බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ?
බයික් එක පෙරලුනොත් මොකද කරන්නේ?
බයික් ගැනම කතා වෙන නිසා ගොඩක් අය වදවෙන කාරණයක් ගැන කියන්න හිතුනා. අලුතෙන් කෙනෙක් බයික් එකක් ගත්තත්, කොච්චර හොඳට බයික් පදින්න පුලුවන් කෙනෙක් වුනත් බයික් එකක් වට්ටවගන්නවාමයි. ඉතින් ඔන්න ඔතනදී ටිකක් ජපන් පැත්තට බර බයික් එකක් පෙරලුනොත් තනියම උස්සන එක ටිකක් අමාරු වැඩක්. අඩුම දෙතුන් දෙනෙක්වත් වැඩේට එපැයි. ඉතින් අද කියලා දෙන්න යන්නේ බයික් එක පෙරලුනොත් කොහොමද තනියම ගිණ්නක් නැතිව බයික් එක ආපහු රෝද දෙකෙන් හිට්ටවන්නේ කියලා.
හරි ඉතින්, එහෙනම් හිතමුකෝ ඔයාගේ පණ වගේ තියෙන බයික් එක ලිස්සලා හරි, ස්ටෑන්ඩ් එක ගහන්න ගිහින් හරි, වැඩිපුර නමලා හරි මොකක් හරි සීන් එකක් වෙලා පෙරලුනා කියලා. කිසි දේකට බයවෙන්න එපා. හැමෝම බයික් එකක් අතෑරගන්නාවමයි. ඒක ලෝක ස්වභාවයේ හැටි.
දැන් ඉතින් බයික් එක උස්සගන්න හැටි බලමු.
මුලින්ම කරන්න ඕන දේ බලමු එහෙනම්. බයික් එකත් එක්ක ඔයත් වැටෙනවනේ. ඉතින් ඔයත් වැටිලා කොහොමහරි කකුල් දෙක කඩාගන්නේ නැතිව අතක් හරි ඔලුවක් හරි පලාන හරි කමක් නෑ බලද්දී බයික් එක ඒ වෙද්දිත් ස්ටාර්ට් එකේ නම් ඒ කියන්නේ එන්ජින් එක තියෙන්නේ තාමත් ඒ වෙද්දී ස්ටාට් එකේනම් පටස් ගාලා පැනලා එන්ජින් එක ඕෆ් කරලා දාන්න. යතුරෙන් ඕෆ් කරගන්න බැරිනං අඩුම කිල් සුවිච් එකෙන් හරි එන්ජිම ඕෆ් කරලා දාන්න. ඔයාට ලේසි පහසු දෙයක් ඒ වෙලාවට ඒ අනුව කරන්න. බොහෝමයක් අලුත් බයික් වල මේ කිල් සුවිච් එක තියෙනවා. කිල් සුවිච් එක තියෙන්නේ බයික් එක ඔයාගේ පාලනයෙන් තොර වුනොත්, හදිසියේ 100 පන්නලා යද්දී වාහනයක් හරහට දැම්මොත් පටස් ගාලා සුවිච් එකෙන් එන්ජින් එකට යන කරන්ට් එක නවත්තලා දාන්නයි. එතකොට බයික් එක හුටස් ගාලා නවතිනවා. එන්ජින් එක නවත්තන්න කියන්නේ හදිසියේ බයික් එක වැටුනාම තෙල් ලීක් එකක්වත් වුනොත් බයික් එකේ හීට් එකට බොහෝවිට ගිණ්නක් වගේ ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා බයික් එකයි, ඔයාවයි දෙන්නවම බේරගන්න මේ වැඩේ කරන්න.
ඊළඟට, ටික වෙලාවක් කොහාට හරි ඇලවෙලා විවේක ගන්න. විද්‍යාව පාඩමේදී කියලා දෙනවා නේද ඇඩ්රලීන් කියලා හෝමෝනයක් ගැන. ඔන්න ඔය වෙලාවට ඔය ඇඩ්රලීන් කියන හෝමෝනයේ ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා.
ඉතින්, ඔය ඇඩ්රලීන් වැඩිපුර ඔයාගේ ශරීරය ලබාගද්දී ඔයාගේ තැතිගැන්ම වැඩිවෙනවා. ඔයාගේ මනස ඒ වෙද්දී හොඳටම අවුල් වෙලයි තියෙන්නේ. ලෝකෙම කැරකෙනවා වගේ. බයික් එකට මොකද කරන්නේ, ලයිසන් නැති හන්දා ඉන්ෂුවරන්ස් ක්ලේම් කරගන්නේ කෝමද, අම්මට කියන්නේ කෝමද, අද ගෙදර යන්ඩ වෙන්නේ නෑ, හෙට ක්ලාස් යන්න වෙන්නේ බස් එකේ තමා ලැජ්ජාවේ බෑ, ඔෆිසියට පලයංකෝ දැං ඉතින් දාඩිය පෙරාන වගේ හැට හුට හමාරක ප්‍රශ්ණ කන්දරාවක් ඔලුවට එනවා. ඉතින් ඒ නිසා බයිසිකලේ ගිණිගන්නවා හරි, නැත්නං පාර මැද්දක හරි වගේ නැත්තං පොඩ්ඩක් පැත්තකට වෙලා තමුන්ව සන්සුන් කරගන්න උත්සාහ කරන්න. ඔය අතර තුර ඉතිං ලංකාවේ හිත හොඳ ඈයෝ ටිකක් ඇවිත් බයික් එක කෙලින් කරලා දෙයි. හැබැයි මම මේ කියන්නේ කවුරුත් නැති තැනක, රෑ ජාමෙක එහෙම මේ වගේ දෙයක් වුනොත් කරගන්න හැටි ඈ.
දැන් ඉතින් ටිකක් කැරකෙන ගතිය එහෙම අඩුවුනාම බයික් එක ගාවට ගිහින් බලන්න බයික් එක තියෙන්නේ ජියර් එකේද කියලා. අනිත් දේවල් බලලා වැඩක් නෑ ඉතින්. බයික් එක පැත්තකට වැටුනා කියන්නේ ඉතින් අඩුම සයිඩ් කන්නාඩියකට හරි කෙලවිලා කියන එකනේ. බයික් එක ජියර් එකේ නෙමෙයිනං තියෙන්නේ ජියර් එකට දාගන්න.
බයික් එක වැටිලා තියෙන්නේ දකුණු පැත්තටනං, අනිත් පැත්තට ගිහින් බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන්න. ඒකෙන් දකුණු පැත්තෙන් බයික් එක උස්සද්දී ඔයාගේ බැලන්ස් එක නැතිවුනොත් වම් පැත්තට පෙරලෙන එක නතර වෙනවා. පොඩ්ඩක් වට පිට බලන්න ඔයිල් ලීක් එකක්, තෙල් කාන්දුවක් එහෙම තියෙනවද කියලා. නැත්නං බර දාලා උස්සද්දී කකුලවත් ලෙස්සුවොත් තවත් වියදමක්නේ. ඒ නිසා ලිස්සන සහගත දේවල් තියේනං ටිකක් ඒවා එහා මෙහා කොරගෙන ඉන්න.
දැන්, අනිත් පැත්ත හැරෙන්න. ඒ කියන්නේ බයික් එක පැත්තට පස්ස හරවලා ඉස්සරහ බයික් එක පේන්නේ නැති පැත්තට හරවගන්ඩ.
ඒ කරලා ඔයාගේ පස්ස බයික් එකේ ෂීට් එක යට අගට වෙන්න තියන්න. ඔයාගේ දණහිස් අංශක 90ක් නැමිලා තියෙන්නත් ඕන. එක අතකින් හැන්ඩල් එකේ ග්රිප් එකක් අල්ලගන්න. ඒ කියන්නේ වැටිලා තියෙන්නේ දකුණු පැත්තටනං දකුණු පැත්තේ ග්රිප් එක අල්ලගන්න. අනිත් අතින් පිටිපස්සේ අල්ලගන්න පුලුවන් තැනකින් අල්ලගන්න. බොහෝමයක් බයික් වෙල පිටිපස්සේ වෙනම අල්ලගන්න තැනක් තියෙනවනේ. ඊටපස්සේ ඔයාගේ කොන්දට බර දාලා ටික ටික උස්සන ගමන් හෙමීට හිටගන්න. බයික් එක ටිකක් නැගිටුනාම බැලන්ස් කරගන්න ඔයාට තව ටිකක් අඩියක් විතර පස්සට ඇවිත් බයික් එක කන්ට්‍රෝල් කරගන්න වෙයි. ඔය විදිහට බයික් එක කෙලින් වෙනකම්ම කරන්න.
හැමවෙලාවේම මතක තියාගන්න බයික් එක වැටුන පැත්තෙන්ම බයික් එක ආපහු හිට්ටවන එක ලේසියි. ඉතින් බයික් එක කෙලින් වුන ගමන් සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා නැත්නං ස්ටෑන්ඩ් එකත් ගහන්න. ඒ කරලා හොඳ හුස්මක් අරගෙන මොකවත් හිතන්නේ නැතිව ඉස්පිරිතාලෙකට හරි, නැත්නං දන්න කාටහරි කතා කරලා හරි, නැත්නං එහෙම්ම පුලුවන් විදිහට ගෙදර යෑමක් තමා තියෙන්නේ.
වැදගත් වුනා කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යමු. මොකද ලංකාවේ බයික් ගැන ලියවෙන තැන් අඩුයි. ඔයාලගේ අදහසුත් වටිනවා.
මේකට තව ටිකක් එකතු කරන්නම්.
side stand එක ගැහුවත් අනිත් පැත්තට වැටෙන එක නතර වෙන්නේ නැති වෙන්න පුලුවන්.
කොන්දට බර දාල උස්සන එක වැරදි technique එකක්. නිවැරදිව උස්සන්නේ කලවා වලින් හා කකුල් වල ශක්තියෙන්. ඉහත ක්‍රමයට (squat method) වඩා සාර්ථක හා දැන් භාවිතා වෙන්නේ handlebar එකෙන් අල්ලා ඔසවන ක්‍රමයයි. squat method එකේදී බොහෝවිට bike එක අනිත් පැත්තට පෙරලිය හැකියි. ඒක වලක්වන්න නම් තව කෙනෙක් අනිත් පැත්තෙන් ඉදන් support එකක් දෙන්න ඕනේ.
Adrenaline rush නිසා අපිට පෙරලුන ගමන් තුවාල වල වේදනාව දැනෙන්නේ නැහැ. ටික වෙලාවක් ගත්වුනාට පසුව තමයි ඒවා දැනෙන්නේ. මේ සංසිද්ධිය වෙන්නේ කොහොමද කියල වෛද්‍ය විද්‍යාත්මකව දන්න කෙනෙක් අපිට තේරෙන විදිහට පැහැදිලි කරොත් හොදයි.
මේක නම් film එකක්. Full Throttle (1995)