බඩු මිල අඩුවෙලා
වැඩි වෙනකොට කන්න විදියක් නැහැ කියලා අඩන අය අඩු උනාම ඒ ගැන කතා කරන්නෙත් නැත්තේ මොකද?
කෘෂි නිෂ්පාදන වැඩිවීමත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපළට ලැබීමත් නිසා ඒවායේ මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග වැඩි වශයෙන් ලැබීම නිසා දඹල, පතෝල, වැටකොළු, කැකිරි, තක්කාලි, පිපිඤ්ඤා යන පහතරට එළවළු වල මිල ගණන් සමස්ත වශයෙන් 89% න් පමණ පහත වැටී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මේ අතර උඩරට එළවළු වන ගෝවා, කැරට්, ලීක්ස්, බීට්රූට් යන එළවළු වර්ගවල මිල ද 60% න් පමණ අඩු වී ඇති බව අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සහල්, සීනි, පරිප්පු, මුංඇට, දේශීය රතුළූණු, වියළි මිරිස්, බිත්තර වැනි පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් ද පසුගිය වර්ෂ හා මාසවලට සාපේක්ෂව පහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.