බඩු මිළ නැවත ඉහළ යයි?
පෙර දැනුම්දීමකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දමා තිබෙනවා.සහල්, පරිප්පු, සැමන්, කිරිපිටි මෙසේ ඉහළ දමා ඇති බව සිංහ ප්රවෘත්ති කළ ගවේෂණයකදී හෙළි වුණා.වෙසක් දිනට පෙර දිනයේ සිට ලංකා සතොස අලෙවිසැල්වල අලෙවියට තබා තිබූ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමා තිබූ බව එම ගවේෂණයේදී හෙළිකර ගත්තා.රුපියල් 65ක්ව තිබූ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 75ක් දක්වාත්, රුපියල් 139ට තිබූ පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 164 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.අතුරු අයවැයෙන් ග්‍රෑම් 400 සැමන් ටින් එකක් රුපියල් 132 දක්වා අඩු කළ අතර එය යළි රුපියල් 140 දක්වා වැඩිකර තිබෙනවා.ඊට අමතරව රුපියල් 675ක්ව තිබූ හයිලන්ඞ් කිරිපිටි කිලෝව ද රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව එහිදී හෙළි වුණා. -


අලුත් fresh බඩු තියෙන්නේ. නාකි සූප්පු වගේ නෙවේ
දැන් කියනව original එකෙන් එන්නලු. ඇත්තටම ඉතින් මොලයක් තියෙනවනම් ඉතින් තේරෙනවනේ නේද