බණ්ඩාරනයක පවුලෙන් මර්වින්ට කසාදයක්
මට බණ්ඩාරනායක පවුලෙන් කසාදයක් වුනත් කරගන්න තිබුණා
March 1, 2013 at 5:43 pm | lanka C news
චන්ද්‍රිකා මහත්මිය මගේ පුතාට ගොන් පුතා යැයි පවසා ඇති බවත් “මම හැදුවේ ගොනෙක් නම් චන්ද්‍රිකා මැතිණියට මම කියනවා මම හොඳ කේප්පයෙක් කියලා” යැයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
විජය කුමාරතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී ඊයේ පැවැති උත්සවයකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.
තමන් මිනිස්සු ගස් බඳින මිනිහෙක් බව චන්ද්‍රිකා මහත්මිය දැන් කියන බවත් අවශ්‍ය වූවා නම් තමාට එදා බණ්ඩාරනායක පවුලෙන් කසාදයක් වුවද ගැනීමට තිබූ බවත් ඔහු එහිදී පැවසීය.
ඊට හේතුව තමාට උදේ, දවල් හා රූ වුණේ චන්ද්‍රිකාගේ ගෙදර දී, නිසා යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
මගේ කට හොඳ නැති බව සැබෑ නමුත් මම පාවා දීමට සුදානම් නැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ වුවද අනවශ්‍ය දෑ කියා මගේ කට අවුස්ස නොගන්නා ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු මෝඩයෝ බව හිටපු ජනපතිනිය කියන්නේ නම් ඔවුන්ට නාම යෝජනා දුන්නේ ඇයම නොවේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරන ලදී.
අද ඔවුන් හොරුන් මෝඩයින් හැටියට සලකන්නේ ඒ කාලේ ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහින් කාලා බීලා බවත් මෙසේ දෙඩවීමෙන් පෙනී යන්නේ ටවුන්හෝල් එකේ කොටි බොම්බෙන් චන්ද්‍රිකා මැතිණියගේ ඔලුව නරක් වී ඇති නිසා යැයිද මර්වින් සිල්වා අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය
- See more at: http://lankacnews.com/sinhala/news/91189/#sthash.0D3L56L4.dpuf