" බඩ දනවෝ " රෝගය...........!!!
ගැස්ට්‍රයිටිස් | Gastritis
හැඳින්වීම
ගැස්ට්‍රයිටිස් යනු උදරයේ උඩ කොටසේ ඇතිවන දැවිල්ලක් හෝ වේදනාවකි. සමහර විට මෙම අපහසුතාව ආහාරගත් පසු ඇතිවිය හැක. මෙම රෝග තත්ත්වය සඳහා හේතු වනුයේ ආමාශයේ හා ග්‍රහණියේ ඇති වන්නා වු තුවාලයි. මේවා පෙප්ටික් වණ (pepticulcer) ලෙස හඳුන්වනු ලබයි.ආහාර මාර්ග නාලය ශ්ලේශ්මල ලෙස හැඳින්වෙන දියරමය පටලයකින් ආවරනය වී පවතී. සාමාන්‍ය තත්ත්ව යටතේදි ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මෙම ශ්ලේශ්මල පටලය ඔරොත්තුදෙයි. නමුත් විවිධ හේතු නිසා මෙම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්ලේශ්මල පටලය සමඟ ගැටී තුවාල ඇති කරයි. මේවා ‛පෙප්ටික් වණ’ ලෙස හඳුන්වයි
සමහර විට හෘදයෙන් මතුවන වේදනා පපුවේ ඇතිවන දැවිල්ලක් ලෙස මතුවිය හැක. මෙම වේදනාව ගැස්ට්‍රයිටිස් ලෙස වරදවා වටහාගත හොත් බරපතල සංකූලතා ඇති වේ. එම නිසා ඕනෑම දැවිල්ලක් ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වන්නේ නැතිව එය හෘදයාබාධයක් නොවන බව සැක හැර දැනගත යුතුය.
පෙප්ටික් වණ වල ස්වභාවය
මේ අයුරින් ඇති වන්නා වු පෙප්ටික් වණ මුලික කොටස් 02 කට වර්ග කල හැක.
එනම්,
(01) තිව්‍ර වණ (Acute ulcers )
(02) නිදන්ගත වණ(Chronic ulcers)තීිව්‍ර වණ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා ආමාශයේ හා ග්‍රහනියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ මතු පිට දැක ගත හැකිය. මේවා සුව වීම සදහා සති තුනක් වැනි කෙටි කාලයක් ගත වෙයි.
නමුත් නිදන්ගත වණ ප්‍රමාණයෙන් විශාල වන අතර සංකිර්ණත්වයෙන්ද වැඩිය. මේවා වඩාත් ගැඹුරින් පිහිටා ඇති අතර සුව වීමට දිගු කාලයක් ගතවේ.
ගැස්ට්‍රයිටිස් රෝගයට හේතු
1) ආමාශය තුළ වර්ධනය වන ‘හෙලිකොබැක්ටර් පයිලෝරි’ නම් බැක්ටීරියාව ආමාශයේ ඇතුල් පරථරය විනාශ කිරීම නිසා ඇතිවන ප්‍රදාහය ප්‍රධානතම හේතුවයි.
2) අධික මත්පැන් පානය හා දුම්පානය.
3) අප ආහාරයට ගන්නා දෑ වල අධික ලෙස මිරිස්, තුනපහ තිබීම
4) සමහර ඖෂධ (ඇස්ප්‍රින්, ඇතැම් වේදනා නාශක)
5) ආමාශයෙන් ස්‍රාවය වන අම්ල ප්‍රමාණය වැඩිවීම
6) මානසික ආතතිය
රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
ආමාශය නොයෙකුත් එන්සයිම, හෝමෝන සහ අම්ල ස්‍රාවය කරන අතර ආහාර දිරවීමට ලොකු කාර්යයක් ඉටු කරයි. ආමාශයේ ඇතුල් ස්ථරය මගින් සැපයෙන ආරක්ෂාව නිසා අම්ල හා එන්සයිම වලින් එය තුවාල වීම වලකි. ඉහත හේතු නිසා ආමාශයේ ඇතුල් ස්ථරය විනාශ විය හැක. එවිට පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇතිවේ. ආමාශයේ ‘හෙලිකොබැක්ටඒ පයිලෝරි’ නම් බැක්ටීරියාව වැඩුණහොත් ආමාශයේ ඇතුල් ස්ථරයට හානි නිදු කළ හැක.
රෝග ලක්ෂණ
1) බඩ දැවිල්ල, උදරයේ උඩු කොටසේ ඇතිවන අපහසුතාව
2) බඩ පිපීම හා පිරුණු ස්වභාවයක් දැනීම.
3) උගුරට ඒම සහ කටට ඇඹුල් රසක් දැනීම
4) වමනය යාම හෝ අප්පිරියාව
5) වාතය නිතර පිටවිම
6) තෙල් ආහාර ගත පසු අපහසුතාවක් ඇතිවීම.
7) නමුත් සමහර රෝග ලක්ෂණ ඇතිවුවහොත් එනම් (රුධිරය පිටවීම, බර අඩුවීම. කෑම අරුචිය, ගිලීමේ අපහසුතාව හා නිතර වමනය ඇතිවීම වැනි) වහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගත යුතුය. මේවා බරපතල රෝගයන්හි ලක්ෂණ විය හැකි බැවිනි.
රෝගය වළක්වා ගැනීම
1) සෞඛ්‍යමත් ආහාර වේලක් ගන්න - සමබල පෝෂණයෙන් යුත් එළවළු, පලතුරු, කෙඳි හා පලා අඩංගු ආහාරවේලක් ගැනීම යෝග්‍යය.
2) නියමිත වේලාවට ආහාර ගැනීමට පුරුදුවෙන්න. කිසි විට කෑම වේලක් අත් නොහරින්න. කෘතිම ආහාර (සොසේජස් වැනි) ගැනීම අවම කරන්න. තෙල් කෑම අවම කරන්න. අධිකව මිරිස් හා තුනපහ යෙදූ ආහාර ගැනීමෙන් වලකින්න.
3) ඔබ තරබාරු නම් බර අඩුකර ගන්න.
4) අධිකව මත්පැන් ගැනීමෙන් වළකින්න.
5) දුම්පානය නවත්වන්න.
6) මානසික ආතතියෙන් මිදෙන්න.
7) බඩ දැවිල්ල ඇති කරන වේදනා නාශක ගැනිම හැකිතාක් අඩු කරන්න.

සංකූලතා
ආමාශයේ ඇතුල් බිත්තිය තුවාල වුවහොත් රුධිර වහනය සිදුවිය හැක. එනම් වමනය සමග ලේ පිටවීම, කළු පාට තාර වැනි මලපහ වීම.
ගැස්ට්‍රයිටිස් තත්වයෙන් තුවාල හටගත හොත් එමගින් ආමාශ බිත්තිය සිදුරු වීමද ආමාශය අවහිර වීම ද සිදුවිය හැක. කලාතුරකින් කලක් පවතින මෙම තුවාල පිළිකා තත්වයට යා හැක.

ප්‍රතිකාර
ගැස්ට්‍රයිටිස් සඳහා විවිධ ඖෂධ ඇත. එනම් ආමාශය තුල ඇති අම්ල නිෂ්ක්‍රිය කරන ඖෂධ | Antacid , ආමාශයේ අම්ල නිපදවීම අඩු කනර ඖෂධ හා නොයෙක් ප්‍රතිජීවක මින් සමහරකි. නමුත් රෝග ලක්ෂණ පළමුවරට මතු වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුය. ගැස්ට්‍රයිටිස් නිසි ලෙස හඳුනාගත හැක්කේ එන්ඩස්කොප් ක්‍රමය එනම් මුඛය තුලින් උදරයට ඇතුල් කරන කැමරාවක් සවිකල බටයක් මගිනි. මෙහිදී ආමාශ බිත්තියේ සෛල සාම්පල ගෙන පරීක්ෂාවට ලක්කරනු ලැබේ.
ගැස්ට්‍රයිටිස් සඳහා විවිධ ඖෂධ ඇත. එනම් ආමාශය තුල ඇති අම්ල නිෂ්ක්‍රිය කරන ඖෂධ | Antacid , ආමාශයේ අම්ල නිපදවීම අඩු කනර ඖෂධ හා නොයෙක් ප්‍රතිජීවක මින් සමහරකි. නමුත් රෝග ලක්ෂණ පළමුවරට මතු වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුය. ගැස්ට්‍රයිටිස් නිසි ලෙස හඳුනාගත හැක්කේ එන්ඩස්කොප් ක්‍රමය එනම් මුඛය තුලින් උදරයට ඇතුල් කරන කැමරාවක් සවිකල බටයක් මගිනි. මෙහිදී ආමාශ බිත්තියේ සෛල සාම්පල ගෙන පරීක්ෂාවට ලක්කරනු ලැබේ.
රෝගය වළක්වා ගැනීම
1) සෞඛ්‍යමත් ආහාර වේලක් ගන්න - සමබල පෝෂණයෙන් යුත් එළවළු, පලතුරු, කෙඳි හා පලා අඩංගු ආහාරවේලක් ගැනීම යෝග්‍යය.
2) නියමිත වේලාවට ආහාර ගැනීමට පුරුදුවෙන්න. කිසි විට කෑම වේලක් අත් නොහරින්න. කෘතිම ආහාර (සොසේජස් වැනි) ගැනීම අවම කරන්න. තෙල් කෑම අවම කරන්න. අධිකව මිරිස් හා තුනපහ යෙදූ ආහාර ගැනීමෙන් වලකින්න.
3) ඔබ තරබාරු නම් බර අඩුකර ගන්න.
4) අධිකව මත්පැන් ගැනීමෙන් වළකින්න.
5) දුම්පානය නවත්වන්න.
6) මානසික ආතතියෙන් මිදෙන්න.
7) බඩ දැවිල්ල ඇති කරන වේදනා නාශක ගැනිම හැකිතාක් අඩු කරන්න.

matat oya hutte lede tyenawa..