බඩු_මාට්ටුයි....

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda

    සදුනා මගේ හොද මිතුරෙකි රැකියාවේ
    දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ
    එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ
    ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.

    දවසක් වැඩ කරද්දී මහ දවාලක
    ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක
    ගෙදරින් කියා දැනගෙන නොම්මරය දැක
    පිළිතුරු දෙන්න ගත්තා හැර සියළු සැක

    ඇමතුම ගත්තේ ගෙදරින් උගෙ මවුතුමිය
    කෝ බොල උඹේ හැදුනුම්පත ඇසුවෙ ඇය
    තියෙනව අම්මෙ එය මා ගාවයි කීය
    කී ඒ නමුත් ඈ නොමපිළිගත්තීය

    කලබල වෙලා සදුනා සිය පසුම්බිය
    ඇද්දා හොය හොයා උගෙ අයිඩෙන්ටිටිය
    දහවල් තරු පෙනෙන්නට උනෙ වෙලා බිය
    උගෙ ළග තිබුනෙ වෙනකෙකුගේ එකක් විය.

    කොතැනක නමුත් අවුලක් සිදු වෙලා ඇති
    අම්මේ මගේ හැදුනුම්පත වෙලා නැති
    බැන්කුවෙදී පෙළක් විට මෙය වෙන්න ඇති
    කොල්ලගෙ කකුල් වෙවුලනවා අරන් තැති.

    බලපන් උඹේ සිහියක් නැති කමක හැටි
    ඒ මදිවට තවත් මට බොරු කරන හැටි
    අහුවුනොතින් උඹට මම දැන් තලන හැටි
    දෙනවා ජීවිතේ අමතක නොවන ගුටි.

    අම්මා දෙසනවා නැවකට පරළ වෙලා
    බුම්මා ඉන්නවා මිතුරා තරු පැනලා
    ඉවසා ගන්න බැරි තැන නිහඩව ඉදලා
    ඇසුවා අම්මේ මොකක්ද දැන් උනෙ කියලා.

    ටැලිග්රෑමයක් අද උදයේ මෙහි ආවා
    උඹගේ නමට තිබු හින්දා කියවූවා
    සම්ම්ජ්ජාතියක අපි කෙරුවද මේවා
    අහගන් තිබ්බ විස්තර මෙහෙමයි කීවා

    මම වෙමි මැනේජර අහවල් ගෙස්ට් හවුසියේ
    හැදුනුම් පත ඔබේ ඇත දැන් මා භාරයේ
    සමා වෙන්න වරදක් සිදු වෙලා තියේ
    මා අමතන්න අOකය මෙහි පහල තියේ

    අම්මා අමතලා එහි තිබු අOකයට
    අසලා කුමක්දැයි විමසා බලන විට
    විස්තර කරලා කියලා සිද්ධිය ඈට
    හේතුව එයයි ඇගෙ කෝපය ඇවිලෙන්ට

    මේ නම තියෙන මහතා ළග දිනයකදී
    අපගේ තැනින් කාමරයක් ගත් මිලදී
    ආපසු යන්ට හැදුනුම්පත අපි දෙද්දී
    වෙන අයෙකුගේ එකක් දී ඇත අප හට වැරදී

    කියපන් සදුන් තවමත් මා නොකර මුලා
    කාමර ගානේ මොකටද ගත කෙරුවෙ වෙලා
    කොළඹදි රස්සාව කරනව යැයි කියලා
    මේකයි කරන සෙල්ලම ඔහෙ ඉදන් බොලා

    හරි හරි අම්මෙ දැන් නේ මතකෙට ආවේ
    ළගදී දිනෙක කොළඹින් පිට මා යැව්වේ
    “ෆන්ෂන්” එකක් දුර බැහැරක සිදු වූවේ
    රෑ වූ නිසයි ඔතැනට යන්නට වූවේ

    අනෙ අම්මපා උඹ කියනා කෙබර මට
    එන කෝපය බැරිය දැන්නම් දරන්නට
    අසුවෙන අහක හිටියානම් තලන්නට
    නැහැ නැහැ වෙනවා මට නම් උඹ මරන්නට

    උඹලගේ තියෙන “ෆන්ෂන්” හරි අපූරුය
    ඔයවැනි කතාවක් මම ඇහුවෙත් අදය
    කෙල්ලෙක් එක්ක ලැගලා තුල කාමරය
    තම්බන්නට මාව උඹ නම් හිතුවා මදිය

    මේ මොන කරුමයක්දෝ මට පාත් උනේ
    මO ඇර කෙනෙක් නැහැනේ මෙය දැන් උන්නේ
    කවුරුද යකෝ විස්තර අම්මට දුන්නේ
    අහුවුනොතින් රෑට අද ඌ කන්නට ගන්නේ

    හොයලා බැලූ විට අපි විපරම් කරලා
    ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා
    අම්මා කතා කල විට ඒ ගොන් හිවලා
    කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා


    මට මේ කවිපෙල ලැබුනෙ මේල් එකකින්.
    ඒ මේල් එකට කොපි කරගත්තෙ කොහෙන්ද කියලානම් දන්නෙ නැහැ.
    කවි ටික ලස්සන නිසයි දැම්මෙ.
    රී පෝස්ට්නම් සමාවෙන්න.

     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කැත වැඩ කරන්න එපා මිනිහෝ දෙයක් හොරකම් කරනකොට ඒක ගත්තු තැනට අසාධාරණයක් කරන්න එපා

    උම්බ මෙකේ උඩම කවි දෙක හලලා දැම්මාම මේක ලියපු එකාට කොච්චර අසාධාරණයක් කරනවද කියලා බලපන්
    මේ තියෙන්නේ ඔර්ජිනල් කවි ටික

    පිවිසුම කෙසේ අරගන්නද කියලා සිතා
    පැය බාගයක් ගෙවුවා වෙහෙසකර ඉතා
    නැතුවම ආලවට්ටම් බොරු බයිලා කතා
    සිද්ධිය කියන්නම් කවියෙන් කෙටිව ගොතා

    සත්තයි මේක මට සිදුවුණු එකක් නොවේ
    ඔළුවෙන් හිටන් කීවත් මෙය පලක් නොවේ
    අන්තිම පේළියේ මඩ ගොඩ තියෙන නැවේ
    මට හිමි බාල්දිය දැන් මගෙ හිතේ මැවේ

    සදුනා මගේ හොද මිතුරෙකි රැකියාවේ
    දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ
    එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ
    ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.

    දවසක් වැඩ කරද්දී මහ දවාලක
    ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක
    ගෙදරින් කියා දැනගෙන නොම්මරය දැක
    පිළිතුරු දෙන්න ගත්තා හැර සියළු සැක

    ඇමතුම ගත්තේ ගෙදරින් උගෙ මවුතුමිය
    කෝ බොල උඹේ හැදුනුම්පත ඇසුවෙ ඇය
    තියෙනව අම්මෙ එය මා ගාවයි කීය
    කී ඒ නමුත් ඈ නොමපිළිගත්තීය

    කලබල වෙලා සදුනා සිය පසුම්බිය
    ඇද්දා හොය හොයා උගෙ අයිඩෙන්ටිටිය
    දහවල් තරු පෙනෙන්නට උනෙ වෙලා බිය
    උගෙ ළග තිබුනෙ වෙනකෙකුගේ එකක් විය.

    කොතැනක නමුත් අවුලක් සිදු වෙලා ඇති
    අම්මේ මගේ හැදුනුම්පත වෙලා නැති
    බැන්කුවෙදී පෙළක් විට මෙය වෙන්න ඇති
    කොල්ලගෙ කකුල් වෙවුලනවා අරන් තැති.

    බලපන් උඹේ සිහියක් නැති කමක හැටි
    ඒ මදිවට තවත් මට බොරු කරන හැටි
    අහුවුනොතින් උඹට මම දැන් තලන හැටි
    දෙනවා ජීවිතේ අමතක නොවන ගුටි.

    අම්මා දෙසනවා නැවකට පරළ වෙලා
    බුම්මා ඉන්නවා මිතුරා තරු පැනලා
    ඉවසා ගන්න බැරි තැන නිහඩව ඉදලා
    ඇසුවා අම්මේ මොකක්ද දැන් උනෙ කියලා.

    ටැලිග්රෑමයක් අද උදයේ මෙහි ආවා
    උඹගේ නමට තිබු හින්දා කියවූවා
    සම්ම්ජ්ජාතියක අපි කෙරුවද මේවා
    අහගන් තිබ්බ විස්තර මෙහෙමයි කීවා

    මම වෙමි මැනේජර අහවල් ගෙස්ට් හවුසියේ
    හැදුනුම් පත ඔබේ ඇත දැන් මා භාරයේ
    සමා වෙන්න වරදක් සිදු වෙලා තියේ
    මා අමතන්න අOකය මෙහි පහල තියේ

    අම්මා අමතලා එහි තිබු අOකයට
    අසලා කුමක්දැයි විමසා බලන විට
    විස්තර කරලා කියලා සිද්ධිය ඈට
    හේතුව එයයි ඇගෙ කෝපය ඇවිලෙන්ට

    මේ නම තියෙන මහතා ළග දිනයකදී
    අපගේ තැනින් කාමරයක් ගත් මිලදී
    ආපසු යන්ට හැදුනුම්පත අපි දෙද්දී
    වෙන අයෙකුගේ එකක් දී ඇත අප හට වැරදී

    කියපන් සදුන් තවමත් මා නොකර මුලා
    කාමර ගානේ මොකටද ගත කෙරුවෙ වෙලා
    කොළඹදි රස්සාව කරනව යැයි කියලා
    මේකයි කරන සෙල්ලම ඔහෙ ඉදන් බොලා

    හරි හරි අම්මෙ දැන් නේ මතකෙට ආවේ
    ළගදී දිනෙක කොළඹින් පිට මා යැව්වේ
    “ෆන්ෂන්” එකක් දුර බැහැරක සිදු වූවේ
    රෑ වූ නිසයි ඔතැනට යන්නට වූවේ

    අනෙ අම්මපා උඹ කියනා කෙබර මට
    එන කෝපය බැරිය දැන්නම් දරන්නට
    අසුවෙන අහක හිටියානම් තලන්නට
    නැහැ නැහැ වෙනවා මට නම් උඹ මරන්නට

    උඹලගේ තියෙන “ෆන්ෂන්” හරි අපූරුය
    ඔයවැනි කතාවක් මම ඇහුවෙත් අදය
    කෙල්ලෙක් එක්ක ලැගලා තුල කාමරය
    තම්බන්නට මාව උඹ නම් හිතුවා මදිය

    මේ මොන කරුමයක්දෝ මට පාත් උනේ
    මO ඇර කෙනෙක් නැහැනේ මෙය දැන් උන්නේ
    කවුරුද යකෝ විස්තර අම්මට දුන්නේ
    අහුවුනොතින් රෑට අද ඌ කන්නට ගන්නේ

    හොයලා බැලූ විට අපි විපරම් කරලා
    ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා
    අම්මා කතා කල විට ඒ ගොන් හිවලා
    කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා:no::no::no::no::no::no:


    http://www.thelastrow.net/2012/01/විලි-ලැජ්ජාව/

    මේ තියෙන්නේ ඔර්ජිනල් කවි තියෙන තැන
     
    Last edited: