බඹසර රැකීම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බඹසර යනු ? රාගික සිතින් ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් ස්පර්ශ නොකිරීම, ස්වයං වින්දනය නොකිරීම , රාගික දර්ශන බැලීමෙන් වැලකීම , කාමය සේවනය නොකිරීම , අසභ්‍ය රාගික වචනයෙන් කතා නොකිරීම.
    බොහෝ අතීතයේ ලොව උපන් නිමි නමැති රජෙක් විය. ඒ රජු හට මෙවැනි සිතිවිල්ලක් උපන්නේ ය. එනම් `දානය හෝ බඹසර හෝ යන මෙයින් කවර නම් පිනක් මහත්ඵල විපාක ඇත්තේ ද´යනුයි.
    නිමි රජුගේ නුවණට එය ගෝචර නොවීය. උපෝසථ සිල් රකින රජුගේ සීලයේ බලයෙන් සක් දෙවිඳුගේ ආසනය උණු විය. උපෝසථ දිනයේ අලුයම් වේලේ අහසේ පහළ වූ සක් දෙවිඳු නිමි රජුගේ එම පැනයට පිළිතුරු ලබා දී අැත්තේ දානයට වඩා බඹසර මහත්ඵල මහානිසංස බවයි.
    සක් දෙවිඳු නිමි රජු හට බඹසරෙහි උතුම් බව දක්වනු පිණිසත්, දානය එයට ළං නොවන බව දක්වනු පිණිසත් මේ කතාව දැක්වූයේ ය.
    ඒ මෙසේ ය.
    “ පෙර බරණැස දුදීප ය, සාගර ය, සේල ය, මුචලින්ද ය, භගීරස ය, අට්ඨක ය, අස්සේක ය, පුථුජ්ජන ය යැයි යන මේ රජවරු බොහෝ දන් දී කාමාවචර ලෝකය ඉක්මවා යා නොහැකිව දෙව්ලොව ම උපන්නාහු ය.
    ‘බඹසර බ්‍රහ්මලෝකයේ උපත ලබා දෙයි. එහෙත් දානය දෙව්ලොව ඉක්මවා නො යයි.’ යනු එහි අදහසයි.
    යමෙක් බඹසර රැකීමේ සැපය නොවිඳිද්ද ඔහුට සක් දෙවිඳුගේ සැපය ලැබුණත් ඒ සියල්ල බාහිර සැපයක් ම විනා තමා තුළින් ජනිත සැපයක් නො වේ ලෙස පවසා අැත . (මේ අනුව සක් දෙවිඳුගේ සැපය පවා බාහිර කරුණු මුල්ව ජනිත වන බවත්, එහෙත් හුදෙකලා බඹසර සැපය තමා තුළින් ම ජනිත වන අනතුරු රහිත සුවයක් බවත් සක් දෙවිඳු නිම් රජුට පැහැදිලි කරයි.)
    සක් දෙවිඳු විසින් දානයට වඩා බඹසර උතුම් බව දක්වනු පිණිස අපූරු සිදුවීමක් ගෙන හැර දැක්වී ය.
    “ පින්වත් රජතුමනි, හිමාලයට උතුරු දිසාවේ අතිශයින් ගැඹුරු වූ සිදා නම් නදියක් විය. ඒ නදිය දෙපස මනරම් භූමි භාගයේ එක් කලෙක දස දහසක් පමණ ඍෂිවරු විසූහ. සිදා නම් නදියේ ජලය කෙතරම් සියුම් ද යත් ඒ ජලයේ වැටුන මොණර පිහාටුව ද ජලයේ පතුලට ම කිඳා බසී. ඔරුවකින් ද ඒ නදිය තරණය කළ නො හැකි ය. එසේ හෙයින් කිඳා බසිනා යන අර්ථයෙන් ‘සිදා’ වූ ඒ නදිය ඒ බ්‍රහ්මචාරීන්ගේ වාස භූමිය සොඳුරු කළේ ය. දිනක් එක් තවුසෙක් අහසින් බරණැසට ගොස් පුරෝහිත බමුණාගේ නිවසට පිඬුසිඟා ගියේ ය.
    ඒ තවුසා කෙරෙහි පැහැදුන පුරෝහිතතුමා තවුසාගෙන් හිමවතේ තොරතුරු විමසා බඹසර රකින දස දහසක් තපස්වීන් ගැන අසා පැවිද්දේ හිත පිහිටවීය. රජුගෙන් අවසර ගෙන පසුදා එම තාපසයා සමඟ හිමවතට ගොස් පැවිදිව ටික දිනකින් ම ආකාශචාරී සමාපත්තිලාභියෙක් විය.
    තමන් පැවිදිව රජු හමු වීමට පැමිණෙන්නෙමි යන රජුට වූ පොරොන්දුවක් සිහිකොට ඒ (පෙර පුරෝහිත වූ) තාපසයා අහසින් රජ මැදුරට වැඩම කළේ ය. රජු ද ඉමහත් පැහැදීමට පැමිණ ඒ තාපසීන් වහන්සේට දන් දී සුවදුක් අසා හිමවතේ තොරතුරු විමසී ය. බ්‍රහ්මචාරී තවුසන් දසදහසකගේ තොරතුරු අසා ඒ තාපසීන්ට දන් දීමට කැමැත්තක් රජුට ඇති විය. එනමුත් ආහාරය හේතුකරගෙන ඒ බ්‍රහ්මචාරීන් මිනිස් පියසට වැඩම කරවීම අපහසු බව තාපසීන් වහන්සේ පෙන්වා දුන්නේ ය. ඒ අනුව දන් දීමේ අපමණ ආසාවෙන් යුතු රජු තම සිව්රඟ සේනාව ද රැගෙන තපස්තුමන්ගේ ඉර්ධියෙන් සිදා නදිය අසලට සමීප විය. රජු තපස්වීන් දැක වැඳ තුටු පහටුව සැමදා නදී තෙරට දනට වඩින ලෙස ආරාධනා කළේ ය.
    එදා පටන් ඒ දස දහසක් තපස්වීන්ට දානය සහිත සියලු උපස්ථාන රජු ම සිදු කළේ ය. එසේ දන් දෙන කල්හී එම ප්‍රදේශයේ නගරයක් කොට ධාන්‍ය ගොවිතැන් ද කළහ. මෙසේ දසදහසක් තාපසවරුන්ට දස දහසක් අවුරුදු උපස්ථාන කළේ ය. දන් දුන්නේ ය.”
    මෙසේ විස්තර කියූ සක් දෙවිඳු නිමිරජුට පැවසුවේ,
    “රජතුමනි, එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරී තවුසන්ට දන් දුන් රජුව ඉපදුණේ මම (සක් දෙවිඳු)” බවයි. “බලන්න… එදා දසදහසක් අවුරුදු දසදහසක් බ්‍රහ්මචාරීන්ට දන් දුන් මම තව්තිසාවේ උපන්නෙමි. ඒ බ්‍රහ්මචාරීහු බඹලොව උපන්නාහ. ඒ බඹ සැපය ඉදිරියේ මා ප්‍රේත ලොවක උපන්නා වැන්න. නිමි රජතුමනි, මේ කාරණයෙනුත් දානයට වඩා බඹසර උතුම් බව වටහාගනු මැනව. දානයට වඩා සීලය ම උතුම් ය. මේ ලොව නුවණැත්තා දානය වගේ ම සීලයෙහි ද අප්‍රමාදී වන්නේ ය” යැයි තවත් නොයෙක් අයුරින් බඹසරෙහි ආනිශංස දක්වා රජුගේ සැක දුරු කරවා අතුරුදහන්ව තව්තිසාවෙහි ම පහළ විය.
    පසු කාලයේ බඹසර පුරුදු කළ රජු ද බඹලොවෙහි උපත ලැබී ය. මේ අපගේ මහබෝධිසත්වයන් නිමි රජුව උපන් නිමි ජාතකයේ විස්තර කොටසකි.
    🌸
    බඹසර රැකීමේ ආනිශංස
    1. පහ වූ සතුරන් ඇති බව.
    (සතුරන් අඩුයි)
    2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැහැ. ලැබෙනවා.
    3. සුව සේ සැතපීම.
    (හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැහැ, සිහිනෙන් ධාතු පිට වීම අධික බව නම් රෝගයක් වේ ද එය නැති වනවා, මනාව නින්ද යෑම. විටින් විට අවදි නොවීම, කට කෙළ පෙරීම, ගෙරවීම, දත්කූරු ගෑම ආදිය නැති වීම.)
    4. සුවසේ අවදි වීම.
    (වස්ත්‍ර ලිහිල් නො වී නිදාගත් පරිදි ම තිබීම, කබ කඳුළු පිරි විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම.)
    5. අපාය බයෙන් මිදීම.
    (බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහි වන බව සිතට දැනේ, සතුට උපදියි. අපාය බය නැති වෙයි.)
    6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම.
    (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩන අත්ත පීඩන කාමාශාව ආදි අසාමාන්‍ය කාමාශා සහිත වූවන් ලෙස නූපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම.)
    7. ක්‍රෝධ නොකරන සුලු බව.
    (මෙත් සිත උපදවාගන්න පහසුයි, තරහ සිත් දුරු කරන්න පහසුයි, අන් අයගේ ගුණ සිහි කරන්න පහසුයි.)
    8. ප්‍රත්‍යක්ෂ කොට කරන කටයුතු ඇති බව.
    (තමා කරන කියන දේ හොඳින් දන්නවා, අමතක නොවීම, පිළිවෙළට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වරදින්නේ නැහැ, යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකිය.)
    9. යටිකුරු නොවන බව.
    (දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම.)
    10. බිම බලාගෙන නො යෑම.
    (ඕනෑම කෙනෙකු සමඟ ඍජු ව හොඳට මූණ බලාගෙන කතාකරන්න පුළුවනි, හැංගෙන චරිතයක් වෙන්නේ නෑ, ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හට ගන්නේ නැහැ, කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි ඇඹරි කතා කරන චරිතයක් නොවීම.)
    11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රියවන චරිතයක් වීම.
    (බැහැර කරන/ අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාටම ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි, අවංක ආදරයක් හිමි වෙයි.)
    12. පිරිපුන් ඉඳුරන් ඇති බව.
    13. පිරිපුන් ලකුණු ඇති බව.
    (තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා, ලිංග දෝස හට ගන්නේ නැහැ, මනාව දෝස නැති රෝගාබාධ නැති ස්ත්‍රී/පුරුෂ නිමිත්ත පිහිටනවා.)
    14. කිසි තැනක සැක නැති බව.
    (ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසාරද ව යෑමේ/වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)
    15. නිරුත්සාහයෙන් කටයුතු සිදුවන බව.
    (යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්න ඕන නැහැ. ගානට, සිතේ හැටියට කටයුතු සිදු වෙනවා.)
    16. සැප විහරණ ඇති බව.
    (සැපවත් ජීවිතයක් ලැබෙනවා, නිතර නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබනවා, පසු නොතැවෙන කෙනෙක් වීම.)
    17. කිසි තැනකින් එන බියක් නැති බව.
    (ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අනවින ආදි බිය නොපැමිණීම, සෑම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම.)
    18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම.
    (තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම.)
    මේ අනුව බලන කල බඹසර කෙතරම් උතුම් ද යැයි සිතාගත හැකි ය. බ්‍රහ්මචාරීන් දසදහසකට දසදහස් වසරක් දන් දීමට වඩා බඹසරින් පුරුදු කරන විරාගයේ විපාක මහත් ය. තාපසීන් වහන්සේලා දවසට එක් වේලක් වැළඳුවේ යැයි සිතුවොත් වසර දසදහසකට දාන 36,500,000,000 පමණ වේ.
    ඒ දානවලට වඩා බඹසර ම උතුම් ය. විරාගය පුරුදු කරමින් කරන තපසත්, ධ්‍යාන භාවනාවත් ගැනයි සක් දෙවිඳු ඒ විස්තර කරන්නේ. මොහොතක් සිතන්න. එපමණ අවැසි නැත.
    අප හට සියක්නමකට දානය පූජා කරන්න ලැබුණෝතින් කෙතරම් නම් මහන්සි වන්නේ ද? කැප වන්නේ ද? වෙහෙස වන්නේ ද? දුක් පීඩා ඉවසන්නේ ද? එහෙත් සිත පීඩාවට පත් කරමින් එන කාම දාහය මොහොතක් ඉවසීමට නොහැකිව බඹසර කිලිටි කර ගනී. ඒ අනුව අද ලෝකයා දානයට දක්වන කැපවීමවත් බඹසර සීලයකට දක්වන බවක් පෙනෙන්නට නැත. නුවණැත්තෝ විමසත්වා! දානයට වඩා බඹසර විපාක වැඩි බව දැන බඹසරෙහි ඇල්ම උපදවා සීලය පුරුදු කරත්වා!
    සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ ගිහි ප්‍රතිපදාව ගැන මැනවින් පහදා දෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්මික උපාසකතුමා හට මෙසේ වදාළ සේක.
    “අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
    අංගාරකාසුං ජලිතං ව විඤ්ඤූ
    අසම්භුණන්තෝ පන බ්‍රහ්මචරියං
    පරස්ස දාරං නාතික්කමෙය්‍ය”
    “ නුවණැති ගිහියා අබ්‍රහ්මචරියාව (කාම ක්‍රියාව) ගිනි අඟුරු වළක් විලසින් දැක බඹසර පුරුදු කළ යුතු ම ය. ඒ බඹසර රැක ගැනීමට නො හැකි නම් (නිසි කල විවාහ වී) පරඹුවන් කරා නොගොස් වාසය කළ යුතු ම ය.”
    මේ අනුව එකල නුවණැති අය මුළු ජීවිතය ම බඹසර පුරුදු කළහ. නො එසේ නම් විවාහ වන තෙක් බඹසර රකිමින් විවාහ වී (පතිවත / පතිනි වත) වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරන්නේ ය. එකල කුමර බඹසර, කුමරි බඹසර නිසි අයුරින් සුරැකීම සිදු විය. විවාහ වෙන තෙක් කිසිම කාම ක්‍රීඩාවක / කාම ක්‍රියාවක නොයෙදුනේ ය.


     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ සිවුරු තට්ටයගේ කටේ රෙන්ඩ ඕනි. මු කිරිබත්ගොඩ පාදිලි අසපුවේ තවත් පල් හොරෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම.
    (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම්
    ඔක්කොම උන් බබසර රැක්කොත් ආයිත් උපතක් කොහෙද මෙහෙම බැලුවම ?? :lol: 🤭
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මුලින්ම කියන්න ඔනි ඔක්කොම බම්බසර රකින්ව කියන එක මනුශ්ය ලෝකේ කවඩාවත් වේන දෙයක් නේමේ.

    එහෙම උනා කියල උපකල්පනය කලත් මනුශ්යන් උපදින තවත් ක්‍රමයක් තියෙන්ව. එකට කියන්නෙ ඔපපාතිය උප්ප්පත්තිය කියල.
    ඔක්කොම උන් බබසර රැක්කොත් ආයිත් උපතක් කොහෙද මෙහෙම බැලුවම ?? :lol: 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    මුලින්ම කියන්න ඔනි ඔක්කොම බම්බසර රකින්ව කියන එක මනුශ්ය ලෝකේ කවඩාවත් වේන දෙයක් නේමේ.

    එහෙම උනා කියල උපකල්පනය කලත් මනුශ්යන් උපදින තවත් ක්‍රමයක් තියෙන්ව. එකට කියන්නෙ ඔපපාතිය උප්ප්පත්තිය කියල.
    කවුද ඔයා දන්නා ඕපපාතික උපත ලබල තියන මනුෂ්‍යයෝ ?

    එතකොට මිනිස්සුන්ට ලිංගක ඉන්ද්‍රියන් තියෙන්නේ මොකටද ?
    ළමයි හදන්න බෑ ඔහොම බැලුවම. කොහේ තියන බණ ද බන් මේ ? :lol:
     
    • Like
    Reactions: Ryan08

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    කවුද ඔයා දන්නා ඕපපාතික උපත ලබල තියන මනුෂ්‍යයෝ ?

    එතකොට මිනිස්සුන්ට ලිංගක ඉන්ද්‍රියන් තියෙන්නේ මොකටද ?
    ළමයි හදන්න බෑ ඔහොම බැලුවම. කොහේ තියන බණ ද බන් මේ ? :lol:
    අම්බපාලි.
    බුදු හාමුදුරුවොන්ගේ කාලෙ හිටිය ගණිකාව



     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    අම්බපාලි.
    බුදු හාමුදුරුවොන්ගේ කාලෙ හිටිය ගණිකාව
    ඇයි හැම එකටම බුද්ධ කාලෙට යන්නේ ??
    ගන්න මෑතක දී. ඕව ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ නේ.
    කවුද දැනට ලෝකේ ඕපපාතික වෙලා ඉන්න මනුෂ්‍යයා ??
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මුලින්ම කියන්න ඔනි ඔක්කොම බම්බසර රකින්ව කියන එක මනුශ්ය ලෝකේ කවඩාවත් වේන දෙයක් නේමේ.

    එහෙම උනා කියල උපකල්පනය කලත් මනුශ්යන් උපදින තවත් ක්‍රමයක් තියෙන්ව. එකට කියන්නෙ ඔපපාතිය උප්ප්පත්තිය කියල.
    බුද්ධ ධර්මය විකුර්ති කරන්නේ නැතිව ඉදපන් බං...

    මනුශ්‍යන් කොහෙද ඕපපාතික වෙන්නේ?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දෑන් කාලෙත් ඉන්නව වෙන්න පුලුවන්. එක ඉතින් සාමන්ය මනුශ්යෙක්ට දෑන ගන්න විදිහක් නෑහ
    ඇයි හැම එකටම බුද්ධ කාලෙට යන්නේ ??
    ගන්න මෑතක දී. ඕව ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ නේ.
    කවුද දැනට ලෝකේ ඕපපාතික වෙලා ඉන්න මනුෂ්‍යයා ??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    රාගික සිතින් ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් ස්පර්ශ නොකිරීම, කාමය සේවනය නොකිරීම ,

    මහමායා සුද්ධෝදනත් මේ කියන විදියේ බබසර රැකිමක් කරපු නැති නිසා නේ බුදු කෙනෙකුන් පහල උනේ.
    එතකොට ඒකත් අකුසලයක ප්‍රතිපලයක් ද ??? :rofl:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අම්බපාලි.
    බුදු හාමුදුරුවොන්ගේ කාලෙ හිටිය ගණිකාව




    සේරටම ඉස්සල්ලා තේරුම් ගන්න ඕන මේ බුද්ධකාලේ නෙවෙයි කියන එක. දැන් ඔය ඔතන කියලා තියන ඒවා ගිහියෝ නෙවෙයි පැවිද්දොවත් පිළිපදින්නේ නෑ කියලා උදාහරණ එක්කම ඔප්පුවෙලා තියෙද්දී මොනවද මේ කියන බණ
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදු කෙනෙක් වෙන්න අසංක කල්ප ලක්ශ ගානක් පෙරුම් පුරන්න ඔනි. බුදු කෙනෙක්ගේ මවක්/පියෙක්/පුතා වෙන්නත් කල්ප ලක්ශ ගානක් පෙරුම් පුරන්න ඔනි.

    මහමායා දේවිය සහ සුද්ධෝදනත් රජතුමා කලින් ආත්මවල බබසර රැකිමක් නිසා තමයි ඔවුන්ට බුදු කෙනෙක්ගේ මව සහ පියා වීමට හෑකි වුනේ
    මහමායා සුද්ධෝදනත් මේ කියන විදියේ බබසර රැකිමක් කරපු නැති නිසා නේ බුදු කෙනෙකුන් පහල උනේ.
    එතකොට ඒකත් අකුසලයක ප්‍රතිපලයක් ද ??? :rofl:
     
    • Like
    Reactions: batmanTES

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    මහමායා දේවිය සහ සුද්ධෝදනත් රජතුමා කලින් ආත්මවල බබසර රැකිමක් නිසා තමයි ඔවුන්ට බුදු කෙනෙක්ගේ මව සහ පියා වීමට හෑකි වුනේ
    දැන් උබ කියලා තියන්නේ බබසර රැක්කොත් පිරිමි වෙලාම තමයි උපදින්නේ කියලා
    මහමායා පිරිමිද ??? :lol:

    කොහොම හරි බබසර කඩපු නිසා තමයි සිදුහත් ඉපදුනේ.. උබ කියන විදියට අකුසලයක ප්‍රතිපලයක්.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දැන් උබ කියලා තියන්නේ බබසර රැක්කොත් පිරිමි ක් වෙලාම තමයි උපදින්නේ කියලා
    මහමායා පිරිමිද ??? :lol:

    කොහොම හරි බබසර කඩපු නිසා තමයි සිදුහත් ඉපදුනේ.. උබ කියන විදියට අකුසලයක ප්‍රතිපලයක්.
    මහමාය දීවියගේ පාර්තනාවක් තියෙනව බුදු කෙනෙක්ගේ මවක් වෙන්න. එකට එතුමිය කල්ප ලක්ශ ගානක් පාරමිත පුරල තියෙන්ව. අනික මේක මම කියන එකක නේමේ. දර්මයේ තියෙන දෙයක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    මහමාය දීවියගේ පාර්තනාවක් තියෙනව බුදු කෙනෙක්ගේ මවක් වෙන්න. එකට එතුමිය කල්ප ලක්ශ ගානක් පාරමිත පුරල තියෙන්ව. අනික මේක මම කියන එකක නේමේ. දර්මයේ තියෙන දෙයක්
    ඉතින් බන් ලිංගික ඉන්ද්‍රියන් තියෙන්නේ මුත්‍ර කරන්න විතරද ??

    උබ ඔය දාල තියන විදියට ඕක වෙන ස්ත්‍රියක් ගේ ඇගට දාන්නත් එපා නම්, නිකන් ඉද්දි අල්ල අල්ල වත් ඉන්න එපා නම්,
    ඔය දේවල් කරල බබසර රැකලා අහවල් දෙයක් කරන්නද ඊලග භවේ දීත් පිරිමි භවයක් පතන්නේ ?? :lol:
    මේ ආත්මේ ලැබුණු අවයවේ පාවිච්චි කරන්නේ නැතුව ඉන්නව ඊලග බවයේ දීත් ඒ වගේ එකක් ලබන්න වගේ කතාවක් ඔය උබ කියලා තියෙන්නේ.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඉතින් බන් ලිංගික ඉන්ද්‍රියන් තියෙන්නේ මුත්‍ර කරන්න විතරද ??

    උබ ඔය දාල තියන විදියට ඕක වෙන ස්ත්‍රියක් ගේ ඇගට දාන්නත් එපා නම්, නිකන් ඉද්දි අල්ල අල්ල වත් ඉන්න එපා නම්,
    ඔය දේවල් කරල බබසර රැකලා අහවල් දෙයක් කරන්නද ඊලග භවේ දීත් පිරිමි භවයක් පතන්නේ ?? :lol:
    මේ ආත්මේ ලැබුණු අවයවේ පාවිච්චි කරන්නේ නැතුව ඉන්නව ඊලග බවයේ දීත් ඒ වගේ එකක් ලබන්න වගේ කතාවක් ඔය උබ කියලා තියෙන්නේ.
    මෙහෙමයි, මෙක අනිවර්ය නෑහ. බුදු දහමේ කිසිම දෙයක් අනිවර්ය නෑහ. ඔය දෙවල් කලොත් මෙ වගෙ ආනිසංස තියෙනව. එහෙම නෑත් නම් මෙහෙම අකුසල් වෙනව. තමන් කෑමති නම් කරන්න පුල්වුඅන්, නත් නම් නොකර ඉන්න පුලුවන්. කිසිම බල කිරීමක් නෑහ. මම කරන්නේ දර්ම දානයක් විතරයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    මෙහෙමයි, මෙක අනිවර්ය නෑහ. බුදු දහමේ කිසිම දෙයක් අනිවර්ය නෑහ. ඔය දෙවල් කලොත් මෙ වගෙ ආනිසංස තියෙනව. එහෙම නෑත් නම් මෙහෙම අකුසල් වෙනව. තමන් කෑමති නම් කරන්න පුල්වුඅන්, නත් නම් නොකර ඉන්න පුලුවන්. කිසිම බල කිරීමක් නෑහ. මම කරන්නේ දර්ම දානයක් විතරයි
    ධර්ම දානය කියලා වැරදි දර්ම කරුණු සමාජගත කිරීමේ ආනිසංස තියනව ද ?
     

    Similar threads