බදුවලට බයේ කාර් හංගපු තැන
බදුවලට බයේ කාර් හංගපු තැන
බෙල්ජියමේ වෙලෝනියාහි චැටිලොන් නමැති ප්‍රදේශයේ ඇති අපූරුතම ආකාරයේ සොහොන් බිමක් ඇති බව වාර්තා වනවා. මෙම සොහොන් බිමෙහි මිහිදන් කර ඇත්තේ මිනිසුන් නම් නෙවෙයි. මෙහි මිහිදන් කර ඇත්තේ කාර් රථය. වෙලෝනියා ප්‍රදේශයේ කුඩා වන්නතරයක පිහිටි මෙම කාර් සොහොන් බිම එරට ඉහල පෙළේ ආයෝජකයින් පිරිසකට අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මෙම කුඩා වනාන්තරයෙහි බහුල වශයෙන් මිදි වැල් ඇති බවත් පැවසෙනවා. මෙහි ඇති මෝටර් රථවල ශාඛ හා වැල් වර්ග මෙන්ම පාසිද දක්නට ලැබෙන බවත් එසේම මෙම සියලුම වාහන මලකඩ කඩා විනාශ වී ඇති බවත් පැවසෙනවා. ඉතා පැරණි මෝටර් රථවල සිට නවීනතම මෝටර් රථ දක්වා මෙම සොහොන් බිමෙහි ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මෙම සොහොන් බිම දෙවන ලෝක යුද සමයේදී එක්සත් ජනපදයේ වාහන සේවා කිරීමේ නිලධාරියකු විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔවුන්ගේ වාහන සිය රටවලට ගෙන යාමට අධික බදු මුදලක් ගෙවීමට සිදුවන හෙයින් ඒවා සඟවා තැබීම සඳහායි. එහෙත් පසුකාලීනම බෙල්ජියමේ ඉහළ පෙළේ ආයෝජකයන් විසින් මෙම කාර් සොහොනට වාහන ගෙනවිත් දමා තිබෙනවා.
මෙහි පහත දැක්වෙන්නේ එම කාර් සොහොන් බිමෙහි ඡායාරූප පෙළෙකි.