බයික් පැදීම පාඩම් - පෙරලුනාම ඉස්සීම

Bowman

Well-known member
  • Feb 18, 2022
    333
    949
    93
    වැටුනට පස්සේ පාරේ යන අය දැක්කට කමක් නැහැ. පස්සහ ටයර් එක තාම කැරකෙනවා නම් බයික් එක උස්සන්න යන්න එපා. එහෙම උස්සන්න ගියොත් බයික් එක කෙලින් වෙනකොට නිකන්ම යයි අපිවත් තල්ලු කරන්.
    තව වැටුනට පස්සේ කලබල වෙන්න එපා. බයික් එක පෙරලිලා ඉවරයි දැන්. බයික් එකට හානියක් වුනා නම් දැන් වෙලා ඉවරයි.

    අපි බොහෝවිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉස්සරහ brake කිරීම නිසා පෙරලගන්නවා. එහෙම නැතිනම් වැලි වගේ ලිස්සන මතුපිටක brake කිරිල්ල නිසා.

    පල්ලමකදී නවත්තන්න ගිහින් වැටෙන්න යනකොට කකුල තියල නවත්තගන්න පුලුවන් නම් නවත්තගන්න. නමුත් කකුලට, ඇගට අමාරු නම් නවත්තන්න එපා. බයික් එක වැටෙන්න දෙන්න.

    ඉස්සෙල්ලා engine එක off කරන්න.

    ඊට පස්සේ වටේට ගිහින බලන්න උස්සන්න බැරිවෙන්න මොනවහරි බාදක තියෙනවද කියල.

    පුලුවන් නම් 1st ගියර් එකට දාන්න. බයික් එක neutral එකේදී නම් වැටුනේ හෝ ගියර් එක පැත්ත පොලවට තද වෙලා නම් glove එකක් අරන් ඉස්සරහ brake එකට දාන්න handle grip එකත් අල්ලලා. දැන් කෙලින් කරද්දී බයික් එක කොහේවත් යන්නේ නැහැ එයා brake කරගෙන ඉන්නේ. handle එකට handguard දාලා නම් තියෙන්නේ මේස් එකක්/ලේන්සුවක්/ඔය වගේ එකක් අරන් brake වෙන්න ගැටගහන්න.

    ඉස්සෙල්ලම සීට් එක පැත්තට යන්න. ඒ කියන්නේ ඔයා දැන් ඉන්න පැත්තට විරුද්ද පැත්තේ තමයි ටයර් තියෙන්නේ.ඊළගට බයික් එක බිම තියෙද්දීම, handlebar එකේ පොලව පැත්තෙන් අල්ලලා (bike එක හා පෙලලිලා තියෙන විදිහ හා ස්ථානය අනුව handlebar එකේ අහස පැත්තෙන් අල්ලලා උනත් මෙහෙම හදන්න පුලුවන්. බැරි ඒවල පොලව පැත්තෙන්), ඉස්සරහ රෝදේ ඉස්සරහ කොන අහස දෙසට යොමුවෙන ලෙස (මඩ්ගාඩ් එක පැත්ත උඩට fork එක පැත්ත යටට) හදාගන්න (handle full lock).
    ඊටපස්සේ බයික් එක පැත්තට හැරිලා උස්සන්න ලෑස්ති වෙන්න. handlebar එකේ අහස පැත්තට තියෙන කොනෙන් උස්සන්න යන්න එපා. cramp එයි, කොන්ද ඇමට්ටි වෙයි. බයික් එක උස්සන්ඩ ඕනේ handlebar එකේ පොලව පැත්තෙන් අත් දෙකෙන්ම. දැන් squat එක ගහන්න වගේ පත්වෙලා හොදට කළවාවලින්, කකුලෙන් ගැම්ම අරන් (පිටෙන් නෙවේ) බයික් එක උස්සන්න.

    උස්සන කොට අදියර 2 කට උස්සන්න.
    1.ඉස්සෙල්ල ටයර් පොලවට උඩට උස්සල ගන්නවා. තාම බයික් එක උස්සලා නැහැ අපි.
    2. දැන් බයික් එක උස්සන්න

    මේ ක්‍රමයට ලොකු බයික් එකක් උනත් උස්සන්න පුලුවන්. උස්සන්න අමාරු වගේ නම් ඒ පැත්තේ කකුල පෙට්‍රල් ටැංකියට තියල පොඩ්ඩ පොඩ්ඩ ගැම්ම ගන්න. බාගයක් විතර උස්සන කොට බයික් එක පොඩ්ඩක් ඉස්සරහට යනවා නම් අපිත් ඒ එක්කම යන ගමන් හා ඒ පැත්තට හැරෙන ගමන් ඒ පැත්තේ කලවය බයික් එකේ side එකට/ටැංකියට තියල වැටෙන්න නැතුව තද කරන ගමන් උස්සන්න.

    උස්සල කෙලින් කර ගත්තට පස්සේ වැඩිපුර ජවය බලය ශක්තිය දාන්න එපා බයික් එක එහෙම්මම අනිත් පැත්තට වැටෙයි. දැන් side stand එක ගහන්න.

    අනිත් පැත්ත හැරිලා උස්සන ක්‍රමයට (squat lift) වඩා මේ ක්‍රමය (handlebar lift) සාර්ථකයි. තව අනිත් පැත්ත හරවල උස්සන කොට බයික් එක අනිත් පැත්තට ආයේ වැටෙන්න පුලුවන්.

    දැන් bike එකට නගින්න කලින් හානිය පරික්ෂා කරන්න. ඊට පස්සේ පදින තත්ත්වයේ තියෙනවා නම් පදින්න ලෑස්ති වෙන්න. ඔය ටික කරනකොට පොඩි වෙලාවක් ගතවෙනවා. දැන් තමයි අපේ තුවාල එහෙම රිදෙන එක දැනෙන්න පටන් ගන්නේ. ඉස්සෙල්ල දැනුනේ නැති තුවාල වල රිදීම් ඔක්කොම දැන් දැනෙන්න පටන් පටන් ගන්නවා. දැන් අපේ තත්ත්වය අපහු පරික්ෂා කරලා බලල බයික් එක පදින්න සුදුසු තත්වයේ ඉන්නවා නම් විතරක් පදින්න.

    තැනිතලා වල ප්‍රශ්නයක් නැහැ. පල්ලෙමේත් ලොකු ප්‍රශ්නයක් නැහැ. කන්දේ තමයි අමාරු. නමුත් පාරේ කදු වලත් ඉහත ක්‍රමයට බොහෝවිට උස්සගන්න පුලුවන්. බැරි නම් විදේශ ආධාර ගන්න එක තමයි කරන්න ඕනේ. වැලි වල, මඩ ගොඩේ එහෙම අමාරුයි.

    offroad කන්දක නම් මේ ක්‍රමය බැහැ. අමාරුයි. නැගිට්ටවල ගත්තත් බොහෝවිට එතන ඉදන් ආයේ යන්න බැහැ. පල්ලෙහාට ගිහින් ආයේ එන්න වෙනවා. side guard protectors/side engine guard/crash bar තියෙනවා නම් වැඩේ ලේසියි. හැබැයි බයික් එක හීරෙනවා තුවාල වෙනවා නම් කරන්න එපා. දැන් අපි කරන්නේ ඉස්සරහ රෝදෙන් අල්ලලා බයික් එක slide කරනවා (අදිනවා) මූණ පල්ලෙහාට එනකන්. ටයර් එකෙන් අල්ලලා ආපස්සට කරකවන ගමන් පස්සට අදින්න බයික් එක හැරෙවෙන කම්. දැන් කලින් විදිහට උස්සන්න. පස්සහ ටයර් එක පොඩ්ඩක් ඉස්සරහට ආවත් ගියර් එකෙන් නවතියි. නැගිට්ටවල ගත්තට පස්සේ පහලට ගිහින් ආයේ එන්න.

    ඔබ දන්න ක්‍රම කියන්න. හැමෝම දන්න දේවල් බෙදාගමු.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,569
    3
    115,275
    113
    Gampaha
    ලංකාවෙනං බයික් එකක් පෙරලුනාම ඔච්චර නටන්න ඕනෙ නෑ.... අහල පහල කස්ටිය ගාණට වැඩේ කරල දෙනව..... හොඳම උදාහරණෙ @mirissanew

    පල්ලමකදී නවත්තන්න ගිහින් වැටෙන්න යනකොට කකුල තියල නවත්තගන්න පුලුවන් නම් නවත්තගන්න. නමුත් කකුලට, ඇගට අමාරු නම් නවත්තන්න එපා. බයික් එක වැටෙන්න දෙන්න.
    මේකනං හරි මගෙ වම් කකුල කෙටිල තියෙනව.....

    වංගුවකදි බයික් එකේ පස්ස ටයර් එකේ හුළං ගියා. වංගුව නිසා ටයර් එක ඇඹරීගෙන බයික් එකේ පස්ස රෝදෙ පැත්තට ගියා. පෙරලෙන එක නවත්තගන්න ක්ශනිකව කකුල බිම ගැහුව. අඩිය බිම වදින සද්දෙට මිනිස්සුත් පාරට ආව.... ඒ තරං තදට කකුල ගැහුව...
    බයික් එක පෙරලුනේ නෑ... හැබැයි කකුල කෙටුන...

    ඔබ දන්න ක්‍රම කියන්න. හැමෝම දන්න දේවල් බෙදාගමු
    මේක මේ @mirissanew ගෙ බයික් එක පෙරලුන නූල හොයන්න ගිහින් අහම්බෙන් හම්බවෙච්ච එකක්...

    https://elakiri.com/threads/බයික්-එක-පෙරලුනොත්-මොකද-කරන්නේ.1728279/
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,533
    113
    ලංකාවෙනං බයික් එකක් පෙරලුනාම ඔච්චර නටන්න ඕනෙ නෑ.... අහල පහල කස්ටිය ගාණට වැඩේ කරල දෙනව..... හොඳම උදාහරණෙ @mirissanew
    අපෝ මතක් කරන්න එපා. ආච්චිල සෙට් එකක් ඇවිත් මට බයික් පදින හැටි කියල දුන්න 😕
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,632
    19,028
    113
    එක පාරක් බයික් ඇක්සිඩන්ට් එකකින් කකුල කඩා ගත්තට පස්සේ දැන් නම් බයික් දිහා හැරිලාවත් බලන්නෑ මම. මහ හිඟන වාහනයක්
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    333
    949
    93
    ලංකාවෙනං බයික් එකක් පෙරලුනාම ඔච්චර නටන්න ඕනෙ නෑ.... අහල පහල කස්ටිය ගාණට වැඩේ කරල දෙනව.....
    ඒක නම් හොදයි. ඒ අතින් අපේ අය හොදයි.

    නමුත් හැමදේම එහෙම බලාපොරොත්තු වෙන්න බැහැ. අපිත් පුරුදු වෙලා ඉන්න ඕනේ. ඕන දේකට.

    අනික අපේ අය කරන සමහර දේවල් හරි නැහැ. උදාහරණයකට අනතුරකදී පුද්ගලයෙකුව වැරදි ක්‍රමයකට ඔසවාගෙන යන්න ගියහොත් ඔහු ජීවිත කාලයම ආබාදිත තත්වයකට ලක් විය හැකියි. අනතුරකදී වටේ පිටේ ඉන්න අය හෙල්මට් ගලවන්න යෑම, වතුර පෙවීම වැනි දේ වැරදියි.

    මම දන්නා ආකාරයට stretcher එකක රෝගියෙකුව ගෙනයායුතු පැත්තක් තිබෙනවා. ඒ පාද ඉදිරියට හා හිස පසුපසටයි. මෙය වෙනස් වන්නේ, එනම් හිස ඉදිරියට පාද පසුපසට වන්නේ අවස්ථා කීපයකදී පමණයි. ඒ ගිලන් රථයක ගෙනයාමේදී, operating theater/emergency room එකට ඇතුළුවීමේදී, lift එකට අතුලුවීමෙදී, පඩිපෙලක ඉහලට යාමේදී හා මියගිය විට වැනි අවස්ථා කීපයකදී.
     
    • Like
    Reactions: S_M_S and PHBhagya