1900 ගණන් වගේ ගොඩක් ඉස්සර සිටි මිනිසුන් දුර ගමන් යනවිට බත් ගෙනිච්චේ කෙසෙල් කොළේ ඔතාගෙන නෙවෙයි. පුවක් කොළපුව දන්නවද. පුවක් කොළපුව ගණකමයි හමක් වගේ, පුවක් කොළයක් (අත්ත) කඳට සවි වෙලා තියෙන්නේ කොළපුවෙන්. එක ලේසියෙන් මැදින් පලන්න පුළුවන්. එතකොට උඩින් හැර ඉතිරි තුන් පැත්තෙන්ම ආවරණය වෙලා තියෙනවා. හරියටම මල්ලක් වගෙයි, ශක්තිය වැඩි වෙන්න යටින් නවල ගැටගහනවා. උඩ තියෙන සිදුරෙන් බත් දාන්න පුළුවන්. ඊට පස්සේ එක තදට ඇදල වහල ඕන තැනක අරන් යන්න පුළුවන්. ඉස්සර පැණි මුළ කියල විකුනුවෙත් ඒ විදියටම හදපු පුවක් මල්ලක පැණි පුරවලයි.