පෝෂණ වේදියෙක් හම්බවෙලා උපදෙස් ගන්න එක තමයි හොදම දේ.
දවසට වේල් 3ක් කන එක දෙකකට අඩු කරන්න, පය 24 දෙකට බෙදලා 12 ට එක වේලක් වගේ වැටෙන්න කන්න.
උදේ කෑම 8 ට කනවා නම් රෑට 8 ට කන්න, දවල්ට ප්‍රධාන ආහාර වේලක් ගන්න එපා.. (එහෙමයි කියලා දවල්ට ෂෝර්ට් ඊට්ස් හරි පිටි ගුලියක් එක්ක ටී එකක් කෙලලා අරින්න එපා)
කෙසෙල් ටිකක් ගෙනල්ලා තියාගෙන ඉදලා දවල්ට පුලුවන්නම් බඩගිනි වෙනකොට කෙසෙල් ගෙඩියක් වගේ කන්න, ඒ වගේ පලතුරු මොනවා හරි පුලුවන්නම් දවල් බඩගිනි ආවොත් කන්න, ඒවා ඇගටත් ගුනයිනේ.
මේක ටික දවසක් කරලා බලන්න, ප්‍රතිඑල ඉක්මනින් බලන්න පුළුවන්.