මම මේ ලඟදි ආයුර්වේදේ එන වමන කර්ම කියන එක කළා. මට ගැස්ට්‍රයිටිස් වලට ඔලුවේ කැක්කුම හැදෙනවා නිතරම, ඒ හැදුනම එක දිගට දවස් පහක් විතර තියෙනවා ඔලුවේ කැක්කුම. ඒක නිසා තමා කලේ. බඩේ තියෙන පිත අයින් කරන්න.
මට මුලින් දුන්න සතියක ෂෙඩුල් එකකට තෙල් වගයක් (බෙහෙත් වර්ග සහ එළඟි තෙල් වලින් හදපු) බොන්න. දවසින් දවස මිලි ලීටර් ගාන වැඩි කර කර. සතියකට පස්සේ ගියා වමනේ කරන්න. දුන්න පට්ට තිත්ත කසාය ජෝග්ගුවක්ම මැනලා. එක බීගෙන බීගෙන ගියා. ඊටපස්සේ දුන්න මීපැනිවලින් අනපු කසායක් කන්න. ඊට පස්සේ සහිඳ ලුණු දියකරපු වතුර ලීටරේ ජෝග්ගුවක් එක හුස්මට බොන්න දුන්න. ටිකකින් වමනේ විදින්න ගත්ත... ඒ විදිහට හයපාරක් විතර වමනේ කළා... ඊට පස්සේ ආයේ ලුණු වතුර ලීටර් දෙකක් විතර බිවුවා. දැන් බලා ඉන්නවා ඉන්නවා වමනේ යන්නේ නැහැ. ඊට පස්සේ ටොයිලට් යන්න ඕනේ. ටොයිලට් ගියාම තනිකර යන්නේ වතුර. ඒ වගේ පස් පාරක් විතර ටොයිලට් ගියා. අන්තිම තුන් පාර ගියේ තනිකර අවර්ණ වතුර. බඩ ෆුල් ක්ලීන් වුනා. ඊට පස්සේ දවස් පහක් යනකන් කන්න ඕනේ විදිහ කිවුවා. එදා දවසට ආයේ ලුණු දාපු කෑම මොකුත් කන්න එපා කිවුවා. පහුවදාත් කැඳ, සුප් වගේ ඒවා, බර ආහාර මොකුත් එපා කිවුවා. මස් මාළු බිත්තර එපා කිවුවා. ආයේ පරණ පුරුදු විදිහට කන්න කිවුවේ දවස් පහකට පස්සේ. එතකන් ක්‍රමානුකුලව තමා කෑම වැඩි කලේ. දැන් නම් මාර සැහැල්ලුයි. දැන් අර ඔලුවේ කැක්කුමත් එන්නේ නැහැ.
ඔය දේවල් කරන පිළිවෙලක් තියෙනවා. ඒකනිසා නෙට් එකේ හොයල කවදාවත් බෙහෙත් කරන්න යන්න එපා. ඕවා පස්සේ කාලෙක තමා බලපාන්නේ.