බයික් පදින අපිට හදපු ෆෝන් එකක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    බයික් පදින අපිට හදපු ෆෝන් එකක්

    කට්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්...:D:D
    White Uni පිලට උනුසුම් සුබ පැතුම් එක් කරන ගමන් :yes::yes: බයික් පදින කොල්ලන්ට හොද නිව්ස් එකක් අරන් ආවා.මේක දන්න අයත් ඇති නොදන්න අය සදහා දැමීමකි.:no::no: ඇත්තටම මේක ෆොන් එකක්.සැම්සුන් එකෙන් ලගදිම ආපු අලුත් ෆෝන් එකක්.මොඩ්ල් එක සැම්සුන් ගැලක්සි J3. මේකේ වාසිය කියන්නේ මේ ෆෝන් එකටම කියලා ආවේනික සැම්සුන් බයික් මූඩ් කියලා එකක් තියෙනවා.:rofl: NFC ටැග් එකකින් තමයි වැඩ කරන්නේ.බයික් එකේ පෙටා ටැන්කියෙ අලව ගන්නත් පුලුවන්.ඊට පස්සේ NFC ඔන් කරලා ටැග් එක උඩින් ෆෝන් එක තිබ්බාම බයික් මූඩ් කියන ඔප්ශන් එක ඔන් වෙනවා.මෙකෙන් අපිට ඔටෝ රිප්ලයි යවන්න, අපි බයික් එක රයිඩ් කරන ගමන් ඉන්නේ කියලා ඔටෝ වොයිස් රෙකෝඩ් එකක් එන කෝල් වලට ප්ලේ වෙන්න.වගේ දේවල් කරන්න පුලුවන්.:yes::yes::yes::yes:
    පල්ලේහා වීඩියෝ එක බැලුවොත් කට්ටියට තෙරේයි.මාත් යූස් කරලා නැති නිසා වැඩිය කියන්න දන්නේ නෑ....:no::no:


    ෆෝන් එන්ජින් ස්පෙක්ස් :P
    Capture_zpsiti8q2tq.jpg


    එහෙන්ම් ඔක්කෝටම ජය, අවුරුදු ඉවර එකේ දන්සැල් වලට පිලිවෙතින් පිලිගැසෙමු..:cool:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    එල මචන්...
    You must spread some
    Reputation around before giving it
    to goooogle99 again.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පෙට්‍රල් ගහන එක ටැංකි කටෙන් වැක්කෙරෙන්න ගැහුවම උකල තියෙයි...!
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් එන සැම්සුන් ෆෝන් වලට මම එච්චට කැමති නෑ.හැබැයි මම කැමැති වෙන ජාතියක එකක් උන් s4 එකෙන් පස්සේ හැදුවේත් නෑ.:D මම කොහොමත් පිට පෙනුමට වඩා හාඩ්වෙයාර් ගැන තමා බලන්නේ

    1 බයික් එකේ යද්දී වැස්සට එහෙම අහු වුනොත් හදිස්සියකට ගලවන්න අමාරුයි. (J1 ace වගේ ඒවා, හැබැයි මේක කොහොමද කියල නම් දන්නේ නෑ.)
    2 බයික් එකේ යද්දී වැටිලා ඩිස්ප්ලේ එක ගියොත් AMOLED හින්දා ගාන වැඩියි.
    3 quad - core වුනාට Spreadtrum SC8830 ප්‍රොසෙසරයක් තියෙන්නේ.

    කැමැත්ත ගන්න කෙනාගේ
     

    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    මේකත් කියවහල්ල..

    Samsung වල Flagship Phones ඒ කිව්වෙ S Series එකේ ඒව ඇරුනම Mid Range, Low Range Phones එකක්වත් එච්චර Quality එකක් තියෙන ඒවා නෙවේ..

    ඒවා හොඳ වෙන්නෙ Smart Phone කියල නමට පාවිච්චි කරන අයට සහ Smart Phone එකක් ගැන ඒ හැටි දැනුමක් නැති සාමාන්‍ය Phone එකකට වඩා වැඩි දෙයක් Phone එකකින් බලාපොරොත්තු වන කෙනෙක්ට..

    එහෙම කිව්ව කියලා හිතන්න එපා ඒ Phone හදද චටර් Phone කියල.. ඒවා හොඳ සහ හදලා තියෙන්නෙම ඒ අදාළ Targeted Market එකට..

    Android Smart Phone එකක උපරිමය බලාපොරොත්තු වෙනව නම් Flagship එකකට යන්න.. (මේ කාරණාව ඕනම Brand එකකට අදාළයි..)

    Samsung Company එක ගැන කියනව නම්, එයාල දැන් එයාලගේ Flagship Phone වල Overall Quality එක ඉතා හොඳ තත්වෙකට පහුගිය අවුරුදු දෙකේදී වගේ අරන් ඇවිත් තියෙනවා..

    ප.ලි. :- මේ කියල තියෙන දේවල් ලිව්වෙ මගේ දීර්ඝ කාලීන Smart Phone පාවිචියේ අද්දැකීම්, මම දැකලා තියෙන දේවල් සහ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයො (ඔව් ඔව්, Internet එකෙන් තමා ඒ ප්‍රවීණයො හම්බ උනෙ..)කියලා තියෙන දේවල් ඔක්කොම එකතු කරල..

    ඉතින් කියල තියෙන හැම දේම 100%ක් නිවැරදි නොවෙන්න පුලුවන්..

    ප.ප.ලි. :- මම Die Hard Smart Phone Fan එකෙක් වුනාට Die Hard Samsung Fan කෙනෙක් නෙවේ.. (එහෙම කියලා, Samsung කියන්නේ මම අකමැති Brand එකක් එහෙම නෙවේ.. ඒක හොඳම Brand එකක්..)

    [ මීට, Jake_Lupine ]
     
    Last edited: