මෙහෙමයි මචං මම නම් පිනෙක් විදියට අළුතෙන් ආපු කෙනාගේ ලොකු වරදක් දැක්කේ නෑ.. ඒත් මෙන්න මෙහෙම දෙයක් වෙලා තිබුනා.. හාමුදුරුවෝ හිටිය කාලේ හාමුදුරුවෝ ළමයි එක්ක ගොඩක් හිතවත් වගේම එක එක කෙනාට විශේෂයෙන් සැලකුවේ නෑ..ගුරුවරු ළමයි කියලා වෙනසක් නෑ වරද කලොත් බඩු බනිස් තමා.. වගේම මම හිතන්නේ නෑ හාමුදුරුවොන්ගෙන් තරම් ඉස්කොලේ කොල්ලෝ වෙන කාගෙන්වත් ගුටි කාලා ඇති කියල.මතකනේ උදේ 6:30ට ඉස්කෝලෙට ආපු වෙලාවේ ඉඳන් ආයේ 1:30 වෙනකන් ම ඉස්කෝලේ වටේ ලොකු උණ පුරුකකුත් තියාගෙන ඇවිදපු හැටි. කොහොමත් ආයේ හාමුදුරුවෝ වගේ කෙනෙක් ලැබෙන්නේ නෑ..හාමුදුරුවන්ගේ සේවා කාලය ජනාධිපති දිග් කරලා දීලත් අදාල කාලෙට අවුරුද්දක් හෝ දෙකක් කලින් අයින් වෙලා ගියේ නිකන් නෙමෙයි.
ළමයි කොහොම කියුවත් හාමුදුරුවොන්ට පණ බයේ හිටියේ..ඒ බය උපරිම භයක්.හාමුදුරුවෝ ගිය ගමන් ළමයි ටික නන්නත්තාර උනා..
දැන් ඒ බය වෙන්න හිටපු කෙනා ගියා නේ. ළමයින්ට වෙනස් ම විදියකට නිදහස ලැබුණත් ඒ නිදහස අර කාලයක් තිබුණ හැදුන බයත් එක්ක බැලන්ස් කර ගන්න බැරි උනා. කොහොමත් ප්‍රින්සිපල් ම තමා වැඩේ කා ගත්තේ. ඕනවට වඩා කරට ගත්තම ඕන කෙනෙක් කරේ යනවා.
අළුත් ප්‍රින්සිපල් ආවෙත් මාස කිහිපයක් ගිහින් ඒ ප්‍රින්සිල් ගේ මරුමුස් මූණක් තිබ්බා නම් වැඩේ කලින් විදියටම යනවා.ඒත් එහෙම උනේ නෑ..පොර ආපු වෙලාවේ ඉඳලා බැලුවේ මේකේ ආනන්දේ වගේ කරන්න. ඉස්කොලේ ළමයින්ට අපිට ලැබුණට වඩා සම්පත් දුන්නා.. කොයි කාලෙද බං අපි බිග්-මැච් ගැහුවේ..කෝ අපිට බිග්-මැච් ගහන්න ඉස්කෝල..කොළඹ දාන සෙල්ලම් ගමට ගෙනාවම ගමේ ඉස්කොලේ උන් උඩ ගියා උන් තමා පොරවල් කියලා.. උඹට ඔය වෙනස හොඳටම දැනෙයි උඹ දන්න කියන කාගේ හරි දැන් ඉස්කොලේ O/L / A/L පන්තියක කෙනෙක් එක්ක ටික වෙලාවක් කතා කලා නම්.
පාරේ තොටේ අපේ ඉස්කොලේ ළමයි දකිනකොට උන් කියන කරන දේවල් ඇහෙනකොට ආදි ශිෂ්‍යයින් විදියට අපිට ලැජ්ජා හිතෙන අවස්ථා මම ඇති වෙන්න දැකලා තියෙනවා.අපේ කාලේ එහෙම චරිත හිටියේ හරි අඩුවෙන්. අපිව 6 ඉඳන් 11 වෙනකන් අරන් ආවේ දැඩි විනයක් මැද.මතකනේ අපිට හැරුණත් ඇති ඒ දවස් වල සට සට ගාලා වැදුණ විදිය.මම නම් අදටත් ඒ ගුරුවරුන්ට ගරු කරනවා ඒ මිනිස්සු නිසා අද අපි තැනකට ගියාම කිච වෙන්නේ නැතිව රෙස්පා පිට ඉන්න එකට..අපිත් එක්ක ඒ ගුරුවරුත් පාසලෙන් ඉවත් උනා. ඒත් ඒ වගේ චරිත අද අපේ පාසලේ ඉන්නවද කියන එක ට උත්තරයක් තමා ඔය ලැබිලා තියෙන්නේ...
එහෙම වෙන්නේ ඇයි I Don`t Know Why තමා.
එලට කියල තියනව.. එදයි අදයි ගැන කිව්වහම මුන් මේ වලිගෙ පාගාගෙන දගලනවනෙ ඉතින්

අන්තිමට අහක ඉන්න උන්ට අරින්න කතා කරනවා..

අන්තිමට අහක ඉන්න උන්ට අරින්න කතා කරනවා..




mehema chora wela na ban kisima school ekak.
guu 70i


