බන්දුල වර්ණපුර සමුගනී

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    10/18/2021 10:49:00 AM

    AVvXsEihs3Pn12WyL1mdHUyZXPRqaHMY6lM_1S95boV6ak4apcJtbuuuBdSvm4wkl_1sF4zSdtgElfVCDCuHeAdlRjS_hRldVxmelgGDcbxNiAiK2N9lAWaNdRAoIF1o8InhEWXHGt6oWCjwIS-GP2eEAdKTnj7rRTVgdRqa1uQtNWWCEUnD7mdc61QL2bRBPw=s16000

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භ නායකයෙකුවූ බන්දුල වර්ණපුර මහතා අද (18) අභවප්‍රාප්ත වූයේය.දියවැඩියා රෝගයෙන් පෙළුණු බන්දුල වර්ණපුර මහතා පසුගිය දින කිහිපයේදී කොළඹ පෞද්ගලික රෝහලක
    නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි අතර

    අසාධ්‍යව රෝහල් ගත කර තිබූ අවස්ථාවේ දියවැඩියා උත්සන්න තත්වය හේතුවෙන් පාදයක් ඉවත්කිරීමේ සැත්කමක් සිදු කරන්නටත් සිදුව තිබුණි. ඉන්පසුව ඔහු තවත් අසාධ්‍ය වූ අතර අද මියගියේය.
    68 හැවිරිදි වියේ පසුවූ වර්ණපුර මහතා 1975 සිට 1982 දක්වා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 4 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කළේය. ඔහු දකුණත් ආරම්භක පිතිකරුවෙකු මෙන්ම දකුණත් මැද වේග පන්දු යවන්නෙකුද විය.
    මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමූ ශ්‍රී ලාංකිකයා වන්නේ වර්ණපුරයි, ජාතික ක්‍රිකට් පුහුණුකරුවෙකු හා ක්‍රිකට් පරිපාලකයෙකු ලෙසද කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පසුගිය පෙබරවාරියේ තරග වැදීමට නාමයෝජනා ලබාදී පසුව ඉවත්වූ කණ්ඩායමටද අයත්විය.

    බන්දුල වර්ණපුර උපන්නේ 1953 මාර්තු 1 වන දින රඹුක්කනදී ය.
    ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. බන්දුල 1971 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ පළමු XI ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය. වර්ණපුර අයිසීසී තරග තීරකවරයෙකු ලෙස සහ විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇති අතර සහතික ලත් ක්‍රිකට් පුහුණුකරුවෙකු ද වේ. ඔහු 1994 දී පුහුණු අධ්‍යක්‍ෂක ලෙස පත් වීමට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. ඔහු 2001 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විය.2008 දී ඔහු ඉල්ලා අස්වීමට පෙර වසර අටක් එම තනතුරේ කටයුතු කළේය. ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කළමනාකරු ලෙස අවසන් වරට කටයුතු කළේය.දැනට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මලින්ද වර්ණපුර ඔහුගේ ඥාතී පුතෙකි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,783
    113
    පෘථිවිය
    අවසන් වතාවට යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගනය තනතිරුව සැදීමේ වගකීම් ඔහුට හිමිව තිබුණි.

    පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ තනතිරුව සැදීමද ඔහුගේ අධීක්ෂණයෙන් සිදුවුනි.