අඩෝ මේක කියපන් කවුරුහරි මගෙත් දැන් කොරෝනා කාලෙම ගෙදර ඉදන් කාලා කාලා බඩ ඇවිල්ලා මූණත් මහත් වෙලා ලුක් එකට හිකම වෙලා තියෙන්නෙ

කොහොම හරි මේ ඇගේ තෙල් තට්ටුව බඩ බස්සලා ආය ගැම්මට ඉන්න ඕන.දැන් නොවැම්බර් ඉදන් ජිම් යන්න පටන් ගන්න ඉන්නෙ.මට ඕනතරං වෙලා මහන්සි වෙලා එක්සයිස් කරන එක අවුලක් නෑ.හැබැයි ඩයට් කරනවා කියලා බඩගින්නෙ නහින්න නං බෑ

රසට බඩ පිරෙන්න කන ගමන් බඩ,බර & තෙල් තට්ටුව අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? ෆැට් බර්න් එකක් සිංහල බෙහෙත් අරං හරි කමක් නෑ
එක්කො බරත් අඩුවෙන හැබැයි බඩ පිරෙන්න රසට කන්න පුලුවන් වෙන ඩයට් ප්ලෑන් එකක් කියන්න පුලුවන්ද කාටහරි? බත් පිටි කෑම සම්පූර්ණයෙන් නවත්තලා චිකන් තයිස්/බ්‍රෙස්ට් + චීස් + එලවලු චොප්සි චිකන් සුප් මුං ඇට කවුපි කඩල පලතුරු ඔන්න ඔයවගේ කෑම දාල හදපු.ගූගල් කරාම එන ඩයට් ප්ලෑන් වල තියන උට්ටවල් මේ බුවාලන්තෙ ප්‍රැක්ටිකලි කරන්න බෑනෙ.කෑමට වියදම් කරන්න පුලුවන් ඒක අවුලක් නෑ.වෙන්න ඕන එකම දේ බඩගින්නෙ විදවන්නැතුව රසට බඩ පිරෙන්න කන්න පුලුවන් වෙන්න ඕන ජිම් ගිහිල්ලා එක්සයිස් කරන්න පණ තියෙන්නත් ඕන බඩ,බර තෙල් තට්ටුව අඩු වෙන්නත් ඕන.අන්න ඒවගේ ඩයට් පෑල්න් එකක් දෙන්න පුලුවන්ද කාට හරි.ලොකු උදව්වක් පුලුවන්නම්