බඩ පැලෙන්න හිනා වෙමු (ඩේලි up date )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    480088_364940646940298_774921048_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලංකාවට ජපනෙක් ආවා සංචාරයකට.මේකා ලංකාවේ සංචාරය කරලා ඉවර වෙලා හරිම සං‍තෝෂෙන් ඉන්නෙ.ඉතින් දැන් ආපහු යන දවසේ ජපනා කැබ් එකකට කෝල් කරා. කබ් එක ආවා. ටොයෝටා කාර් එකක්.ජපනා හරි සං‍තෝෂෙන් මේකට ගොඩවෙලා කියනවා
    " මෙයා ටොයොටා අපේ එකක් නේ" ජපන් නිෂ්පාදනයක්
    ඊලඟට යනකොට මිට්ෂුබිෂි කාරෙකක් ගියා. ජපනා ඩ්‍රැයිවර්ට කියනවා " මිට්ෂුබිෂි අපේ එකක් නේ.
    හොන්ඩා බයික් එකක් යනවා දැකලා කියනවා " හොන්ඩා අපේ එකක්"
    ඔන්න ගුවන් තො‍ටුපොලට ඇවිල්ල බැහලා ජපනා කැබ් එකට ගෙවන්න යනවා
    ඩ්‍රැයිවර් කියනවා " ගාස්තුව රුපියල් 5000යි
    ජපනා අහනවා " මොකද ඕයි ඔච්චර ගනන්
    ඩ්‍රැයිවර් කියනවා " සෑර්, කැබ් එකේ මීටරේ අපේ එකක්"





    මිනිස්සු තුන්දෙනෙක් ස්වර්ගයට ගියා.එතකොට දෙවියෝ පලමු මිනිහගෙන් ඇහව්වා
    ඔයා බිරිඳට හොරෙන් වෙන ගෑනු එක්ක බුදියාගෙන තියනවද කියලා
    එතකොට පලමු මිනිහා කීවා " ඔව් 10 දෙනෙක් එක්ක විතර
    දෙයියෝ පලමු මිනිහට පොඩි කාර් එකක් මවල දුන්නා
    දෙවනි මිනිහගෙනුත් දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නයම ඇහුවා
    දෙවනි මිනිහා කීවා " ඔව් 5 දෙනෙක් එක්ක
    මිනිහට සාමන්‍යය ප්‍රමාණයේ කාර් එකක් ලැබුනා
    තුන්වැනි මිනිහගෙන් ඇහුවම මිනිහා කියනවා " අනේ නෑ, මම බුදියගත්තේ මගේ බිරිඳ එක්ක විතරයි
    දෙවියන් මිනිහට ප්‍රාඩො මවලා එකක් දුන්නා
    ටික දවසකින් මෙන්න අනිත් මිනිස්සු දෙන්නාට ප්‍රාඩෝ මිනිහා ස්වර්ගයේ අඬමින් ඉන්නවා හමු වුනා
    ඒ දෙන්නා එයාගෙන් ඇහුවා" මොකද බං අලුත් ප්‍රාඩෝ එකක් හම්බ වෙලත් අඩන්නේ
    "අනේ බං මගේ ගෑනි ස්වර්ගයේ පුෂ් බයිසිකලයක් පදිනවා"







    Grandfar: ලමයෝ.... ලමයෝ.... කෝ බොල මේකි.

    Girl: මේ එනව සීය..

    Grandfar: කෙල්ලෙ මෙන්න මේක බීල බලපන්කො පැනිරසද කියල.

    Girl: ම්ම්ම්..... හරිම රසයි සීය. මොනවද මේ බීම වර්ගෙ?

    Grandfar: බීම නෙමෙයි කෙල්ලෙ ඔය. ඊයෙ බේත් ගන්න දොස්තර මහත්තය ගාවට ගියපු වෙලාවෙ ඒ මහත්තය කිව්ව මගෙ මුත්රා පරීක්ශාවක් කරල සීනි තියනවද කියල බලාගන්න කියල. හොදටම සීනි වැඩිද කෙල්ලෙ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Teacher : ලමයි ඔයාල දන්නව සර් අයිසැක් නිව්ටන් ගැන. එයා දවසක් ඇපල් ගහක් යට වාඩි වෙලා ඉන්නකොට එයාගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුන එයා ඒකෙන් ගුරුත්වාකර්ශණය ගැන හොයාගත්ත.

    A Student: ඇයි ටීච එයා ගස් යටට වෙලා අමාරුවෙන් මේව ඉගෙන ගන්නෙ. අපි වගේ පන්තියට වෙලා හොදට පොත් බැලුවනම් ඕව නිකම්ම හොයාගන්න තිබුන. එයා මහ මෝඩයක් නේද.




    *කොල්ලෙක් පරක්කුවෙලා ඉස්කෝලෙට එන අතර තුර ප්රින්සිපල් මුන ගැසෙයි...

    Sir: තමුසෙ මොකද මෙච්චර පරක්කු?

    Boy: සර් මම අද බස් එක එනකල් හෝල්ට් එකට වෙලා ඉන්නකොට වයසක මනුස්සයකුගෙ සල්ලි වගයක් එක්ක පසුම්බියක් නැති වෙලා ඒකයි.

    Sir: ආ හොද වැඩක් ඔයා ඒ මනුස්සයට නැති උන පසුම්බිය හොයල දීලම ආපු එක හොදයි ඒ වගේ අයට උදව් කරන්න ඕනෙ. හොද ලමය..!

    Boy: නෑ... සර් මම එයාගෙ පසුම්බිය හොයලදුන්නෙ නෑ..

    Sir: එහෙනම් මොකද මෙච්චර පරක්කු?

    Boy: මම ඒ මනුස්සයගෙ පසුම්බිය උඩ තමා සර් හිටගෙනෙ හිටියෙ. මම ඉතින් ඒ මනුස්සය යනකල්ම හිටගෙන ඉදල ඒ මනුස්සය ගියාට පස්සෙ පසුම්බියෙ තිබුනු සල්ලිත් අරගෙනම ආව ඒකයි පරක්කු.




    Doctor- ඔයා මේකෙන් තේ හැන්ඬි
    තුන ගානේ බොන්න ඕනි. .

    .
    රෝගියා- අනේ ඒකනම් බෑ.

    Doctor - ඇයි?
    රෝගියා- අපේ ගෙදර
    තියෙන්නෙ තේ හැන්දි දෙකයිනේ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Dad: පුතා මම පුතාට හයියෙන් පරක් ගැහැව්වොත් පුතා කොහොමද පුතාගෙ තරහ පාලනය කරගන්නෙ?

    Kid: (කල්පනා කරමින්......) මම ගිහින් ටොයිලට් එක පිරිසිදු කරනව.

    Dad: පුතා කොහොමද ඒකෙන් තරහ නැති කරගන්නෙ?

    Kid: ඇයි මම තාත්තගෙ "දත් බුරුසුවෙන්නෙ" පිරිසිදු කරන්නෙ.