බතට කන්න බැරි බතලේගල කන්දේ නගිමු - බතලේගල 🧗🏻‍♀️🧗🌿☘️ ( Bathalegala )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බතට කන්න බැරි බතලේගල කන්දේ නගිමු -  බතලේගල  🧗🏻‍♀️🧗🌿☘️ ( Bathalegala ) - Your Choice Way
    අද අපි කතා කරන්නේ බතට කන්න බැරි කන්දක් ගැන??

    බතට කන්න බැරි බතලේගල කන්ද
    අලට කන්න බැරි අලගල්ලේ කන්ද
    හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
    මෙකඳු තුනට නායක සමනොළ කන්ද
    මුහුදු මට්ටමේ සිට අඩි 2618ක උසකින් පිහිටි මේ සුන්දර හු‍දෙකලා කඳුවැටිය කදු නගින්නන් අතර මනා ප්‍රසිද්ධයි...

    මේ කන්ද අඩි 540ක් පමණ උසයී.. මෙය සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ අරණායක නගරයට ආසන්නව තමා පිහිටලා තියෙන්නේ..

    බැලූ බැල්මට බතලේගල කන්ද සීගිරීයේ අනුරුවක් වගෙත් පේනවා... මෙයට පුංචි සීගිරිය ඒවගේම බයිබල් රොක් කියලත් හදුන්වනවා..

    අද වන විට මේ කන්ද මුදුනේ 'බතලේගල බෞද්ධාලෝක මහා විහාරය ස්ථාපිත කරලා තියෙනවා..

    බතලේගල කන්ද පිළිබඳ ජනප්‍රවාදයේ බොහෝ කතා එනවා..

    බතලේගල කන්ද හු‍දෙකලාව පිහිටි කඳුශිඛරයක් බැවින් එදා සිටි රජවරුන්ට ආරක්ෂාව සැපයූ ආරක්ෂක බළ කොටුවක් ලෙස භාවිත කර තිබෙනවා

    ඒ වගේම හමුදාව එක්රැස් කර තිබූ මධ්‍යස්ථානයක් ලෙසත් බතලේගල කන්ද භාවිත කර තිබූ බව ඉතිහාස ගත වෙනවා..

    කඳු අතරින් ගලා හැලෙන දිය දහරා, දොළ පහරවල් මෙන්ම මේ පරිසරයට ආවේණික ගස්වැල් රැසක් මේ සොඳුරු පරිසරය පුරා විසිරී පැතිරී තිබෙනවා...


    විවිධ වර්ගයේ කුරුල්ලන්ගේ සුමියුරු ගී හඬ මේ සොඳුරු පරිසරයට එක්කරන්නේ අපූර්වත්වයක්...

    බතලේගල කඳු මුදුනට දිස්වන අවට පරිසරය සැබැවින්ම මනස්කාන්තයී...

    බතලේගල නගින එක එතරම්ම අපහසු කාරණයක්‌ නෙමේ..මෙහි තියෙන කැලෑබද අඩි පාර නිතරම මිනිස්‌සු පාවිච්චි කරන එකක්‌. ඒ නිසා ගමන ටිකක් පහසුයි..

    මොකද බතලේගල මුදුනේ එක්‌ පසෙක බෞද්ධ විහාරස්‌ථානයක් තියෙනවනේ...

    තව කතාවක් තියෙනවා...

    1956 දී එවකට සංස්කෘතික ඇමැති ඇතුළු ගම්වැසියන් එකතුවෙලා මේ කඳු මුදුනේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් රෝපණය කරලා සති පිරිතක් ද කියල තියනවා.

    පසුකාලීනව නිසි නඩත්තුවක් නැතිව මෙම ස්ථානය පරිහානියට පත් වෙලා තිබෙන බවයි අපිට දැනගන්න ලැබුනේ...

    ඔබ ජීවිතයේ එක් දිනක හෝ මේ පින් බිමේ ඔබේ පා සටහන් පමණක් තබා යන්න අමතක කරන්න එපා...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here