" පොළොවට බරක් වීම අත් හැරි මල් කැකුළ " වෙනුවෙන් විරෝධය පෑමක්
පාසැලේදි ලිංගික අතවරයට ලක්වූ දැරියට සවන් නොදීම ,
පාසැලේ නම රැකීමට ,
ගුරුවරයා සුරැකීමට කැප වී සේවාදායකත්වය ලබා දුන් විදුහල්පතිනිය ,
ලිංගික අත්වරය කලා යැයි කියන ගණිත ගුරුවරයා (ටියුෂන් ව්යාපාරීකයා) ,
නිසි පරීක්ෂණ නොකළ බම්බලපිටිය , කොටහේන පොලිස් නිළධාරින් සහ වින්දිත ළමයාව තෙවරක්ම
(ළමයාට දෙවරක් සහ මවට වරක් ) අපහාස කර ටියුෂන් පංතියෙන් එලවූ...
කොටහේන RAJESWARY INSTITUTE අධ්‍යක්ෂකට එරෙහිව / මෙම සියළුදෙනාගෙ අමානුෂික ක්‍රියා කලාපයන්ට එරෙහිව ,
මේ මොහොතේ කොටහේන ප්‍රදේශයෙ විරෝධතාවයක් පැවැත්වේ.
ළමයින් සිටිනා සියල්ලන් ,
ළමයින්ට ආදරේ සියල්ලන් ,
මෙම මිනිමැරුම් ,
මෙම අපරාධ ,
මෙම සංවිධානාත්මක අපරාධවලට එරෙහි විය යුතුවේ.
රටේ ළමයින් රැකුමට සෘජුව වැටුප් ලබනා...
පරිවාස දෙපාර්තමේන්තුව / සේවය නොකරන, නිළධාරින් , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අමතක නොකළ යුතුය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වහා සුද්ධ පවිත්‍ර කල යුතුය...
නැතහොත් වසා දැමිය යුතුය.
UNITED HUMAN RIGHTS ORGANIZATION
08.05.2025
© | UH RO Sri Lanka