මචෝ ...මගේ උපදෙස නම් මෙන්න මේ කරුණු සලකා බලන්න...
1.දාන නම ලමයට පොඩිකාලෙදිම උච්චාරණය (pronunce) කරන්න පුළුවන්ද...?
(සමහර නම් තියෙනවා, වැඩිහිටි අපිටත් කියාගන්න අමාරු, එතකොට වෙන්නේ නමේ කෑල්ලක් හෝ වෙන නමක්/ විහිලු නමක් හැදෙන එක)
2. පොඩිඑකාට english /සිංහල දෙකෙන්ම ලියන්න ලෙහෙසි වෙන්න ඕන..
3. නමේ තේරුම ලොකුවට අදාල වෙන්නම ඕන නැහැ..මොකද අද සමාජයේ ඉන්න බොහො දෙනෙක් කරන්නේ නමට ගැලපෙන වැඩ නෙමෙයි
4.අන්තිමට කියන්න තියෙන්නේ නම කියන්නේ හදුනාගැනීමෙ ක්‍රමයක් මිස තරගයක් නෙමෙයි.....
(මට ඉන්නේ පුතාල දෙන්නෙක්, අහුබුදුගේ සෙට එක එවපු නම් වයිෆ්ටයි මටයි සෙට් වුනේ නැහැ ...අපි ඒ අකුරුවලට සෙට් වෙන්න නම් හදලා දැම්මා)
උබේ අහපු ත්‍රෙඩ් එකෙන් අහපු ප්‍රශ්නෙට මගේ උත්තරයනම් "නිහේලි" ලස්සන,පහසු නමක්...දෙවෙනි නමට අකුර "ය" නම් මම යෝජනා කරනවා "නිහේලි යස්මින්" කියලා...