බබාලා විතරයි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තුන් සරණේ හරිද?


    ව්‍යාපාරිකයෝ සතර දෙනෙක් එක් සති අන්තයක උතුරේ සවාරියක් ගොස්, නාගදීපය බලා යාමට බෝට්ටුවකට ගොඩ වූහ. ඉන් එක් අයෙක් මුස්ලිම් භක්තියකු වූ අතර ඉතිරි තිදෙනා බෞද්ධයෝ වූහ.
    ගමන ඇරැඹී බෝට්ටුවට මුහුද මැදට පිවිසෙත් ම බෝට්ටුවේ ඇන්ජිම ක්‍රියා විරහිත වී, බෝට්ටුව වේගයෙන් ගැහෙන්නට විය.
    සිදුවීමට යන විපත ගැන ඉව වැටුණු බෞද්ධයෝ තිදෙනා, තුන් සරණේ කවි කියන්නට පටන් ගත්තේ ඉන් පිළිසරණක් පතමිනි. මෙය අසා සිටි මුස්ලිම් වෙළෙන්දා ඉතිරි තිදෙනා දෙස නොසතුටින් බලා මෙසේ කීය.
    ‘චී... චී... මෙතන අපිලා ඔක්කොම හතර දෙනයි. තමුසෙලා තුන් සරණේ විතරක් කියනවා. හතර සරණේ තමා කියන්ඩ ඕනේ...?

    :eek::eek:


    සුමාන පඩි


    වැඩ ඇරී ගෙදර යන සිල්වාට, පෙරේරා හමු වුණේ මහමඟ දී ය.
    ‘ඉස්සර නං අපේ මායියා මුළු මාසෙටම මගෙත් එක්ක රණ්ඩු කරගත්තේ එක දවසයි. දැන් මාසෙට දවස් හතරක් ම ඒ ගෑනි මගෙත් එක්ක වලි.’ පෙරේරා කිව්වේ සිල්වා ආගිය තොරතුරු විමසද්දී ය.
    “ඒ මොකද මිස්ටර් පෙරේරා?” සිල්වා යළිත් විමසුවේ විමතියෙනි.
    “දැන් මම වැඩ කරන කොම්පැනියේ ගෙවන්නේ මාසෙ පඩි නෙමෙයි, සුමානෙ පඩි” පෙරේරා කීය.

    :growl::growl:


    ලොක්කා මාරු වෙලා


    මීයෝ දෙදෙනෙක්,, දිනක් රාත්‍රියේ රජයේ කාර්යාලයකට ඇතුළු වී එහි ප්‍රධානියා ගේ විශාල මේසය මතට ගොඩ වුණේ්ය.
    ‘මෙතැන කලින් හිටපු ලොක්කා මාරු වෙලා ගිහිං බං.” මේසය මත එහා මෙහා දුවමින් ඉව ඇල්ලූ එක මීයෙක් අනෙකාට කීය.
    “උඹ කොහොමද එහෙම කියන්නෙ” විමතියට පත් අනෙක් මීයා ඇසීය.
    “ඇයි බං අපි කලින් සැරේ එනකොට මේ මේසෙ උඩ තිබුණු රේස් කොළ මිටිය දැන් මෙතන නැහැනෙ...” පළමු මීයා කීවේය.

    :shocked::shocked:


    හඳ ඕනෑ ද?


    ලෙස්ලි මානෙල්ට ප්‍රේම කළේ මුළු හදවතින් ම ය. මානෙල් කියන ඕනෑ ම දෙයක් කියූ සැණෙන් කිරීමට තරම් උමතු පෙම්වතකු වූ ලෙස්ලි දිනක් රාත්‍රියේ මුහුදු වෙරළට වී මානෙල් සමඟ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේ ය.
    බලන්ට අනේ, අද හඳ මොන තරම් ලස්සන ද? මානෙල් කීවේ ලෙස්ලි දෙසත්, අහස දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.
    “ඇයි රත්තරන්, ඔයාට ඒක ඕනෙද?” ලෙස්ලි ඇසුවේ ආදරයෙන් මුසපත් වෙමිනි.

    9.gif
    9.gif


    බබාලා විතරයි


    සමීක්ෂණයක් සඳහා කොළඹට සමීප නගරයක නිවෙසක් වෙත ආ එන්ජීඕ නිලධාරියා එහි ගෙහිමියා ගෙන් මෙසේ ඇසීය.
    “මේ නගරෙ ප්‍රභූ වරු හෙම ඉපදිලා තියෙනවද?”
    “අපොයි නෑ සර්. බබාලා විතරයි.” ගෙහිමියා සැණෙකින් පිළිතුරු දුන්නේ ය.

    :dull::dull:

    උපුටා ගැනීම : සිළුමිණ
     
    • Like
    Reactions: nisha500

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ‘චී... චී... මෙතන අපිලා ඔක්කොම හතර දෙනයි. තමුසෙලා තුන් සරණේ විතරක් කියනවා. හතර සරණේ තමා කියන්ඩ ඕනේ...?

    ha......ha.......ha...........