බඩට කිස් දීම
මිණිපේ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කරන කාලයේදී මම ගැමියන් ගේ සිරිත් විරිත් අධ්‍යනය කලෙමි. ඔවුන් ගේ සමහර සිරිත් විරිත් අපූරුය.
මේ ප්‍රදේශ වල ගැමියන් බොහෝ දෙනෙකු ගොවීන් ය. ඔවුන් අලස සහ හවසට කසිප්පු රා බොන කොටසක් වූවද ඉතා කරුණාවන්ත මෙන්ම හි ෙෙතෂී මිනිසුන් වූහ. මම ඔවුන් ගේ මරණ ගෙවල් වලට ගිය විට ඔවුන් මේ අපේ ඩී.එම්.ඕ මහත්තයා නේ කියා සාදරයෙන් පිලිගනිති. රා හෝ කසිප්පු සප්පායම් වී සිටින ගැමියෝ අපේ රත්තරං මහත්තයා කියා මගේ බඩට කිස් දෙති.
බඩට කිස් දීම මට මුල් කාලයේදී අමුතු මෙන්ම නුහුරු අත්දැකීමක් විය. මේ ගැන මම රෝහලේ සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතා ගෙන් විමසූ විට ප්‍රේමරත්න මහතා කීවේ බඩට කිස් දීම ඔවුන් ලෙන්ගතුකම , ගෞරවය මෙන්ම ආදරය පෙන්වන සංකේතයක් කියාය. මේ හැර ඔවුන් අත් දෙක එකතු කොට ආයුබෝවන් කීවේ අමුතු ආකාරයකටය. දෑත් එක් කොට ආයුබෝවන් කියන ගමන් කකුල් මෙන්ම කඳ ද අමුතු ආකාරයකට පහත් කරති.
මේ ප්‍රදේශය ඩී. එස් සේනානායකලා විසින් ඇති කල ගොවි ජනපදයකි. මේ කලාපයට ලංකාවේ සතර දෙසින් මිනිසුන් ආහ. ඔවුන් අතර වෙනස්කම් බොහෝ තිබුනි. කුල භේධය පෙනෙන්නටම තිබුනේය.
මුදියන්සේ නම් වියපත් ගැමියා ඉඳ හිට මා හමු විටදී සංවාදයේ යෙදෙයි. මගේ නම ආර් එම් ජයතුංගය. " සෑර් ආර් එම් කියන්නේ රත්නායක මුදියන්සේලාගේද ? කියා ඔහු වරක් ඇසුවේය. මම නැතැයි කීවෙමි. ඉන්පසු ඔහු මගේ ගම් ප්‍රදේශය , දෙමාපියන් ගේ නාම , ඔවුන් ගේ ගම් පලාතවල් ඇසීය.
අපගේ නම් වලට පෙර ඇහැලේපොල වික්‍රමසිංහ මුදියන්සේලාගේ කියා කෑල්ලක් තිබේ. මා මෙය භාවිතා නොකරන නමුදු මාගේ සහෝදරයන් කිහිප දෙනෙකු මේ ගේ නම භාවිතා කරන අතර ඔවුන් ගේ ළමුන්ටද ඇහැලේපොල වික්‍රමසිංහ මුදියන්සේලාගේ මුල් නාමය තිබේ. මාගේ දෙමාපියගේ මුල් ගම් මාතලේ සහ හඟරන්කෙතය. මේ විස්තර ඇසීමෙන් පසු මුදියන්සේ " සෑර් අපේ ඤාතියෙක්" කියා කීවේය. පසුව ඔහු ගමේ ඩී.එම්.ඕ මහත්තයා මගේ ඤාතියෙක් කියා කියන්නට විය.
වරක් මුදියන්සේ මා වෙත පැමිණ සෑර් අරූ කරාවේ, මූ රදා, අර ඇළ ලඟ ගෙදර ඉන්න සීබට් හකුරු , මාතරිං ආපු කළු මුදලාලි දුරාවේ ආදී වශයෙන් ඔහුගේ අසල්වාසීන් ගේ කුළ මළ කියන්නට විය. එදින මා ඔහුට වසල සූත්‍රයේ මූලික කොටස් කියා දී පිටත් කලෙමි. ඉන්පසු මුදියන්සේ අන්‍යන් ගේ කුළ මළ මට කියා දෙන්නට නාවේය.
ගොවියෙකු වූ සමරකෝන් බණ්ඩාද අපූරු පුද්ගලයෙකි. ඔහුට බෙහෙත් කොටන තුවක්කුවක් තිබේ. මාගේ ඇල්සේෂන් බල්ලා වූ රිංගෝ කැටුව දඩයමේ යමු කියා වරක් ඔහු යෝජනා කලේය. එහෙත් කැලෑ වල බඳින තුවක්කු තිබෙන නිසා මම ඊට අකමැත්ත පල කලෙමි. මසකට වරක් කඳන් තුවක්කු පත්තු වී ළමුන් , මිනිසුන් රෝහලට එති.
සමරකෝන් බණ්ඩා ඉඳ හිට රා අඩියක් ගසා ගොම්මන් වෙලාවේ මා හමු වීමට එයි. මාගේ නවාතැනේ සිමෙන්ති පඩිය උඩ වාඩිවී ඔහු කතන්දර සීපද කියයි.
" සෑර් දන්නවද බුදුහාමුදුරුවෝ බවර් කොම්පැනිය ගැන කියලා තියනවා ? සමරකෝන් බණ්ඩා මගෙන් අසයි.
කෘමි නාශක වල් නාශක මේ පලාතේ මිනිසුන් ගේ ජීවිත වලට බද්ධ වී තිබේ. පෙම් හබ ගෙදර දොරේ ගැටුම් නිසා කෘමි නාශක පානය කොට ගැහැණුන් , මිනිසුන් රෝහලට එති. ඔවුන්ට වමනය කරවීමට පෙර පිරිමින්ට නම් කම්මුලට දෙකක් දීමට අපගේ රෝහලේ ඇටෙන්ඩන්වරු පුරුදුව සිටියෝය. අනාදිමත් කාලයක පුරා පැවත ගෙන එන මේ චාරිත්‍රය මම තහනම් කලෙමි. මේ නිසා ඇටෙන්ඩන් වරු වස බී එන රෝගීන්ට පහර දුන්නේ මා අහලකවත් නොසිටින බව ප්‍රත්‍යක්‍ෂ කර ගෙනය.
" බුදුහාමුදුරුවෝ බවර් කොම්පැනිය ගැන කියලා තියනවා" සමරකෝන් බණ්ඩා මදෙස බලා කියයි. බලන්ට සෑර් සබ්බේ තියෝ විවජ්ජන්තූ… සබ්බ රෝගෝ විනස්සතූ…. මාතේ භවතු අන්තරායෝ… සුඛී දීඝායු කෝ බවර් . බුද්ධ ඥානෙට බවර් කොම්පැනියත් පෙනුනා සෑර්.
සමරකෝන් බණ්ඩා දොඩන අතර සැඩපිච්චේ නම් මුස්ලිම් ගොවියා මෙන්ම වෙලෙන්දා මා සොයා එයි. සැඩපිච්චේ මුදලාලි කියා මම ඔහුව අමතමි. ඔහු නිවසේ බත් පැකට් සාදා විකිණූ අතර මම ඔහුගෙන් කෑම ගත්තෙමි.
වරක් මාගේ මිතුරන් පිරිසක් කොලඹ සිට ආවෝය. ඔවුන්ට රාත්‍රී ආහාරය සඳහා මම සැඩපිච්චේ මුදලාලි ගෙන් ආහාර ඇණවුම් කලෙමි. ඔහු ඉතා රසවත් බාබත් කරියක් සමග බත් ගෙන ආවේය. කොලඹ සිට ආ මිතුරන් විස්කි ජින් , බ්‍රැන්ඩි ගෙනැවිත් තිබූ අතර ඔවුන් පාවිච්චියක් නැතැයි කියූ සැඩපිච්චේ මුදලාලිටද ඩ්‍රින්ක්ස් ඔෆර් කලේ මගේ විරෝධතාවද මායිම් නොකරමිනි. සැඩපිච්චේ මුදලාලි ජින් , බ්‍රැන්ඩි විස්කි මේ හැම වර්ගයක්ම බීවේය. රාත්‍රී එකොලහ පමණ වන විට සැඩපිච්චේ මුදලාලි කුණාටුවට අසුවූ උණ ගසක් මෙන් වැනෙන්නට විය.
" සෑර් පරක්කු උනා මම දැන් යන්ට ඕනේ " මෙසේ කියා සැඩපිච්චේ මුදලාලි මගේ බඩට කිස් එකක් දී ටෝච් එකද අතින් ගෙන ඝන අන්ධකාරයේ ගුරු පාරෙන් ඉවතට පැන අර්නෝලිස් ගේ කුඹුර හරහා යන්නට විය.
" අඩෝ අන්න උඹේ මුදලාලි ටෝච් එක අල්ලගෙන යන්නෙ වැරදි විදිහට " කියා ගම්පහ රෝහලෙන් පැමිනි මගේ වෛද්‍ය මිතුරෙක් ඈතින් යන ගැමියා පෙන්වා කීවේය.
මම එදෙස බැලුවෙමි. වෙරි මරගාතේ සැඩපිච්චේ මුදලාලි තමන් ගේ බඩවත දෙසට විදුලි පන්දම එල්ල කරගෙන අර්නෝලිස් ගේ කුඹුර දෙබෑ කරගෙන යයි. ඒ දෙස බැලූ මටද සිනා පහළ විය.
පසු දින උදෑසන අර්නෝලිස් මගේ නවාතැනට විත් දොරට තට්ටු කලේය. මගේ මිතුරෝ සාලයේ මෙට්ට එලා ගෙන නිදති. මම දොර යන්තමින් ඇරියෙමි.
" බලන්ඩ සෑර් ඊයේ රෑ අලි කුඹුරට වැදිලා ගොයම පාගලනේ " අර්නෝලිස් මට කීවේය.
මම අසීරුවෙන් සිනහව තද කරගෙන ඔහුගේ මැසිවිල්ලට සවන් දුන්නෙමි.
තම ගොයම පෑගූ අලියා සැඩපිච්චේ මුදලාලි බව අර්නෝලිස් දැන ගත්තේ නම් සිදු වීමට තිබුනේ මහත් ජංජාලයකි. මම මිණිපේ ප්‍රදේශයෙන් එන තෙක් මෙම රහස එළි නොකලෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
http://transyl2014.blogspot.com/