ඉඩ වැඩියි.
    ඒ කතාවම පිරිමියෙක් කිව්වත් සමාජයේම අනුකම්පාව සහ සැකයේ වාසිය හිමි වෙන්නේ කාන්තාවට.
    තමන්ව ආරක්ෂා කර ගැනීමට අපහසු, අනුකම්පාව සහ ආරක්ෂාව ලැබිය යුතු කොටසක් ලෙස කාන්තාවන් කෙරෙහි ඇඳී තිබෙන ප්‍රතිරූපය ඊට හේතු වෙන්න ඇති.
    කාන්තාවන්ගේ කඳුළු ඉස්සරහා, ඔවුන්ගේ චෝදනා ඉදිරියේ නිවැරදි පිරිමි පවා පහසුවෙන් සමාජයට වැරදිකරුවන් වෙන්න පුලුවන්.
    අපි ජීවත් වන ලෝකයේ කාන්තාවකට වින්දිතයෙක් වීමත්, පිරිමියෙකු පීඩකයෙක් කිරීමත් ඉතා පහසුයි.
    සමාජය කාන්තාව දිහා බලන්නේ අනුකම්පා සහගත ඇසකින්. ඔවුන් පිරිමියා කියවන්නේ වරප්‍රසාද ලත්, ශක්තිමත් පීඩකයෙකු ලෙසින්.
    ඇම්බර් හර්ඩ් දිගින් දිගටම මේ භූමියේ වාසිය ලබා ගනිමින් මාධ්‍ය ඉදිරියේ වින්දිතයෙකුගේ චරිතය රඟපෑවා.
    පොලිටිකලි කරෙක්ට් රැල්ලේ බටහිර මාධ්‍ය ඇය, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටනා වීරවරියක් විදියට ඉස්සුවා.
    කාන්තා අයිතිවාසිකම් සංවිධාන ජොනි ඩෙප්ට එරෙහිව අවි ඔසවාගෙන ඉදිරියට ආවා.
    ජොනි ඩෙප් ඔවුන්ගේ කතාවේ දුෂ්ඨයා වුනා.
    මේ අතරේ ලෝකයේම අනුකම්පාව දිනපු ඇම්බර් හර්ඩ්ට ජනප්‍රිය චිත්‍රපට චරිත ගලාගෙන ආවා.
    ඇක්වාමෑන් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය පවා ඇයට හිමිවුනා.
    අනිත් අතට ජොනි ඩෙප්ට ඔහුගේ රසිකයන් හැර සියලූම දේ අහිමි වෙමින් ගියා.
    ප්‍රධාන චිත්‍රපට සමාගම් සියල්ල ඔහු සමග ගිවිසුම් අහෝසි කළා.
    ඔහුට හිමිවිය යුතු "ෆැන්ටෑස්ටික් බීස්ට්ස්", "පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" චිත්‍රපට වලින් පවා ඔහු ඉවත් කළා.
    ඔහුට වෙළඳ දැන්වීම් ලබා දුන් සියලූම සමාගම් ඔහුව වර්ජනය කළා.
    හොලිවුඩයේ දක්ෂතම සහ ආකර්ෂණීයම නලුවෙක්, ඔහුගේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වය නොසලකා වසර ගණනක් චිත්‍රපටයක්, වෙළඳ දැන්වීමක් නොමැතිව ක්ෂේත්‍රයේ හුදෙකලා කෙරුනා.
    ජොනි ඩෙප්ගේ ලෝකය ක්‍රමයෙන් බිඳ වැටෙන්න පටන් ගත්තා. ඔහුට මාධ්‍ය, චිත්‍රපට, වෙළඳ දැන්වීම් සියල්ල අහිමි වුනා.
    නමුත් ඇම්බර් හර්ඩ් එතනින් නවතින්නේ නැහැ.
    ඇය ප්‍රසිද්ධ ඇමෙරිකානු පුවත්පතක යළිත් ගෘහස්ථ හිංසනය පිළිබඳ ලිපියක් පළ කරනවා. එහිදි තමන් ගෘහස්ථ හිංසනයේ ගොඳුරක් වූ හැටි ඇය යළිත් ලියනවා.
    මෙන්න මේ තීරණාත්මක මොහොතේදී ජොනී නිහැඬියාව බිඳිනවා.
    ඔහු එම ලිපියට විරුද්ධව මිලියන 100ක වන්දි නඩුවක් ඇම්බර් හර්ඩ්ට විරුද්ධව ගොනු කරනවා.
    මේ නඩුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විභාගය ආරම්භ වුනා. එය අන්තර්ජාලය ඔස්සේ සජීවීව ලෝකයටම විකාශය කෙරුනා.
    එහිදී ජොනි ඩෙප් පාර්ශවයේ නීතිඥයන් විසින් මින්පෙර දික්කසාඳ නඩුවට හෝ බ්‍රිතාන්‍ය පුවත්පත් වලට එරෙහි නඩු වලට ඉදිරිපත් නොකළ සාක්ෂි රැසක් අධිකරණයට ඉදිරිපත් කරනවා.
    ඉහත හඬපටයත් එවැනි සාක්ෂියක්.
    ජොනි මුල්ම වතාවට අධිකරණයට, මාධ්‍යයට, ලෝකයට නිරාවරනය කරපු මේ සාක්ෂි ලෝකයම වික්ෂිප්ත කරවන කතාවක් කියනවා.
    පීඩක කාන්තාවක් කඳුලු වලින් හදාගත්තු "පීඩිත වෙස් මුහුණක්" ලෝකයටම නිරාවරනය වෙනවා.
    ජොනි - ඇම්බර් අමිහිරි විවාහ ජීවිතය තුල සැබෑම මානසික සහ ශාරීරික පීඩාවන්ට ලක් වී තිබුනේ ඇම්බර් හර්ඩ් බිරිඳ නොව ජොනී ඩෙප් සැමියා බව මේ සාක්ෂි ලෝකයට කියනවා.
    ඇම්බර් හර්ඩ්, ජොනීට පහර දෙන හැටි ඒ සාක්ෂි වල සටහන් වෙලා තිබුනා.
    වරක් ඇය වොඩ්කා බෝතලයකින් ඔහුට පහර දෙනවා. ඒ පහර දීම ඔහුගේ ඇගිල්ලක් වෙන් වීමට තරම් දරුණු වුනා.
    ඇය සියදිවි නසා ගැනීමේ තර්ජන කරලා ඔහු බිය වද්දන හැටි, ජොනී මානසිකව සහ ශාරීරිකව අතිශය පීඩාවට ලක් කරපු හැටි ඒ සාක්ෂි වල තිබුනා.
    ඇම්බර් හර්ඩ්ගේ පීඩාකාරී මානසීක තත්ත්වයන් සහ ඇයගේ රෝග ඉතිහාසයන් වෛද්‍ය සාක්ෂි වලින් ලෝකයට හෙළිවුනා.
    ඇම්බර් හර්ඩ්ගේ පෙර පෙම්වතියත් ඇයගේ හිංසාකාරී ඇවතුම්, පැවතුම් හෙළිකළා.
    එපමණක් නොවෙයි, ඔවුන්ගේ විවාහය පැවති කාලසීමාව තුල ඇම්බර් හර්ඩ්ට, ලොව ප්‍රමුඛ ධනවතෙකු වන ඊලෝන් මස්ක් සමග අනියම් සබඳතාවයක් පැවතී තිබුනා.
    ඊලෝන් මස්ක්, ජොනි ඩෙප්ගේ නිවෙසටම ඇවිල්ලා ඇම්බර් හර්ඩ් හමුවෙලා තිබුනා.
    ඒ බවත් අධිකරණය ඉදිරියේ හෙළිවුනා.
    මින්පෙර පැවති නඩු විභාග වලදි ඊලොන් මස්ක්, ප්‍රසිද්ධියේ ඇම්බර් හර්ඩ් පාර්ශවයට සහය දැක්වූවා.
    එයට හේතුවත් මේ නඩුවෙදි පැහැදිලි වුනා.
    ඒ සියල්ල මේ සාක්ෂි වල තිබුනා
    සැබැවින්ම ජොනි - ඇම්බර් අමිහිරි විවාහය පැවැති කාලය පුරාම ගෘහස්ථ හිංසනයේ පීඩිතයා වී තිබුනේ ජොනි ඩෙප්.
    එනමුත් සමාජය පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙනවා වගේම ඔහු ඒ අමිහිරි මතක සියල්ල තනිව දරාගෙන, මාධ්‍යයෙන් වසන් කරගෙන ඉදලා තිබුනා.
    හරියට ලෝකය හඳුන්වන "සැබෑ මහත්මයෙකු" විදියට ඔහු, තමන්ට සියල්ල අහිමිව යද්දිත්, තමන් ලෝකයට දුෂ්ටයෙක් වෙද්දිත් නිහඬබව ආරක්ෂා කරලා තිබුනා.
    අවසානයේ ජොනි ඩෙප් නඩුව ජයගත්තා.
    ලෝකයක් ඉදිරියේ, ඔහුව හංවඩු ගැසූ මාධ්‍ය ඉදිරියේ, ඔහු වෙනුවෙන් පෙනී සිටි රසිකයන් ඉදිරියේ ඔහු නිර්දෝෂි බව හෙළිවුනා.
    ඇම්බර් හර්ඩ් සිදු කරපු වංචාව, රඟපෑම පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු වුනත් ජොනි ඩෙප්ට සිදු කළ තරමේ හුදෙකලා කිරීමක් ඇයට සිදුවුනේ නැහැ.
    එනමුත් වඩා වැදගත් මහජන වේදිකාවේදි ඇය ප්‍රතික්ෂේප වී අවසන්.
    මේ නඩුව ඓතිහාසික නඩුවක්.
    ජොනි ඩෙප් සටන් කළේ ඔහු වෙනුවෙන් පමණක් නොවෙයි.
    ලෝකයක් අතහරිද්දි ඔහුව විශ්වාස කරපු, ඔහුට ආදරය කරපු රසිකයන්ට ඔහු සාධාරණය ඉටු කළා.
    ඔහුගේ සටනින් සැකයේ වාසියෙන් අසාධාරණයට ලක් වෙන සමස්ත පිරිමි ප්‍රජාවම නියෝජනය වුනා.
    මෙතෙක් සමාජයේ අවදානයට ලක් නොවුනු, කතාබහට ලක්නොවුනු ප්‍රශ්නයක් ඔහු කරළියට ගෙනාවා.
    ඒ අර්ථයෙන් මේ නඩුව ඓතිහාසික නඩුවක්.
    ඉතින් මම ඔබට යෝජනා කරනවා.
    සමාජය ඉදිරියේ වින්දිතයෙක් වීමට උත්සාහ කරන, වෙනත් අයෙකු පීඩකයෙක් ලෙස පෙන්වීමට උත්සාහ කරන, අතවර චෝදනා ඉදිරිපත් කරන චරිත එක්වරම විශ්වාස කරන්න එපා.
    ඇතැම් විටෙක සත්‍ය, හාත්පසින්ම වෙනස් දෙයක් වීමට ඉඩ තියෙනවා.
    ජොනී ඩෙප් - ඇම්බර් හර්ඩ් සිදුවීමෙන් අපිට උගන්වන පාඩම එයයි.
    - ඉරේෂාන් සිරිවර්ධන -
    2023.04.25
     
    • Like
    Reactions: Asmodeus