බද්දේගම සමිත හිමියන්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    බද්දේගම සමිත හිමියන් කොරෝනා අසාධනය වීමෙන් අද අලුයම අපවත් වී ඇත. ලංකාවේ ඉන්න ඕනේ හොඳ අය මෙලොව අය හැර යනවා. අවංකවම මාරම දුකයි මචං . උන් වහන්සේට නිර්වාන සම්පත්තිය ලැබේවා.

    baddegama-samitha-himi-825x412.png
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සියලු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් හැමදාම නිවැරදි මතයක සිටි ඔබවහන්සේලා වගේ යතිවරයානන්ට වඩා යුක්‍රේන ගනිකාවන්ට වටිනාකමක් දීමේ ප්‍රතිඵල අද අපි විදිමින් සිටිමු. :(
    මතු ආත්මයක මුන්වැනි තිරිසන්නු මුන නොගැසේවා :no:
    ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා! 🙏
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නිවන් සුව

    අඩේ මන් අහල නෑනෙ මේ හාමුදුරුවො ගැන
    මේ ස්වාමීන්වවහන්සේ ජේ ආර්ගෙ වියරු පාලනය කාලේ නිදහස් අධ්‍යාපන අයිතීන් රැකගැනීම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල අභීත චරිතයක්...

    කැළණි කැම්පස් එකේ තිබ්බ ශිෂ්‍ය අරගලයක් මර්ධනය කරන්ට ජේ ආර්ගේ මැර හමුදාව කඩු කිනිසි අරන් ඇවිත් කොල්ල‌ො කෙල්ල‌ොන්ට ගහද්දි ‍ එතකොට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක්ව හිටපු මුන්වහන්සේ් ඒ මැරයෝ එක්ක ගහගෙන එකෙක්ව මරලා ඒ ළමයින්ගෙ ජීවිත බේරගත්තා කියලා අහලා තියෙනවා

    පස්සෙ මහින්දලා එක්ක දේශපාලනෙට ආවත් දැන් ඉන්න ආණ්ඩුවට හිතවත්ය කියන භික්ෂූන් වහන්සේලා වගේ උන්ගෙ මඩ ගොඩට වැටුන් නෑ..හැම ජාතීන්‌ගේම අයිතින් වෙනුවෙන් හැමවෙලේම පෙනි හිටපු චරිතයක්
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    දේශපාලනේ කලාට හාමුදුරුවෝ කවදාවත් බනට දේශපාලනේ ගාවගත්තේ නෑ..බණ වෙනම කිවුවා, දේශපාලනේ වෙනම කලා..අද ගොඩාක් හාමුදුරුවෝ බණ ඇතුලේ දේශපාලනේ දේශනා කරන්නේ..මම දන්න තරමින් මුන්වහන්සේට කොරෝනා හැදුනේ කොරෝනා ආසාදිතයෙක්ගේ ගෙදරක බනට වැඩලා..නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ..
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Not as a monk , but as a politician he had good knowledge about current affairs. He entered parliament early and may be first monk and the only one in that parliament. He is a giant to present day infant politicians. But people did not consider him suitable to parliament whereas corrupt money spinners were re appointed. I did not like him entering politics while being a priest at that time. But he entered parliament on merit not due to priesthood.
    Bu t later priesthood was used to enter parliament by many to utter lies like ven Ratana, ... abandoned baby elephants in temple priest...
     
    • Like
    Reactions: sakuntha1996

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    පූජ්‍ය බද්දේගම සමිත හිමි ! සමසමාජය විෂම සමාජය සහ සටන්කාමීත්වය
    ✊

    සමිත හිමියෝ මාගේ අම්මාගේ විශ්ව විද්‍යාල සමකාලීනයෝය. උන් වහන්සේගේ විශ්ව විද්‍යාල ජිවීතයත්, දේශපාලන ජීවිතයත් සමාජ ජිවීතයත් මාගේ මව හා පියාගේ ජීවිත සමඟ එකට ගමන් කළහ. එනිසා එහි බැල්ම සහ ඇල්ම මගේ ජීවිතයටද නොයෙක් ආකාරයෙන් ලොකු කුඩා කිරණ ලෙස පතිත වී ඇත.
    උන්වහන්සේ අවංක සටන්කාමියෙකි. අපවත්වනතුරා ඒ අවංක සටන්කාමී ජීවිතය උන් වහන්සේගේ ආදර්ශය විය.
    මා උන්වහන්සේ පිලිබඳ සදා අගයන කාරණය ඒ අවංක සටන්කාමීත්වයයි. මැතිව් ගේ මැරයන් හැත්තෑ ගණන් වල අග දවසක කැලණිය විශ්ව විද්‍යාලයට වැද ශිෂ්‍ය නායක මර්දනය අරඹද්දී මර්දනය මර්දනය කෙරුණේ උන් වහන්සේ අතිනි. ඒ අවංක ප්‍රතික්‍රියා දැක්වීමකි.
    “කැළණියෙන් විද්‍යාලංකාරයෙන් සිපිරිගෙදරටත් එතැනින් එංගලන්තයට ලැන්කෂයර් විශ්ව විද්‍යාලයට තුලනාත්මක ආගම් සහ දර්ශනය පිලිබඳ හැදෑරීමට ආපසු ලංකාවට නැවත දේශපාලනයට බද්දේගම අසුනට දකුණු පළාත් සභාවට මැති සබයට”..... පසුකර ආ මේ සියලු තැන්වල උන්වහන්සේ අවංක සටන්කාමීත්වයක් ඉතිරි කර ගියහ.
    ගරුතර ස්වාමීන් වහන්සේලා දේශපාලනයට පිවිසීම, නැත්තන් “සිවුරේ දේශපාලනය” යන වත්මන් අජූත සංසිද්ධියට වහකිවයුත්තේ උන් වහන්සේ නොවේ. දේශපාලනයට පිවිසීම හරහා සමිත හිමියන් අතිශය අවංක සහ ස්ථාවරව, බුද්ධ චීවරයේ සමාජ බලයට එපිටින් ගොඩ නගා ගත් යමක් වේද එය විහිළුවක් කොට විනාශ කරන ලද්දේ උන්වහන්සේට පසුව මැතිසබය නියෝජනය කළ ස්වාමීන් වහන්සේලා විසිනි. ආගමයි ජාතියයි ෂොපින් බෑග් දෙහෙක එල්ලාගෙන දියවන්නාවෙන් බැස පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් පසුකළ කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙකු උන් වහන්සේ ළඟ පිච්චියක් නොවටී.
    උන් වහන්සේ ජීවත් වූ විෂ-ම සමාජය විෂහරණය කරන්නට දැක්වූ දායකත්වය ස්පොට් එර්දිබලයක් ලැබීම, උන් තැනම රහත් භාවයට පත්වීම වැනි ඉහළ ආස්ථානයක උන්වහන්සේ රැඳවීමට ප්‍රමාණවත් බව මගේ පෞද්ගලික මතය වේ. උන් වහන්සේ සදා සමීපව ඇසුරු කළ මගේ පවුල සහ එහි සාමාජික අපි සියල්ලන් ජාතිවාදී ආගම්වාදී පිස්සන් නොවීමට ඒ බලපෑම තදබල හේතුවක් විය. නැත්තන් මා නියෝජනය කරන විෂම සමාජය පල්ලි ළඟ ජල්ලි ඇල්ලීමට උපන් හපන් ය. උන් වහන්සේ ඉමිතියාස් බාකීර් මාකර් ලා එක්ක එකට ඉගෙන ගත්තෝය. එකට සමවාදී දේශපාලනය කළෝය. සමාන අරමුණු වෙනුවෙන් එකට පියෑඹූවෝය. ඕසෝන් සිදුරු, ආම්ලිකව ඝනීභවනය වූ විෂ වලාකුළු, දරුණු අධෝරක්ත කිරණ, හදිසියේ ඔළුවට කඩාපාත්වන ග්‍රහක කෑලි බෑලි අතර උන්වහන්සේත් අන් සියලු සම පියාපත්ධාරිනුත් එකට පියඹා ගිය අහස මා මේ ජිවිත කාලය තුළ දුටු ලස්සනම අහසකි.
    නිවන් ලැබීමද සටන් කිරීමද තෝරාගන්නේ කියා මා ඇසුවොත් ඔබ වහන්සේ මේ කෙල්ලට දෙන උත්තරය කුමක්ද !
    ස්තූතියි
    💕

    Nadeesha Chandrasena

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහණවෙලා හිටියත් නිවන් දකින්න උවමනාවක් නොතිබුන කෙනෙක්. එහෙම කෙනෙකුට නිවන් සුව අත්වේවා කියන එක මට ටිකක් අවුල් වගෙ
     
    • Dislike
    • Like
    Reactions: jaathi and erozan