සමහර බයික් පදින අය විතරක් නෙමේ වාහන පදින අයත් පාරේ ආචාරධර්ම අනුගමනය කරන්නේ නැ
01.වාහනයකට ඉඩ දෙන්නේ නැ
02.ඉස්සරහ කරනකොට හෝන් ගහන්නේ නැ
03.ඉස්සරහ කරනකොට එහා පැත්තෙන් එන වාහනේ ගණන් ගන්නේ නැ . අඩුම තරමේ වේගේ වත් බලන්නේ නැ
04.යු ටර්න් ගහනකොට දෙපැත්ත බලන්නේ නැ
05.එහෙන් මෙහෙන් අස්සෙන් දානව අඩුම තරමේ හොර්න් එකවත් ගහන්නේ නැතුව
06.කහ ඉරේ ඉඩ දෙන්නේ නැ
07.වාහනේ පදින කොට පාරේ යන අනිත් වාහන් ගැන තැකීමක් නැ
08.එලවගන්න බැරි තරමට් බිලා පාරේ තොවිල් නටනවා ..
09.ඉදිරිය පෙන්නේ නැති වංගු වල වාහන ඉස්සරහ කරනවා .......
ඔය වගේ පොඩි පොඩි දේවල් අන්තිමට ඉවර වෙන්නේ ජිවිතයකට වග කියන ගමන් .. එහෙම නැත්නම් සදාකල් අබ්බගාතයෙක් කරන ගමන්
මම දැන් ලයිසන් අරගෙන අවුරුදු 10කට වැඩි ..... තාම දඩ කාලා තියෙන්නේ 3න් පාරයි ..... ඒවත් 500/- දඩ...
රථවාහන අනතුරු 02 යි
01.එකක් බස් එකක් ඇගට කපලා. ලයිසන් ගත්ත මුල් දවස් වල උන සිදුවීමක් ... එකෙන් පාඩමක් ඉගෙන ගත්තා
02. ටවුන් එකේදී ලොරියක් හරහට දාලා වැද්දුවා.... උ මාව ගණන් ගන්නේ නැතුව දැම්මේ .... ගැහුවා හෙල්මට් එකෙන් මම බිම දාගෙන උව පාගන ගමන් ආයිත් ඔය වැඩ නොකරන්න .
දැන් පෙරටත් වඩා අවධානයෙන් පාරේ එලවනවා පුළුවන් තරම් ... වෙලාව කියන දේ මටත් කියන්න බෑ ... පුළුවන් තරම් මන් නිසා වෙන අනතුරු අවම කරගන්න තමා බලාපොරොත්තුව
පාරේ වාහන පදින අය (බයික් , ත්‍රිවිල් ඇතුළුව) තමන්ගේ අතින් වෙන අනතුරු අවම කරගෙන එලවනවා නම් හුගක් නොසැලකිල්ලබව නිසා වෙන අනතුරු අවම කරගන්න පුළුවන් අපිට...![]()
sira kathawa
