හදිස්සියේම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික භාණ්ඩ 200 ක විතර පනවා තිබු බද්ධ 50% සිට 200% අතර අගයකින් වැඩිවෙනවා. මෙතැනදී මන් ඇතුළු ගොඩක් අයට එකපාරට ඔළුවට එන්නේ භාණ්ඩ මිල දෙගුණයක් වෙන්න යනවා කියන එක. ඇත්තම කතාව එහෙම නෙවෙයි, මෙතැනදී වෙන්නේ මේ වගේ දෙයක්.
උදාහරණයට TV එකක් ගමු.
TV එකේ පැවති මිල රු.200,000 කියලා හිතමු. (මේකට රජයෙන් අය කරපු රු.25,000 බද්ධ ඇතුලත් කියලා හිතමු. ඒ කියන්නේ 175,000 TV එකට රු.25,000 ක් බදු ගහලා TV එකේ වටිනාකම රු.200,000 යි කියල හිතමු. )
දැන් අද මධ්‍යම රාත්‍රියේ සිට TV සඳහා අය කරන බද්ධ 100% කින් වැඩිකරනවා. ඒ කියන්නේ TV එකේ අලුත් මිල රු.400,000 ද ? නැහැ.
බද්ධ ඩබල් වෙන්නේ. ඒ කියන්නේ රු.25,000 ක් තිබ්බ tax එක 100% කින් වැඩිවෙලා රු.50,000 වෙනවා.
ඒ කියන්නේ TV එකේ අලුත්ම මිල වෙන්නේ රු.225,000 යි.
එතකොට මේ වගේ තමයි අනික් භාණ්ඩ වලටත් අයවෙන බද්ධ සහ මිල අතර ප්‍රස්ථාරය ඇඳෙන්නේ.
මේ ගමන් හැබැයි ලංකාවේ මාෆියා බිස්නස්කාරයෝගෙන් පරිස්සම් වෙන්න ඕන. ඒ කියන්න ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකරණ වගේම අර බදු වැඩිවෙන list එකේ තියන භාණ්ඩ වල වටිනාකම හෙට උදේ වෙද්දී ඩබල් වෙලා තියෙයි. ලංකාවේ ගොඩක් බිස්නස්කාරයෝ කරන්නේ මිනිස්සු අසරණ වෙලා තියන වෙලාවක පුළුවන් උපරිම ලාබ ලබන්න.
සිල්ලර කඩ මුදලාලි පවා කරන්නේ මේක. ඒ කියන්නේ පාන්පිටි මිල
ජූලි මාසයේ සිට රු.10 කින් වැඩි වෙනවා කිව්වොත් අද ඉඳන් කඩවල එක්කෝ පාන් පිටි නැහැ. එහෙම නැත්තන් මේ දැන් ගිහින් පාන් පිටි ගත්තොත් එකෙ මිල රු.10 කින් වැඩිවෙලා. ඇහුවොත් කියන්නේ, "මේ දැන් අලුත් මිලට ගෙනත් බෑවේ" වගේ සුරංගනා කතා. වැඩි වෙන්නේ රු.10 ක් වගේ මුදලක් නිසා අපි වුනත් ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ බොහෝ වෙලාවට.
හැබැයි මෙතන කතාව ඊට වඩා වෙනස් දෙයක්. හැමෝටම දැනෙන දෙයක්. ඒ කියන්නේ 200,000 ට තිබ්බට TV එක 225,000 වෙද්දී රු.25,000 ක් වැඩි වෙලා. දැනෙනවා. හැබැයි මේක අයත් වෙන්නේ මින් ඉදිරියට import කරන TV වලට මිසක් දැන් showroom වල තියන TV වලට නෙවෙයි. මෙව්වා වල මිලක් ගහලා නැති නිසා හෙට ඉදන් වුනත් price වැඩිවෙලා තියෙන්න පුළුවන්.
ඒ වගේම විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන දෙයක් තමයි අර මන් උඩින් කියපු කාරනාව, මෙතන 100% කින් වැඩි වෙන්නේ බදු මිසක් භාණ්ඩයේ වටිනාකම නෙවෙයි. ඒ නිසා
රු.200,000 TV එක හෙට රු.400,000 ක් වෙලා තිබ්බොත් ඒවා මිලදී ගන්න එපා. වර්ජනය කරන්න. ඒ වගේ වංචා කරන මුදලාලිලා ගැන සමාජයේ ඉදිරියේ දැනුවත් කරන්න. එවැනි ආයතන ගැන සමාජය දැනුවත් කරන්න. වංචා කරන කිසිම කෙනෙක්ට මේ රටේ තවදුරටත් රජකරන්න ඉඩ තියන්න එපා.
සටහන : Hamza Haniffa