බණ්ඩාරගම, අටුළුගම පදිංචි අබ්දුල් හසන් ෆා&#3501

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    බණ්ඩාරගම, අටුළුගම පදිංචි අබ්දුල් හසන් ෆා&#3501

    බණ්ඩාරගම, අටුළුගම පදිංචි අබ්දුල් හසන් ෆාතිමා හයිෆාගේ කතාව!
    sharia.jpg

    රට ආපු පළමු දවසෙම පල්ලියෙන් ඇවිත් මුස්ලිම් ආගමට එන්න කියලා කතා කළා. ඊට පස්සෙත් මහත්තයා අපේ ගෙදරට ආපු හැටියේ පල්ලියෙන් ඇවිත් කතා කරලා සීඞී දීලා ගියා. ඉස්ලාම් දහම ගැන සිංහලට පරිවර්තනය කරපු පොත් ගෙනත් දුන්නා. පල්ලියෙන් දීපු එක සීඞී එකක තිබුණේ අවුරුදු තිස් තුනක් පැවිදි වෙලා හිටපු හාමුදුරුකෙනෙක් ඉස්ලාම් ආගම වැළඳගෙන පල්ලියේ පූජකවරයෙක් වෙලා කියන කතාවක්. ඒ වගේ සීඞී ගොඩක් ගෙනත් දුන්නා. මට බයිසිකල් පඳින්න දෙන්න එපා කියලා මහත්තයාට කිව්වා. ඉස්ලාම් ආගමට අනුව කාන්තාවන් බයිසිකල් පැදීම වරදක් කියලත් කිව්වා. ඒ කිසිම දෙයක් මහත්තයා පිළිගත්තේ නෑ. ආගම මාරු කරන්නත් මහත්තයා කැමැති වුණේ නෑ. මහත්තයා අපේ ආගමට එනවට මම කැමැති වුණෙත් නෑ. මහත්තයා බෞද්ධ ආගම අදහනව. මම ඉස්ලාම් ආගම අදහනව. මුස්ලිම් ආගමට අනුව කසාද බැඳපු දෙන්නෙකුට එහෙම ඉන්න බෑ කියනවා. ඒක හලාල් නෙමෙයි කියනවා. ඒත් පල්ලියේ ප‍්‍රතිපත්තිවලට අපි වෙනස් වුණේ නෑ...‘’

    ‘‘සමහර දවස්වලට සීය, දෙසීය ඇවිත් අපේ ගේ වටකරලා මහත්තයට ආගමට එන්න කියලා අපිට කරදර කළා. එක දවසක් එහෙම ආපු කෙනෙක් මහත්තයාගේ බෙල්ලට උල් ආයුධයක් තියලා මුස්ලිම් ආගමට එන්න බැරි නම් මගෙන් අයින් වෙන්න කියලත් තර්ජනය කළා. ඊට පස්සෙ අපි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලා කුලියට ගෙයක් අරගෙන මාලඹේ පදිංචියට ගියා. ලොකු බබා හම්බවෙන්න ආවේ මාලඹේ ගෙදරදී. දරුවා හම්බවෙන්න ළං වෙනකොට මම මහගෙදරට ආවා. එදත් අපේ මිනිස්සු ගේ වට කරලා මහත්තයට මුස්ලිම් ආගමට එන්න කියලා තර්ජනය කළා. ‘මුස්ලිම් ආගමට එන්නෙ නැතිව මේ ගමේ ඉන්න දෙන්න බෑ’ කියලා තමයි එයාලා තර්ජනය කළේ. ඒත් මහත්තයා රණ්ඩු සරුවල් ඇති කරගන්න ගියේ නෑ, මඟහැරලා යන්න ගියා. දරුවා හම්බවෙනකම් මහත්තයට මාව බලන්න එන්න නැති වුණා. මහත්තයා තනියම මාලඹේ ගෙදර හිටියා. මම අම්මා එක්ක මහගෙදර තනි වුණා. දරුවා ලැබිලත් මම තනියෙන් ගෙදර ආවේ. මහත්තයා ආවේ ඉස්පිරිතාලයට විතරයි...’’

    ‘‘එහෙම ටික දවසක් ඉන්නකොට මහත්තයා දෝහා කටාර් රටේ ජොබ් එකකට ගියා. මට මතක විදිහට 2010 අවුරුද්දේ. මහත්තයා රට ගියාට පස්සෙත් පල්ලියෙන් ඇවිත් ‘‘නැවත එයාව ගන්න එපා. ඒ සම්බන්ධය එතැනින්ම නතර කරන්න. මුස්ලිම් තරුණයෙක් කසාද බැඳලා මේ දරුවත් හදාගෙන, තවත් දරුවො හදාගෙන හොඳට ජීවත් වෙන්න...’’ කියලා මට කිව්වා. හජ්ජියාර්ලා ඇවිත් මට කසාද බඳින්න යෝජනා කළා. එක් අයෙක් නෙමෙයි, විටින් විට හජ්ජියාර්ලා කිහිපදෙනෙක්ම ඇවිත් මඟුල් යෝජනා කළා. ඒත් මම කැමති වුණේ නෑ. මුස්ලිම් පිරිමියෙක් එක්ක විවාහ වෙලා වහලියක් වගෙ හිරවෙලා ඉන්න මම කැමැති නෑ. ඒ වගේම මුස්ලිම් පිරිමින්ට හිතේ හැටියට ගෑනු එක්ක ඉන්න පුළුවන්. මට ඒ ජීවිතය අප්පිරියයි...’’

    ‘‘මනුස්සයෙක් වුණහම තමන්ට ඕනෑ විදිහට අඳින්න පළඳින්න, ගමන් බිමන් යන්න, සහකරුවෙක් තෝරගන්න නිදහස තියෙන්න ඕනෑ. අපේ කාන්තාවන්ට කිසිම නිදහසක් නෑ. ඒ අයට තියෙන්නෙ ගෙවල්වල කෑම උයලා දරුවො වදන්න විතරයි. තේරෙන වයසෙ ඉඳලා අපේ ආගමේ ප‍්‍රතිපත්තිවලට මම අකැමැති වුණා. ඒත් මම උසස් පෙළ විභාගය දක්වා ඉගෙනගත්තේ ඉස්ලාම් ආගම. උසස් පෙළ කරලා ජොබ් එකකට ගියා. ඇන්දේ ඩෙනිම්, ටීෂර්ට්. මම කරන, කියන දේවල්වලට පල්ලියේ අය කැමැති වුණේ නෑ. කිහිපවිටක්ම පල්ලියෙන් ඇවිත් ‘‘අපේ ගෑනු රස්සා කරන්නෙ නෑ වහාම දුව ජොබ් එකට යන එක නතර කරන්න... ඇඟ වැහෙන්න කළු අඳින්න පුරුදු කරන්න’’ කියලා තාත්තට කියලා තිබුණා. ඒත් මම කළු කබාවලින් ඇඟ පෙරෙව්වේ නෑ. ජොබ් එකට යන එක නතර කළෙත් නෑ. ඒ නිසා පල්ලියේ අය මා එක්ක ලොකු වෛරයකින් හිටියේ. සිංහල කෙනෙක් කසාද බැඳගත්තට පස්සේ ඒ වෛරය තවත් වැඩි වුණා...’’

    ‘‘අපේ ගමේ සිංහල පිරිමි කසාද බැඳපු තවත් මුස්ලිම් කාන්තාවො ඉන්නවා. ඒ සිංහල පිරිමි මුස්ලිම් ආගමට ඇවිත් ඉන්නෙ. ආගමට බැඳුණම පල්ලියෙන් හොඳට උදව් කරනවා. ආගමට ආවේ නැති වුණහම තමයි ප‍්‍රශ්න දාන්නෙ. මගේ මහත්තයා තමයි අටුළුගම ගමෙන් කසාදයක් කරගෙන මුස්ලිම් ආගම වැළඳ නොගෙන ඉන්න එකම සිංහලයා. දැන් අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට අවුරුදු එකොළහයි. දෙවැනි දුවට අවුරුදු හතයි. ඒත් පල්ලියෙන් ඇවිත් කියනවා ලොකු දුව මුස්ලිම් තරුණයකුට කසාද බන්දල දෙන්න කියලා. තාම දරුවට අවුරුදු එකොළහයි. ඉගෙනගන්නවා. මොන කසාදද? ඒ ඉල්ලීම කොතරම් අසාධාරණද? දැන් මට අන්තයටම කලකිරිලා තියෙන්නෙ. කාන්තාවන්ට කුරිරු විදිහට දඬුවම් කරනව මදිවට පුංචි වයසේදීම ගෑනු ළමයින්ව කසාද බන්ඳලා දෙනවා. මගේ ලොකු අක්කා කසාද බැන්දේ අවුරුදු පහළොවෙන් අවුරුදු තිස්නවයක කෙනෙක්ව. දෙවැනි අක්කා අවුරුදු දහඅටෙන් අවුරුදු තිස්අටක කෙනෙක් බැන්දා. මුස්ලිම් කාන්තාවක් වෙනත් ආගමක පිරිමියෙක් ආශ‍්‍රය කළොත් ශරියා නීතියට අනුව පල්ලියට අරගෙන ගිහින් සෙමේට්රියේ වළක් හාරලා ඒ කාන්තාව වළට බස්සලා පොල්පිත්තෙන් අසූවක් ගහනවා. එහෙම දඬුවම් කරනවා මම දැකලා තියෙනවා...’’

    ‘‘අපේ රටේ සමහර පල්ලිවල ශරියා නීතිය ක‍්‍රියාත්මකයි. මටත් ශරියා නීතිය ක‍්‍රියාත්මක කරන්න හැදුවේ. 2019 මාර්තු 24 වැනිදා මහ පිරිසක් අපේ ගෙදරට ඇවිත් මාව පල්ලියට ඇදගෙන යන්න හැදුවා. එදා ගෙදර හිටියේ මමයි, අම්මයි, දරුවො දෙන්නයි විතරයි. මහත්තයා වැඩට ගිහින්. කොච්චර දොරට ගැහුවත් අපි දොර ඇරියෙම නෑ. හතරදෙනත් එක්ක කාමරයකට ගිහින් කාමරේ දොරත් වහගත්තා. වැඩි හොඳට ජුකී මැෂින් එකත් දොරට තියලා තද කළා. ඊට පස්සෙ 119 ට කතා කරලා ‘අපිව මරන්න මහ සේනාවක් ඇවිත්’ කියලා බණ්ඩාරගම පොලිසියට කිව්වා. මුස්ලිම් ආගමේ හැටියට වෙනත් ආගමක කෙනෙක් විවාහ කර ගත්තම මරණ දඬුවම දෙන්න පුළුවන්. පල්ලියෙන් හැදුවේ මාව මරන්න. ඒත් කෙළින්ම ඇවිත් මාව මරන්න ඒ අය බය වුණා. එදා ඒ අය ඇවිත් හිටියේ සමාජය ඉදිරියේ මාව ලැජ්ජාවට පත් කරලා සියදිවි හානි කරගන්න තැනට පත් කරන්න...’’

    ‘‘පල්ලියෙන් ඇවිත් කියලා කොච්චර දොරට ගැහුවත් අපි දොර ඇරියේ නෑ. ඊට පස්සේ වහළට නැඟලා අපි හතරදෙනා කාමරේ ගුලි වෙලා හඬන ෆොටෝ ගහලා බලලා මහ හයියෙන් හිනා වුණා. පොලිසිය ආවට පස්සෙ ගෙයි දොරවල් කඩාගෙන පොලිසියත් එක්කම එළියේ හිටිය සේනාවත් ගේ ඇතුළට ආවා. ‘ ඕකිව ඇදල ගන්න...’ දෙමළෙන් මහ හයියෙන් කෑගැහුවා. ඒ සේරම වීඩියෝ කරලා. පොලිසිය ගේ ඇතුළෙ හිටිද්දී අපි හිටිය කාමරේ දොර කඩාගෙන මැෂින් එකත් පෙරළගෙන ඇවිත් මගෙ ඇඳුම් ඉරලා, ළමයි දෙන්නට ගගහා වීඩියෝ කළා. ඊට පස්සෙ අපි තුන්දෙනාව ගෙයින් එළියට ඇදගෙන ඇවිත් නොසෑහෙන්න පරුෂ වචනයෙන් බැණලා අතින්, පයින් ගැහුවා. ගමේ සාමවිනිසුරු කෙනෙකුත් ඇවිත් පොලිසියෙන් ඇහුවා ‘මේකිව පොලිසියට අරගෙන ගිහින් දඬුවම් කරනවද... අපි පල්ලියට අරගෙන ගිහින් දඬුවම් කරන්නද කියලා. එතකොට පොලිසියෙන් කිව්වා අපි ගෙනියනවා කියලා. ඊට පස්සෙ මීටර් සීයක් විතර මාවයි, දරුවො දෙන්නවයි පයින් එක්කරගෙන ගියා. පාර දෙපැත්තෙ මහ සෙනඟක් රැස්වෙලා හිටියා. ඒ මිනිස්සු අපිට ගල්වලින් ගැහුවා. සමහර අය කෙළ ගැහුවා. හූ කිව්වා. පරුෂ වචනයෙන් බැන්නා. ඇඳුම්වලින් ඇඳලා ඉරිච්ච ඒවත් ඉරුවා. එදා අපිව නොමර මැරුවා. ඒ තරමට දස වඳ දීලා ලැජ්ජාවට පත් කළා. අපිට ගහලා ඇදගෙන යනවා ෆේස්බුක් එකටත් දාලා තිබුණා...’’

    ‘‘පොලිසිය කළෙත් පල්ලියේ අයගේ අවශ්‍යතාව ඉටු කිරීම විතරයි. මිනිස්සු අපිට හිරිහැර කරනකොට එපා කිව්වේවත් නෑ. අඩුම තරමින් අපේ ආරක්‍ෂාවට පොලිස් කාන්තාවක්වත් ඇවිත් හිටියේ නෑ. පොලිස් නිලධාරීන් හතරදෙනෙක් විතරයි ඇවිත් හිටියේ. මගේ ඇඳුම්වලින් ඇදලා මූණට ගහනකොට එකම එක නිලධාරියෙක් කිව්වා අත තියන්න එපා වෙඩි තියනවා කියලා. එහෙම කියලා අමාරුවෙන් අපිව අරගෙන ඇවිත් ජීප් එකට දාගෙන පොලිසියට ගෙනිච්චා. ඊට පස්සේ අපේ ගමේ මිනිස්සු පොලිසියටත් ඇවිත් අපි අඬන හැටි වීඩියෝ කළා. කිසිම පොලිස් නිලධාරියෙක් ඒ අයව එලවන්න උත්සාහ කළේ නෑ. මාව කූඩුවට දාන්න හදනකොට ‘අම්මව කූඩු කරන්න එපා’ කියලා ළමයි දෙන්න කෑගගහ ඇඬුවා. ඊට පස්සෙ තමයි තුන්දෙනාවම කූඩුව ළඟම වාඩි කරලා තිබ්බා. පහුවදා එකහමාර වෙනකම් අපිව පොලිසියේ තියාගත්තා. මට ඇප දෙන්න ඕනෑ කියලා කිව්වට පස්සෙ අම්මා ඇප දීල මාව ගත්තා...’’

    ‘‘පොලිසියෙන් නිදහස් වෙලා ඇවිත් ගෙදරට අඩිය තියනකොටම පෙර විදිහටම සෙනඟ පිරිලා නැවත කරදර කරන්න පටන් ගත්තා. පස්සෙ අපි යාළුවකුගේ ගෙදර ගිහින් නතර වෙලා ඉඳගෙන ඒ.එස්.පී. ඕෆිස් එකට කතා කරලා සිද්ධිය දැනුම් දුන්නා. ඊට පස්සෙ තමයි අප‍්‍රියෙල් 06 වැනිදා පොලිසියට එන්න කියලා දැනුම් දුන්නේ. අපි බණ්ඩාරගම පොලිසියට යනකොට පල්ලියේ භාරකාර මණ්ඩලයේ හතරදෙනෙකුත් ඇවිත් හිටියා. බණ්ඩාරගම පොලිසියේ ඕ.අයි.සී මහත්තයා පැමිණිල්ල විභාග කරලා අපේ ගෙදර කඩපු දොර ලොක් ටිකයි, වහලේ උලූ ටිකයි තියාගන්න රුපියල් තිස්දාහක් දෙන්න කියලා විත්ති පාර්ශ්වයට නියෝග කළා. ඒත් මට ලැබුණේ විසිඅටදාහයි. පොලිසිය හරි හැටි නීතිය ක‍්‍රියාත්මක කළේ නෑ. බණ්ඩාරගම පොලිසියේ ඕ.අයි.සී මහත්තයා අපේ අම්මට කියලා තිබුණා ‘ඔයා දන්නවානේ ශරියා නීතිය කියන්නෙ මොකක්ද කියලා. ඒ හින්දා දුවට ගමට එන්න එපා කියන්න’ කියලා. ඊට පස්සෙ අපි ඒ දුන්නු සල්ලිත් අරගෙන ගෙදර ඇවිත් පහුවෙනිදා මම නීති ආධාර කොමිෂන් එකට ගියා. එතැන හිටිය මිස්ලා මට ගොඩක් උදව් කළා. සාධාරණයක් ඉෂ්ට කරගත හැකි යැයි සිතෙන සෑම ආයතනයකටම ලියුම් හැදුවා. එක දිවුරුම් ප‍්‍රකාශයක් හදන්න දවසක් ගියා. ඒ මිස්ලා දවස් කිහිපයක්ම මා වෙනුවෙන් කැප වෙලා වැඩ කළා. වින්දිතයන් සුරැකීමේ මධ්‍යස්ථානයටත් ලිව්වා. මානව හිමිකම් නඩුවක් දැම්මා. වින්දිතයන් සුරැකීමේ මධ්‍යස්ථානයෙන් අපේ ලියුමට ප‍්‍රතිචාර දක්වලා තිබුණා. ඊට පස්සෙ තමයි මට පහර දුන්නු මිනිස්සුන්ට විරුද්ධව පොලිසිය නඩු දාලා තිබුණේ. ඒකත් අපි දැනගත්තේ අපේ වහළට ගල් වැටෙනකොට. මම අපිට පහර දුන්නු දහහතරදෙනෙකුගේ නම් සඳහන් කරලා පැමිණිලි කරලා තියෙනවා. ඒත් තවම කිසිම කෙනෙක්ව පොලිසිය අත්අඩංගුවට අරගෙන නෑ...’’

    ‘‘පල්ලිය කියන දේට විරුද්ධව පොලිසිය කතා කරන්නෙත් නෑ. අපේ ගමේ පල්ලියට දේශපාලන ශක්තියත් තියෙනවා. මට පහරදෙන්න නගර සභා මන්ත‍්‍රීවරයකුත් ඇවිත් හිටියා. පල්ලියේ භාරකරුවන්ගේ එක මැසේජ් එකට ලක්‍ෂයක් එකතු වෙනවා. ඒ තරම් සංවිධාන ශක්තියක් තියෙනවා. ඒත් පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සෙ නම් තවම අපිට කිසිම කරදරයක් නෑ. දැඩි නිහඬතාවක් තියෙන්නෙ. ඒත් දැන් ප‍්‍රචාරය අරිනවා මම අනාචාරය හැසිරුණා, එක, එක මිනිස්සු ගෙදරට ගෙන්න ගත්තා කියලා. මට එහෙම වෙන්න ඕන නෑ. හොඳ කඩවසම් මනුස්සයෙක් මට ඉන්නවා. මට කිසිම දේකින් අඩුවක් නෑ. අපි හරිම සතුටින් ජීවත් වෙනවා. අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැත්තේ පල්ලියෙන්. මම වගේ අසාධාරණයට පත්වෙච්ච මුස්ලිම් කාන්තාවො තවත් අපේ ගමේ ඉන්නවා. ඒ අයට සමාජ ඉදිරියට එන්න ශක්තියක් නෑ. පුංචි කාලේ ඉඳලා මම අසාධාරණයට විරුද්ධයි. හෙට මාව මැරුවත් මම අසාධාරණය වෙනුවෙන් කතා කරනවා...’’
    https://divaina.com/sunday/index.php/main-news/10469-2019-05-24-09-23-214
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කාලකන්නි මුස්ලිම් හැතිකරේ.... මේවාට උඩ ගෙඩි දෙන පකේ ආණ්ඩුව...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුස්ලිම් සමාජයේ බහුතරයක් මේ පීඩනය විදිනවා.... කතා කරන්න බයයි... කිසිම සාධාරණයක් නැති අමුම තිරිසන් ජාතියක්....
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    mehema naa kiyala sinhala untama kiyala kiyawagena.nodakin ratakata yana kalak.sinhala kellonta hoda padam.

    මහ පොන්න වේසියො.. හම්බයො කෙලින ගෑණු බන් ඔය.. 2.50ට රෙද්ද උස්සන එවුන්.. ගොඩක් උන් "හම්බ" වෙලා ඉන්නෙ. ඕකුන්ගෙ මිනිස්සුත් කොණ කපාගෙන ඉන්නෙ..