ලංකාවට ජපනෙක් ආවා සංචාරයකට.මේකා ලංකාවේ සංචාරය කරලා ඉවර වෙලා හරිම සංතෝෂෙන් ඉන්නෙ.ඉතින් දැන් ආපහු යන දවසේ ජපනා කැබ් එකකට කෝල් කරා. කබ් එක ආවා. ටොයෝටා කාර් එකක්.ජපනා හරි සංතෝෂෙන් මේකට ගොඩවෙලා කියනවා
" මෙයා ටොයොටා අපේ එකක් නේ" ජපන් නිෂ්පාදනයක්
ඊලඟට යනකොට මිට්ෂුබිෂි කාරෙකක් ගියා. ජපනා ඩ්රැයිවර්ට කියනවා " මිට්ෂුබිෂි අපේ එකක් නේ.
හොන්ඩා බයික් එකක් යනවා දැකලා කියනවා " හොන්ඩා අපේ එකක්"
ඔන්න ගුවන් තොටුපොලට ඇවිල්ල බැහලා ජපනා කැබ් එකට ගෙවන්න යනවා
ඩ්රැයිවර් කියනවා " ගාස්තුව රුපියල් 5000යි
ජපනා අහනවා " මොකද ඕයි ඔච්චර ගනන්
ඩ්රැයිවර් කියනවා " සෑර්, කැබ් එකේ මීටරේ අපේ එකක්"
මිනිස්සු තුන්දෙනෙක් ස්වර්ගයට ගියා.එතකොට දෙවියෝ පලමු මිනිහගෙන් ඇහව්වා
ඔයා බිරිඳට හොරෙන් වෙන ගෑනු එක්ක බුදියාගෙන තියනවද කියලා
එතකොට පලමු මිනිහා කීවා " ඔව් 10 දෙනෙක් එක්ක විතර
දෙයියෝ පලමු මිනිහට පොඩි කාර් එකක් මවල දුන්නා
දෙවනි මිනිහගෙනුත් දෙවියන් වහන්සේ ඒ ප්රශ්නයම ඇහුවා
දෙවනි මිනිහා කීවා " ඔව් 5 දෙනෙක් එක්ක
මිනිහට සාමන්යය ප්රමාණයේ කාර් එකක් ලැබුනා
තුන්වැනි මිනිහගෙන් ඇහුවම මිනිහා කියනවා " අනේ නෑ, මම බුදියගත්තේ මගේ බිරිඳ එක්ක විතරයි
දෙවියන් මිනිහට ප්රාඩො මවලා එකක් දුන්නා
ටික දවසකින් මෙන්න අනිත් මිනිස්සු දෙන්නාට ප්රාඩෝ මිනිහා ස්වර්ගයේ අඬමින් ඉන්නවා හමු වුනා
ඒ දෙන්නා එයාගෙන් ඇහුවා" මොකද බං අලුත් ප්රාඩෝ එකක් හම්බ වෙලත් අඩන්නේ
"අනේ බං මගේ ගෑනි ස්වර්ගයේ පුෂ් බයිසිකලයක් පදිනවා"
Grandfar: ලමයෝ.... ලමයෝ.... කෝ බොල මේකි.
Girl: මේ එනව සීය..
Grandfar: කෙල්ලෙ මෙන්න මේක බීල බලපන්කො පැනිරසද කියල.
Girl: ම්ම්ම්..... හරිම රසයි සීය. මොනවද මේ බීම වර්ගෙ?
Grandfar: බීම නෙමෙයි කෙල්ලෙ ඔය. ඊයෙ බේත් ගන්න දොස්තර මහත්තය ගාවට ගියපු වෙලාවෙ ඒ මහත්තය කිව්ව මගෙ මුත්රා පරීක්ශාවක් කරල සීනි තියනවද කියල බලාගන්න කියල. හොදටම සීනි වැඩිද කෙල්ලෙ?