බඩයෑම... කොහොම ද? සැපයිනේ ද?

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
බඩයෑම... කොහොම ද? සැපයිනේ ද?

ආපු දවසේ ඉදන් වල්පල් දැම්ම මිසක් වැඩකට ඇතිදෙයක් දැම්මෙ නෑනේ. :P පහුගිය දවස්ටිකේ ගං වතුරත් ආපුනිසා වැඩියෙන්ම හැදෙන ලෙඩක් ගැන දාන්න හිතුනා. බඩයෑම... :D කොහොමද? සැපයිනේද යන්න ගත්තම. ආයේ මොන කථාද? හරියට සෙට් උනොත් ඉතින් පුකේ ඇබයක් ගහලා වත් නවත්තන්න බෑ. :sorry: උබලා නිකන් හරි ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගියොත් පොඩ්ඩක් බලපන් ඩොකා දීල තියෙන්නේ නවතින්නද නැත්නම් තව යන්නද කියලා. මට දවසක් දුන්නබන් යන්නම. :sorry: කියලා වැඩක්නෑ සැප... :angry: ඩොකාට කිව්වෙ නිවාඩු නෑ නවතින්න දෙන්න කියලා. මූයන්නම දීල බන්. :baffled: මට දැන් හෙනම අවුල් ඇයි යකෝ බෙහෙත් අරගෙනත් නවතින් නැති වුනාම? :confused:

දැන් දවස් දෙකයි. හවස පුකේ හිලට බේබි ක්‍රීම් ටිකකුත් උලාගෙන (ඇයි යකෝ දැවිල්ලයි හෙනගහන්න වගේ) ගියා ඩොකා හම්බ වෙන්න. මූට සීන් එක කිව්වම මූකියපි තොපිට ගිහිල්ලා හොඳ වෙන්න දුන්නෙ කියලා.. :growl: එකක් විතරක් වෙනස්කරලා ඒ ටිකම බොන්න දුන්නා. :oo: මල හත්ඉලව්වේ මූගෙ මෑනියන්ට හැමිනෙන්න, ඕන පුකක් වෙච්ඡාවේ කියලා ගැව්වා ක්‍රීමි රාජ ගුලි දෙකක්. අඩෝ කියලා වැඩක්නෑ බන් දෙවේල ගන්නකොට බෙටි බැක්ටු නෝමල් බන්. :D දැනුන සනීපේ... :lol: එදැයින් පස්සේ ඉතින් සිංහල බෙහෙත්ම තමා. ;)

----------------------------------------------------------------------------------

----------------------------------------------------------------

----------------------------------------

-----------------------

------------

:D :D :D :D

හැඳින්වීම

සාමාන්‍ය ප්‍රමාණයට වඩා ජලය සහිත දියාරු මළ දිනකට දෙවතාවකට වඩා හෝ කෙනෙකුට සාමාන්‍යයෙන් පුරුදු වාර ගණනට වඩා වැඩි වාර ගණනක් පිටවීම ‘පාචනය’ ලෙස හඳින්වේ. බො‍හෝ රෝගීන්ට මෙම තත්වය දින කීපයකින් සුව වන අතර සමහරුන් මීට වැඩි කාලයක් පැවතිය හැක. පාචනය නිසා ඇතිවිය හැකි ප්‍රධාන අනතුරු විජලනය වීමයි. ලේ සහ සීදම් සහති මළ පිටවේ නම් එය දරුණු තත්ත්වයකි. මෙය ‘ලේ අතීසාරය’ ලෙස හැඳින්වෙන අතර එය වෙනම මාතෘකාවක් යටතේ දක්වා ඇත.

රෝග කාරකය

රෝග කාරක බොහොමයක් පාචනය ඇති කරයි. මේවා අතර ශ්‍රී ලංකාවේ වඩාත් බහුල රෝටා වෛරස් ආසාධනයයි. මීට අමතරව ඊ. කෝලයි, සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා. එන්ටැමීබා වැනි ප්‍රෝටසෝවන් හා කස පණුවන් ‍මගින් ද පාචනය ඇති වේ.

ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු

නිරෝගී කෙනෙකුගේ ශරීරයට පාචන රෝග කාරක ජීවීන් ඇතුල්වන්නේ මුඛය හරහාය. අපිරිසිදු ආහාර ගැනීමෙන්. අපිරිසිදු ජලය බීමට ගැනීමෙන්. මැස්සන් වැනි කෘමීන් හරහා හරහා සහ අපිරිසිදු අත් නිසා මෙසේ ඇතුල්විය හැක. මෙම රෝගකාරක විෂබීජ සහ ඔවුන් පිටකරන විෂ ද්‍රව්‍ය නිසා අන්ත්‍ර වල ඇතුල් බිත්තිය තුවාල වේ . එමගින් ජලය හා ලවණ විශාල ප්‍රමාණයක් මළ සමග පිටවී විජලනයට මග පාදයි.

රෝග ලක්ෂණ
දියාරු මළ දිනකට වැඩි වාර ගණනක් පිටවීම සමග වමනය, බඩේ කැක්කුම සහ උණ ඇතිවිය හැක.

විජලනයේ රෝග ලක්ෂණ නම් -

  • අධික පිපාසය.
  • තොල්, කට වියළීම.
  • මුත්‍රා පහවීම අඩුවීම.
  • අඩන විට කඳුළු නැතිවීම.
  • ලදරුවන්ගේ හිසෙහි ‘තෙල් වල’ නම් වන මෘදු ප්‍රදේශය අතුළට ගිලීම.
  • සමේ ඇදෙන සුළු භාවය නැතිව ගොස් රැළි වැටුණු ස්වභාවයක් ඇතිවීම.
විජලනය දරුණු ලෙස ඇති වූ විට රෝගියා නොසන්සුන් වීම හෝ අප්‍රාණික වේ. හුස්ම ගැනීම වේගවත් වන අතර අත්පා සීතල වේ. සිහිමද ගතිය, නිදිබර ගතිය ද ඇති වේ. මෙම රෝග ලක්ෂණ පහළ වීමට පෙර ඉක්මණින් රෝහලක් වෙත යාම සුදුසු ය.

සංකූලතා - විජලනය - පාචනයේදී ජලය හා ලවණ විශාල ලෙස පිටවන නිසා

  • මන්ද පෝෂණය - ආහාර රුචිය අඩුවන නිසාද, සමහර දෙමාපියන් දරුවාට ආහාර දීමෙන් වළකින නිසා ද දරුවාගේ පෝෂණ තත්ත්වය දුර්වල වේ.
  • මරණය - උග්‍ර ලෙස විජලනය වූ විට හා ලේ අතීසාරය නිසා ශරීරයට ඇතුල්වන විෂ නිසා මෙසේ විය හැක.

ප්‍රතිකාර

දියරමය පාචනය ඇති වූ විට ශරීරයෙන් පිටවන ජලය හා ලවණ නැවත ලබාදීම තුළින් විජලනයෙන් වැළකිය හැක. දිගටම මව්කිරි දීමත්, පහසුවෙන් දිරවිය හැකි පෝෂ්‍ය ආහාර දිගටම ලබාදී පෝෂණ තත්ත්වය රැක ගැනීමත් වැදගත් වේ. දරුවාට බත් කැඳ, පොරි කැඳ, යෝගට්, ආනමාළු වැනි දේ සාමාන්‍ය ආහාර වේලට අමතරව දීම යෝග්‍ය වේ. ළදරු පිටිකිරි දෙනවා නම් එය සාන්ද්‍රණය අඩක් වනසේ සකසාගත යුතුය.

දරුවාට දියර වර්ග වැඩිපුර ලබාදිය යුතුය. තැඹිලි / කුරුම්බා වතුර, සුප්, කැඳ, දෙහි යුෂ යනාදිය සුදුසු ය. අධික සීනි සහිත කෘතිම බීම වර්ග සුදුසු නැත. එමගින් පාචන තත්ත්වය වැඩිවේ. සමහර මව්වරුන් පාචනය ඇතිවිට දරුවාට කිසිදු ආහාරයක් නොදේ. නමුත් පාචනය ඇති විට මන්ද පෝෂණයෙන් වැළකීම සඳහා ආහාර දිය යුතුය. වරින් වර කුඩා ප්‍රමාණ වලින් ආහාර දීම සුදුසුය. තෙල් බහුල, කෙඳි සහිත හෝ බර ආහාර දිරවීමට අපහසු නිසා සුදුසු නැත. පාචනය සුව වූ පසුවද සති දෙකක් පමණ යන තෙක් වැඩිපුර ආහාර වේලක් දරුවාට ලබාදීමෙන් මන්ද පෝෂණ තත්ත්වයට යාම නැති කරගත හැක. පාචනය ‍පවතින විට ශරීරයෙන් බැහැර වන ජලය හා ලවණ නැවත ලබාදීම සඳහා ‘ජීවනී’ දිය හැක. සාමාන්‍යයෙන් විශේෂ පරීක්ෂණ අවශ්‍ය නොවන අතර ඇතැම් විට ප්‍රතිකාර වලට උපකාරී වීම සඳහා මළ පරීක්ෂණය කළ යුතුය.

ජීවනී පිළියෙළ කිරීම හා පාවිච්චි කිරීම

ජීවනී පැකට්ටුව සම්පූර්ණයෙන්ම බීමට ගන්නා පිරිසිදු ජලය ලීටරයක (එනම් අලියා බීම බෝතල් 2 ½ ක ) දිය කළ යුතුය. මෙසේ සාදාගත් ජීවනී මිශ්‍රණය පැය 24 ක් භාවිතා කළ හැක. ඊට පසුව ඉතිරිය ඉවතලා අවශ්‍ය නම් අළුත් පැකට්ටුවක් ගෙන නැවත සාදාගත යුතුය. ලදරුවන්ට හා කුඩා දරුවන්ට හැන්දකින් ජීවනී පෙවිය යුතුය. ළමුන්ට පිරිසිදු කෝප්පයකින් ටික ටික බීමට සලස්වන්න. දරුවාට තිබහ ඇති විට සහ මළ පහ වූ පසු දෙන්න. වමනය යයි නම් ටික වේලාවක් සිට නැවත පොවන්න. දරුවා නිදි විට හෝ සිහිය නැති නම් ජීවනී නොපෙවිය යුතුය.

පාචනය නවත්වන ඖෂධ හෝ ප්‍රතිජීවක දියරමය පාචනය සඳහා අවශ්‍ය නොවේ.

රෝගය වලක්වා ගැනීම

  • සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම - විශේෂයෙන් ආහාර පිළියෙළ කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් පසු.
  • උතුරා නිවාගත් පිරිසිදු ජලය පානය කිරීම.
  • පිළියෙල කළ ආහාර මැස්සන් හා කැරපොත්තන් වැසීම වැළැක්වීම සඳහා වසා තබන්න.
  • අමු එළවළු, පලතුරු, පලා වර්ග හොඳින් සෝදා ආහාරයට ගන්න.
  • සෑම විටම වැසිකිළියක් භාවිතා කරන්න. දරුවන්ගේ මළ වැසිකිළියටම දමන්න.
  • එන්නත් භාවිතය - සරම්ප ප්‍රතිශක්තිකරණය මගින් සරම්ප සෑදුණු විට ඇතිවිය හැකි පාචනයෙන් වළක්වා ගත හැක. තව ද පෞද්ගලික අංශයේ ඇති ‘රොට්රික්ස්’ නම් එන්නත මගින් රෝටා වෛරසය නිසා වැළදෙන පාචනයෙන් දරුවා වළක්වා ගත හැක.

කර්තෘ - වෛද්‍ය ශාමිලා සමරනායක

කොමෙන්ටු කොටන්න වැඩිය එන්න වෙන්නෑ පුලු පුලුවන් වෙලාවට සෙට් වෙන්නම් :rolleyes:

Last edited:
ආපු දවසේ ඉදන් වල්පල් දැම්ම මිසක් වැඩකට ඇතිදෙයක් දැම්මෙ නෑනේ. :P පහුගිය දවස්ටිකේ ගං වතුරත් ආපුනිසා වැඩියෙන්ම හැදෙන ලෙඩක් ගැන දාන්න හිතුනා. බඩයෑම... :D කොහොමද? සැපයිනේද යන්න ගත්තම. ආයේ මොන කථාද? හරියට සෙට් උනොත් ඉතින් පුකේ ඇබයක් ගහලා වත් නවත්තන්න බෑ. :sorry: උබලා නිකන් හරි ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගියොත් පොඩ්ඩක් බලපන් ඩොකා දීල තියෙන්නේ නවතින්නද නැත්නම් තව යන්නද කියලා. මට දවසක් දුන්නබන් යන්නම. :sorry: කියලා වැඩක්නෑ සැප... :angry: ඩොකාට කිව්වෙ නිවාඩු නෑ නවතින්න දෙන්න කියලා. මූයන්නම දීල බන්. :baffled: මට දැන් හෙනම අවුල් ඇයි යකෝ බෙහෙත් අරගෙනත් නවතින් නැති වුනාම? :confused:

දැන් දවස් දෙකයි. හවස පුකේ හිලට බේබි ක්‍රීම් ටිකකුත් උලාගෙන (ඇයි යකෝ දැවිල්ලයි හෙනගහන්න වගේ) ගියා ඩොකා හම්බ වෙන්න. මූට සීන් එක කිව්වම මූකියපි තොපිට ගිහිල්ලා හොඳ වෙන්න දුන්නෙ කියලා.. :growl: එකක් විතරක් වෙනස්කරලා ඒ ටිකම බොන්න දුන්නා. :oo: මල හත්ඉලව්වේ මූගෙ මෑනියන්ට හැමිනෙන්න, ඕන පුකක් වෙච්ඡාවේ කියලා ගැව්වා ක්‍රීමි රාජ ගුලි දෙකක්. අඩෝ කියලා වැඩක්නෑ බන් දෙවේල ගන්නකොට බෙටි බැක්ටු නෝමල් බන්. :D දැනුන සනීපේ... :lol: එදැයින් පස්සේ ඉතින් සිංහල බෙහෙත්ම තමා. ;)

මචං ක්‍රිමිරාජ වලට අපේ අම්මගෙ බඩේ අමාරුව වරුවෙන් හොඳ වුණා. :shocked::shocked: ඒකම හැදුන දොස්තර ඉස්කෝලෙ ඉගෙනගන්න කෙල්ලෙක්ට සතියක් ගියා හොඳ වෙන්න කඩු (ඉංග්‍රීසි) කෙමිකල් (බේත්) වලින් :rofl::rofl:. කොහොමද පවර් එක ? :cool::cool::cool:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ක්‍රීමි රාජ වෙදමහත්තයා විසින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලදි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,844
    113
    මෙන්න ඕකට බෙහෙත..ෆාමසිවල තියෙනවා.

    can-i-give-my-dog-imodium.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,844
    113
    ක්‍රිමිරාජත් නියමයි බඩේ අමාරුවට.මොනා දාලා හදනවද මන්දා..බිව්ව ගමන් හොද වෙනවා.
     
    මෙන්න ඕකට බෙහෙත..ෆාමසිවල තියෙනවා.

    can-i-give-my-dog-imodium.jpg

    ඕකට වරුවෙන් හොඳ වෙන්නෙ නෑ. අඩුම ගාණේ දවස් දෙකක් වත් යනවා. අනිත් එක ක්‍රිමිරාජ වලට වගේ ඇඟට ෆිට් එකක් එන්නෙත් නෑ.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    p-guli.jpg

    අඩේ මේකද කිරීමි රාජ් කියන්නේ ?
    බලපන්කො මගේ කෙල්ල campus එකේදී මොනවද කාල hospital එකේ බන් තව 3න් දෙනෙක් එක්ක. වමනේ උන පාචනය තියෙනවා බන් දැන් හොස්පිටල් එකෙන් සේලයින් එහෙම දෙනවා ඊයේ තමයි වෙලා තියෙන්නේ. :sorry::sorry::sorry::sorry:

    මචන් මේකට අනිවා හොඳ වෙනවද ?
    මේක ගන්නේ කොහෙන්ද ?
    PLS හෙල්ප් මචන්ලා
     
    ඕකෙ ඇතුලෙ තියෙනවා කොළයක් , ඒකෙ කියල තියෙන විදියට දීපං. ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    p-guli.jpg

    අඩේ මේකද කිරීමි රාජ් කියන්නේ ?
    බලපන්කො මගේ කෙල්ල campus එකේදී මොනවද කාල hospital එකේ බන් තව 3න් දෙනෙක් එක්ක. වමනේ උන පාචනය තියෙනවා බන් දැන් හොස්පිටල් එකෙන් සේලයින් එහෙම දෙනවා ඊයේ තමයි වෙලා තියෙන්නේ. :sorry::sorry::sorry::sorry:

    මචන් මේකට අනිවා හොඳ වෙනවද ?
    මේක ගන්නේ කොහෙන්ද ?
    PLS හෙල්ප් මචන්ලා

    මචන් මේකට අනිවා හොඳ වෙනවද ?

    එහෙම්මම කියන්නත් බෑ බන්! ගොඩක්වෙලාවට හොඳවෙනවා. දරුනුම බඩේ අමාරුවක්නම් හොස්පිටලයිස් වෙන එක හොඳයි, මචන් හොස්පිටලයිස් වුනා කියන්නේ වැඩේ ටිකක් සීරිස් වෙන්න පුලුවන්. දැන් කීයටවත් ක්‍රීම් රාජගුලි හොයල දෙන්න යන්න එපා.
    hospital එකෙන් බලා ගනී. :rolleyes:

    සේලයින් දෙනවා කියන්නේ බන් හොදටම ඇග විජලනය වෙලා ඇති. දෙපාර තුන්පාර යනකොට ජීවනී බිව්වනම් ඇග විජලනය වෙන්නෑ. :yes:

    ක්‍රීම් රාජගුලි ඕනම බෙහෙත් බඩුකඩේකින් ගත්තැහැකි. සිල්ලර කඩවලත් ගොඩක් වෙලාවට තියෙනවා. බොනකොට පීරිසියකට කරල පොඩිකරලා දාන්න දෙහි ගෙඩියක ඉස්ම කලවම් කරලා එකහුස්මට ඇරලා දාන්න. වතුර කලවම් කරන්න එපා. :rolleyes:
     
    දැන් කීයටවත් ක්‍රීම් රාජගුලි හොයල දෙන්න යන්න එපා.
    සුද්දන්ගෙ කාලෙ ඉඳලා ඔනෑම (සුළු හෝ දරුණූ) බඩේ අමාරුවක් හොඳ කරපු ක්‍රිමිරාජේ ඉස්පිරිතාලෙ ඇතුලෙදි දුන්නම මොකක්ද තියෙන ප්‍රශ්නෙ ?
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඉදිරියේ රාළ;20248878 said:
    සුද්දන්ගෙ කාලෙ ඉඳලා ඔනෑම (සුළු හෝ දරුණූ) බඩේ අමාරුවක් හොඳ කරපු ක්‍රිමිරාජේ ඉස්පිරිතාලෙ ඇතුලෙදි දුන්නම මොකක්ද තියෙන ප්‍රශ්නෙ ?

    මගේ දැනුම හැටියට තමා කිව්වේ. අපි නිකං හොස්පිටලයිස් වෙන්නෙ නෑනේ. දොස්තර කෙනෙක් බලලනේ බන් කියන්නේ. බඩේ අමාරුව දරුනු තත්වෙට හැරිලනම් ක්‍රිමිරාජ වලින් හොඳකරන්න පුලුවන්ද කියන එක මම දන්නෑ. :rolleyes: