බයික් එකේ Airfiltor එක ගෙදරදිම සුද්ද කරලා oil කරගමු

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Paper type ekak nam user manual eke thiyana KM ganata replace karana eka hodai. eth ita kalin KM ganakadi Hulan allala duwili ain karala sudda kara ganna puluwan machan. (compessure ekak ona habai hulan allanna. laga tyre hadana thanak thiye nam ethanata giyama hulan alla ganna puluwan)


    spin_prod_968435912

    thx machan. ow macho danata hulan allala shape karagena yanne :yes: lagadima ekak daanna one :yes:
     
    • Like
    Reactions: battiya

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ තියෙන්නේ මේකක් මේක ඉතින් සුද්ද කරලා දාන්න බෑ අලුතෙන්ම දාන්න ඕන
    1500 ක්ද මන්දා මේක
    :baffled::baffled::baffled:

    main-qimg-b959fe7ea973c2c56a5df19a541dac05-c
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මගේ තියෙන්නේ මේකක් මේක ඉතින් සුද්ද කරලා දාන්න බෑ අලුතෙන්ම දාන්න ඕන
    1500 ක්ද මන්දා මේක
    :baffled::baffled::baffled:

    main-qimg-b959fe7ea973c2c56a5df19a541dac05-c

    mokadda machan bike eka? :)
    mn dakka modify karapu challyaka oya jathiye ekak elityata penna hai karala thibba. original nathuwa oka oya custom dapu airfiltor ekak neda?


    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mokadda machan bike eka? :)
    mn dakka modify karapu challyaka oya jathiye ekak elityata penna hai karala thibba. original nathuwa oka oya custom dapu airfiltor ekak neda?


    :cool::cool::cool::cool::cool::cool::cool:

    DISCOVER 125M ekak machan.
    meka nam custom ekak tamai.
    original ekath mey wage.
    custom ewa tiyenawalu ban loku ganan walata.
    ewa dammama hoda beet ekak enawalu engine eken...
    :rolleyes::rolleyes::rolleyes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම මේ නූලෙන් දාන්නේ බයික් එකක Foam Type Air Filter (ස්පොන්ච්) එකක් ගෙදරදීම සුද්ද කරලා ඔයිල් කරගන්න හැටි. :):)
    Hero Splendor, Hero Passion, CD Dawn වගේ බයික් වල මේ ජාතියේ එයා ෆිල්ටර් එකක් තමා එන්නේ. (තව මොඩල් වලටත් එනවා ඇති) :cool:

    අවශ්‍ය ද්‍රව්‍ය:- භුමිතෙල් කාලක් විතර
    පරණ දත් බුරුසුවක්
    ග්ලව්ස් දෙකක් ( නැතත් අවුලක් නෑ..තිබ්බා නම් ලේසියි)
    ඉටි කවරයක්
    බයික් එකට දාන අලුත් එන්ජින් ඔයිල් ටිකක්
    පරණ පොඩි බේසමක් ( කෑන් එකක් කපපු එකක් හොදයි)


    මුලින්ම බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එක ගහලා සයිඩ් කවර් එක ගලවලා එයාෆිල්ටර් එක තියෙන box එකේ ඇන ටික ගලවලා ඒකේ පියන අයින් කර ගන්න.

    dsc01588.jpg


    20_zpscbd15f42.jpg


    එයාෆිල්ටර් එක ගලවලා එලියට ගන්න.

    01_zpse0c7ea4e.png


    ඊට පස්සේ කලු පාට ස්පොන්ච් එකයි කහ පාට ස්පොන්ච් එකයි ගලවලා අරන් භූමිතෙල් වලින් (පෙට්‍රල් ගන්න එපා) ස්පොන්ච් දෙකම පොගවලා හෝදලා හොදට මිරිකලා පැත්තකින් තියන්න.

    02_zps68a132d6.png



    03_zps911cf7bf.png



    ඊට පස්සේ අර ස්පොන්ච් එක දාන කෑල්ල අරන් පරන දත් බුරුසුවකින් මැදගන්න භුමිතෙල් දාලා.
    ඒක සුද්ද කරලා වේලෙන්න තියන්න.

    23_zps29b183ba.png


    ස්පොන්ච් දෙක අරන් සබන් දාලා හොදට හෝද ගන්න මෙන්න මේ වගේ.

    04_zps2d6e792b.png

    06_zps1b211951.png

    05_zps53888871.png


    ඊට පස්සේ ඒ දෙක අව්වේ තියලා හොදට වේලගන්න ඕන. (ස්පොන්ච් එක දෙපැත්තම ගහලා හොදට වේල ගන්න)

    වේලුනාට පස්සේ ඉටි කවරයක් ගන්න (හිල් නැති එකක් ගන්ඩෝ :) ).
    ඒකට කහපාට ස්පොන්ච් එක දාන්න. ඊට පස්සේ ඔයිල් කෑන් එක අරන් ඔයිල් ටිකක් ( මම නම් දාන්නේ බයික් එකට දාන ඔයිල්ම තමා. SAE 90 ඔයිල් එකත් ගන්නවා කියලා internet එකේ තිබ්බා ) දාගන්න.

    මේ වගේ
    07_zps16c0e95e.png

    08_zpsd51981c1.png


    ඊට පස්සේ ඉටි බෑග් එකේ කට මිරිකගෙන ඔයිල් ටික හොදට ස්පොන්ච් එකට වදින විදිහට මිරිකගන්න. ( ඔයිල් මදි වගේ නම් තව ටිකක් දා ගන්න)

    10_zpsb791e8ab.png


    මේ විදිහට

    09_zpsed7b0bfa.png

    11_zps519b4b0e.png




    හොදට ඔයිල් පෙගුනට පස්සේ ස්පොන්ච් එක අරන් හොදට අත් දෙකෙන්ම ඔයිල් ටික බෑග් එකටම මිරිකන්න. (අත් වලට ග්ලවුස් දාගන්න) ආපසු අතේ ගෑවුන ඔයිල් රෙදි කෑල්ලකින‍් පිහිදාගෙන ආපහු හොදට ස්පොන්ච් එක මිරිකගන්න.

    12_zps60bdc795.png


    අර කලු පාට එකත් මේ විදිහට කරන්න කහ එකෙන් පස්සේ.
    අනිත් එකත් ඒ විදිහටම මිරිකගන්න.

    13_zps752e3abb.png
    ;

    14_zpsa5bd6c60.png


    දැන් දෙකම පැත්තකින් තියලා ග්ලවුස් දෙකත් ගලවලා පැත්තකින් තියන්න.

    දැන් පිරිසිදු කඩදාසි කොල 2 ක් අරන් ස්පොන්ච් එක මැදින් තියලා කොලෙන් ඔතලා ආපහු හොදට මිරිකගන්න .එතකොට කඩදාසියට වැඩිපුර ඔයිල් ටික උරා ගනීවි.

    15_zps4b36db4f.png


    ආපහු තව කඩදාසි කොලයක් අරන් ඒ විදිහටම මිරිකගන්න. අනිත් කලු පාට එකත් ඒ විදිහටම අලුත් කඩදාසියකින් ඔතලා මිරිකගන්න.

    දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි. :) දැන් කහපාට ස්පොන්ච් එක අරන් කෙලින් අතට පත්තර කොලයක් උඩින් තියලා තියන්න. පැය 2ක් 3ක් වත් එහෙම තියෙන්න දෙන්න. මොකද එතකොට වැඩිපුර ඔයිල් තව ඉතුරු වෙලා තිබ්බොත් පහලට එකතුවෙලා තියෙන්න පුලුවන්. එහෙම තිබ්බොත් ආපහු අග හරිය මිරිකලා වැඩි ටික අයින් කරන්න.( ඔයිල් වැඩි උනොත් ඉක්මනට block වෙන්න පුලුවන් එයා ෆිල්ටර් එක.)

    18_zpsf89c4051.jpg


    දැන් ඉතින් අර කලින් සුද්ද කරගත්ත දැල් තියෙන කෑල්ල අරන් ස්පොන්ච් එක දා ගන්න. කලු පාට එක ඊට පස්සේ දාගන්න.

    22_zpsa799c67c.png


    දැන් වැඩේ අහවරයි...
    දැන් තියෙන්නේ මේක bike එකට හයි කරගන්න. එයා ෆිල්ටර් එකේ කාබ් එක පැත්තට සෙට් වෙන තැන වටේ තියෙන කලු පාට හරියේ ග්‍රීස් චුට්ටක් ගාන්න වටේට.( මේක නම් නැති උනත් අවුලත් නෑ)

    25_zpsdca35c61.jpg


    ඊට පස්සේ රෙදි කෑල්ලක් අරන් එයා ෆිල්ටර් එක තියෙන box එක ඇතුලේ දූවිලි තියෙනවා නම් පිහිදලා ( කාබ් එක පැත්තට තියෙන එයාෆිල්ටර් එක සෙට් වෙන කටට රෙදි කෑල්ලක් ගහලා ඉන්න ඉස්සෙල්ලා. දූවිලි යන්න පුලුවන් කාබ් එක පැත්තට)

    21_zpsd4b37e61.jpg


    27_zps85b8ea40.jpg


    දැන් එයා ෆිල්ටර් එක සෙට් කරලා box එකේ පියන දාලා සයිඩ් කවර් එකත් හයි කර ගන්න.
    දැන් බයික් එක ස්ටාර්ට් කරලා බලන්න.

    වැඩේ අහවරයි.. :):):):):)

    කට්ටියට වැදගත් වෙයි කියලා හිතලා පෝස්ට් එක දැම්මේ. ෆොටෝ internet එකෙන් ගත්තේ.
    හොදයි කියලා හිතෙනවා නම් bump එකක් comment එකක් දාලා යමු.

    මම දාපු පෝස්ට් එකේ අඩුපාඩුවක් වරදක් එහෙම තියෙනවා නම් ඒවත් පෙන්නලා දීලම යමු..:cool::cool::cool::cool::cool:
    :):):):):)

    kattiya wahana lease dala gannwanm mata kynno mm aduwata wade karala dennm kamathi aya innwanm inbox msg ekak danna mm wade karala dennm
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    DISCOVER 125M ekak machan.
    meka nam custom ekak tamai.
    original ekath mey wage.
    custom ewa tiyenawalu ban loku ganan walata.
    ewa dammama hoda beet ekak enawalu engine eken...
    :rolleyes::rolleyes::rolleyes:


    :yes::yes::yes: ow modify karana car walatath danwa oya wage custom airfiltor. Price ekath ekka quality ekath wenas wenawa athi machan. ganan wadi hoda ewa wala Performance & duwanna puluwan KM gana wadi athi :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes::yes: ow modify karana car walatath danwa oya wage custom airfiltor. Price ekath ekka quality ekath wenas wenawa athi machan. ganan wadi hoda ewa wala Performance & duwanna puluwan KM gana wadi athi :yes::yes::yes:

    ow ban meda original ekak noda custom ekak daala balanna one.
    mehe koheda danne na ganna tiyenne owa...
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ow ban meda original ekak noda custom ekak daala balanna one.
    mehe koheda danne na ganna tiyenne owa...

    Panchikawaththe nam athi uniwa. Japan bike parts thiyana kadawal (beat can, Body kit wage modification item thiyana kadawal wala) wala athi machan . poddak baluwa nm hoya ganna puluwan wei.
    :yes::yes::yes::yes: