බදුවලට බයේ කාර් හංගපු තැන

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    බදුවලට බයේ කාර් හංගපු තැන

    බදුවලට බයේ කාර් හංගපු තැන

    බෙල්ජියමේ වෙලෝනියාහි චැටිලොන් නමැති ප්‍රදේශයේ ඇති අපූරුතම ආකාරයේ සොහොන් බිමක් ඇති බව වාර්තා වනවා. මෙම සොහොන් බිමෙහි මිහිදන් කර ඇත්තේ මිනිසුන් නම් නෙවෙයි. මෙහි මිහිදන් කර ඇත්තේ කාර් රථය. වෙලෝනියා ප්‍රදේශයේ කුඩා වන්නතරයක පිහිටි මෙම කාර් සොහොන් බිම එරට ඉහල පෙළේ ආයෝජකයින් පිරිසකට අයත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මෙම කුඩා වනාන්තරයෙහි බහුල වශයෙන් මිදි වැල් ඇති බවත් පැවසෙනවා. මෙහි ඇති මෝටර් රථවල ශාඛ හා වැල් වර්ග මෙන්ම පාසිද දක්නට ලැබෙන බවත් එසේම මෙම සියලුම වාහන මලකඩ කඩා විනාශ වී ඇති බවත් පැවසෙනවා. ඉතා පැරණි මෝටර් රථවල සිට නවීනතම මෝටර් රථ දක්වා මෙම සොහොන් බිමෙහි ඇති බවයි වාර්තා වන්නේ.


    එසේම මෙම සොහොන් බිම දෙවන ලෝක යුද සමයේදී එක්සත් ජනපදයේ වාහන සේවා කිරීමේ නිලධාරියකු විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔවුන්ගේ වාහන සිය රටවලට ගෙන යාමට අධික බදු මුදලක් ගෙවීමට සිදුවන හෙයින් ඒවා සඟවා තැබීම සඳහායි. එහෙත් පසුකාලීනම බෙල්ජියමේ ඉහළ පෙළේ ආයෝජකයන් විසින් මෙම කාර් සොහොනට වාහන ගෙනවිත් දමා තිබෙනවා.

    මෙහි පහත දැක්වෙන්නේ එම කාර් සොහොන් බිමෙහි ඡායාරූප පෙළෙකි.


    sohona-nethfm.com-01.jpg


    sohona-nethfm.com-02.jpg


    sohona-nethfm.com-03.jpg


    sohona-nethfm.com-04.jpg


    sohona-nethfm.com-05.jpg


    sohona-nethfm.com-06.jpg


    sohona-nethfm.com-07.jpg


    sohona-nethfm.com-09.jpg


    sohona-nethfm.com-11.jpg
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    පට්ට කාර් බං මෙතන තියෙන්නේ, ආසාවේ බෑ බං :love:
    ලංකාවේ තිබ්බානම් යකඩ වලට කවුරු කවුරු හරි කපලා විකුණනවා :D
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    පට්ට කාර් බං මෙතන තියෙන්නේ, ආසාවේ බෑ බං :love:
    ලංකාවේ තිබ්බානම් යකඩ වලට කවුරු කවුරු හරි කපලා විකුණනවා :D

    එකෙන්ම බන්
    0002031F.gif
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් ඉතින් හංගපු එකෙන් වැඩක් තියෙනවද????

    හන්ගලා නෙමේ අතැරෙලා දාලා ගියපු වාහන. 2 ලෝක යුද්දෙදි බෙල්ජියමේ ස්ථානගත කල සොල්දාදුවන්ගේ වාහන. ලිපිය පරිවර්තනය කරද්දි පොඩ්ඩක් වෙනස් වෙලා. හරි ලිපිය: http://www.dailymail.co.uk/news/art...ldiers-hid-beautiful-vintage-motors-WWII.html
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    හන්ගලා නෙමේ අතැරෙලා දාලා ගියපු වාහන. 2 ලෝක යුද්දෙදි බෙල්ජියමේ ස්ථානගත කල සොල්දාදුවන්ගේ වාහන. ලිපිය පරිවර්තනය කරද්දි පොඩ්ඩක් වෙනස් වෙලා. හරි ලිපිය: http://www.dailymail.co.uk/news/art...ldiers-hid-beautiful-vintage-motors-WWII.html

    අම්මට සිරි මුන් බොරුනේ බන් දාලා තියෙන්නේ :angry: