බඩ අඩු කරගන්න

FFAlpha

Well-known member
  • Jan 11, 2017
    937
    671
    113
    Gym යන්නේ නැතිව බඩ අඩු කරගන්න බැරි වෙයිද බන් ? මොනවද කරන්න ඕන ? ගොඩක් වෙලාවට PC එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ .දැන් තෙල් බඩක් ඇවිල්ලා . තාම කෙල්ලෙක් වත් නැහැ .ඉක්මනට මේක අඩු කරගන්න විදිහක් නැද්ද ? ලොකු බඩක් නෙමේ තියෙන්නේ ටිකක් ඇවිල්ලා ඉසස්රහට
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සීනි කෑම... තෙල් කෑම නවත්තලා දාපං 100%ක්ම....
    උඹ කන ප්‍රමානෙට කෑම (බත්)බෙදා ගත්තට පස්සෙ ඒකෙන් ටිකක් (හැන්දක් විතර) අයින් කරපං....
    මාස 2ක් 3ක් වගේ කරල බලපං... වැඩේ ගොඩ....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,183
    1
    158,030
    113
    98
    කෑගල්ල
    බඩ කොහොම වෙතත ඕවරොල් ඇග අඩු කරගන්න පුලුවන් වෙයි

    1. බත් දවල්ට විතරක් කාපන්, ඒකත් බත් ග්‍රෑම් 200ක් වගේ කාපන්, ඊට වඩා එපා
    2. පාන් පිටි, සීනි කන්නම එපා
    3. උදෙට සීරියල් හරි ඇට මොනා හරි පොඩ්ඩක් කාපන්
    4. අතරමැද බඩගිනි එනව නන් යෝගට් වගෙ දෙයක් කාපන්
    5. රෑටත් පොඩ්ඩක් කාපන් ඕන්ම නන්.
    6. හවස්ට ඇවිදින්න ප්ලයන්, එක තැන ඉදල ඇගේ සිස්ටම් බූස්ට් කරන්න බැහැ.