බයික් පදින අය කියවන්න!

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    බයික් පදින අය කියවන්න!

    ඇත්තටම ඇස් වලට කඳුළු ආවා මේක කියවලා. :(

    SWPF9dC.jpg


    යකඩ හීන
    🚑🚑🚑🚑

    "හෙලෝ... මේ අක්කා තමුසෙ වැඩ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද ?"

    මම ෆයිල් ගොඩක මූණ ඔබන් ඉද්දි මල්ලි කෝල් එකක් ගත්තෙ..

    "තව පැය භාගයක් තියනවනෙ හලෝ.. හදිසි මොකද මම එනකම් පාක් එකේ ඉන්නවා "

    මම කියුවෙ කේන්තියෙන්..හැමදාම ඔහොමයි..මාව එක්කන් යන්න ආවම විනාඩියක් පරක්කු වෙන්න බෑ..

    "එහෙනම් මම තක්ෂිලා එක ලගට ගිහින් ටාර් ගාලා එන්නම්.. "

    "අර කෙල්ලව බලන්න නෙහ්.. ?"

    "හරි හරි ඉන්නවකෝ.."

    මනමාල හිනාවත් දාලා මල්ලි ෆෝන් එක කට් කලා.. වෙලාවෙ ගලන් යන්නෙ හෙමීට කියලා හිතුනා.හැමදාම හවසට මෙහෙමයි..හවස් වරුව ගලන් යන්නෙ හෙමිහිට..

    ආයිත් ෆෝන් එක් රින්ග් වෙනවා.ආයිත් නම්.මෙයාට එන්න කියන්නෙ නෑ එක්කන් එන්න..

    මම හිතින් බැන බැන ෆෝන් එක ආන්ස්වර් කලා..

    "හෙලෝ..මේ මේ ෆෝන් එක අයිති මල්ලිගෙ කවුද ?"

    එහා පසින් කතා කල කෙනාගෙ කල්බලේට මට පෑනත් අතෑරුනා..

    "මගෙ මගෙ මල්ලි.. ඇයි..?"

    "නංගි එයා ඇක්සිඩන්ට් වෙලා..එයාට සිහි නෑ.. උඩම තිබ්බ නම්බර් එකට මන් මේ ගත්තෙ.. අපි එයාව හොස්පිටල් අරන් යනවා එන්න.."

    මට දැනුනෙ ලෝකෙම මං වටේ කැරකෙනවා කියලා..

    "දෙයියනේ සුදූ "

    මං කෑ ගැහුවා..

    "ඉමාලි ඇයි ඇයි.. ?"

    ඔෆිස් එකේ කට්ටිය මං වටේ රොක් උනා..ඔෆිස් එකේ අයගෙ වාරුවෙන් මං හොස්පිටල් එකට ආවා.. වෑන් එකෙන් බැහැපු ගමන් මං දිව්වෙ කොරිඩෝව දිගේ..

    "ඉමාලි මිස් ඉන්න.."

    ඔෆිස් එකේ කවුද මගෙ පස්සෙන් එනවා කියලා දැනුනත් මට නවතින්න උවමනාවක් තිබ්බෙ නෑ..මට මගෙ පන ටිකගෙ මූණ බලන්න ඕනි උනේ..

    "මිස්.. මිස්.. දැන් දැන් බයික් එක හැප්පිලා ගෙනාවෙ එයා එයා.."

    මං එතන හිටපු නර්ස් කෙනෙක්ගෙන් ඇහුවා..

    "ආ.. එයා ඩොක්ටර් බලනවා.. ඔයා එන්නකො..මට ලෙඩාගෙ නම කියන්න.."

    "අනෙ මිස් මට මල්ලිව බලන්න ඕනි.."

    මම කියුවෙ වෙන කිසිම දෙයක් වැදගත් නැති නිසා..

    "ඩොක්ට බලනවනෙ.. ඉවර උනාම යන්.එතකන් මට මේ විස්තර ටික දෙන්න.."

    ඇය කියුවෙ කරුණාබර විදිහට..

    "නම මොකක්ද මල්ලිගෙ..?"

    "ඉමාල්..ඉමාල් මදුශංක.."

    "වයස ?"

    "විස්සයි.."

    මං විස්තර ටික උඩින් පල්ලෙන් කියලා දැම්මා..

    මට ඇහුනෙ මල්ලි කේදනාවෙන් කෙඳිරි ගාන සද්දෙ..

    දෙයියනේ මගෙ පණ ..මං එතනට දිව්වා..

    මගෙ අහින්සකයගෙ මූණ අදුනා ගන්නවත් බෑ .. කකුල හොඳටම ඉදිමිලා.. බෙල්ලට දාලා තිබ්බ ප්ලාස්ටර් එක නිසා හෙලවෙන්නවත් බෑ.. එක අතක් ඇගිලි දෙකක් නැද්ද මන්දා.. ඉදිමිච්ච කකුලෙන් ලේ ගලනවා හොඳටම..උඹට රිදෙනවද මහත්තයෝ .. පොඩි කාලෙ උඹව වැටෙනවට වත් මං කැමති නෑ මල්ලි.. උඹට රිදෙනකොට මටත් රිදුනා.. ඒත් අද උඹ..කොහොමද මේවා දරා ගන්නෙ.. උඹට රිදෙනවද සුදූ.. "

    "ඩොක්ටර්..ඩොක්ට මගෙ මල්ලි.."

    මං බලාපොරොත්තු කෝටොයක් තියන් ඒ මූණ දිහා බැලුවා.. කොල්ලෙක් වෙච්ච ඩොක්ටගෙ මූණත් හොඳටම අවුල් වෙලා..

    "ඔළුවට තමයි ගොඩක් ඩැමේජ් .. ඔයා පොඩ්ඩක් එහායින් ඉන්නකො.."

    ඔහුගෙ හඩින් මං පසෙකට උනා.."

    "මිස් ඊටී ටියුබ් දාමු..හරි අප්.. මෙයාට බ්‍රීතින් ඩිෆිකල්ට්.."

    ඩොක්ට නර්ස්ට මොනාදෝ කියුවා.ඇයත් හනි හනිකට මොනාද ඩොක්ටට දුන්නා..

    මං බලන් ඉද්දිම මොනාදෝ බට වගයක් ගහලා මල්ලිව මැෂින් එකක්ට සම්බන්ධ කලා..

    "ඔයාද මෙයාගෙ අක්කා.මේ ෆෝන් එක.. මල්ලි ගිහින් තියෙන්නෙ සීයට.. ඉස්සරහින් ආපු ලොරියෙ හැප්පුනේ මං බලන් ඉද්දි.. ඕකෙ තිබ්බ හෝම් කියන නම්බර් එකට මං කෝල් කලා නංගි.. තව සුදු බබා කියලා පොඩි ගර්ල් කෙනෙකුත් කතා කලා.මං එයාටත් කියුවා.."

    පිරිමි කෙනෙක් මට මල්ලිගෙ ෆෝන් එක ගෙනත් දුන්නා. මට අම්මලට කියන්නත් අමතක උනා.. දෙයියනේ ඒ මිනිසු මේ දේවල් කොහොම ඉවසනද..

    රත්තරන් උඹට කොච්චර කියලා තියනවද හෙමින් පලයන් කියලා.. දෙයියනේ ඒ හැම වෙලේම උඹ කටකාර කතාවක් කියලා අපිව විහිළුවකට ගන්නවා..

    "හෙමින් යන්න නම් බයික් මොකටද හලෝ.."

    උඹ කියන්නෙ එහෙම.. ඒත් රත්තරන් කොහොමද අද උඹ මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ..

    එක පාරටම පංති ගිය පොඩි නංගිලා කීප දෙනෙක් එතනට දුවන් ආවා.. එක ගෑණු ළමයෙක් හොඳටම අඩනවා.

    "මේ ඉන්නෙ බලනවා බෝනික්කි වගේ ඕයි.. මට පට්ට ලෝබයි.. මං මේකි නැති උනොත් මැරෙනව බන් අක්කෙ.."

    එක දවසක් ඒ කෙල්ලගෙ ෆොටෝ එක පෙන්නලා ඔයා කියුවා මතකයි..

    "සුදු බබා.."

    මං ඒ නංගි ළගට ගිහින් කතා කලා.. මල්ලි කතා කරන විදිහටම

    "අක්කා.."

    කෙල්ල කෑ ගහගෙන මාව බදා ගත්තා..

    "අනේ අක්කා මට අයියව බලන්න ඕනි අක්කා..අනේ අක්කා.. මට අයියව බලන්න ඕනි..අනේ අර බට ගහලා එයාට රිදෙනවා ඇති අක්කා ..මට ඕනි.."

    කෙල්ල හොඳටම අඩනවා ..මං මොනා කියන්නද රත්තරන් .. මාත් අඩනවා උඹ අපි හැමෝවම ඇඩෙව්වා මල්ලි.. උඹ සනීප උනාම මං උඹේ කණ රතු වෙනකම් මිරිකන් ඉන්නවා.

    "අඩන්න එපා මැණික.. එයා කොහොමදා ඔයාව දාලා යන්නෙ..මාව දාලා යන්නෙ..එයාට බෑ ඒක කරන්න අඩන්න එපා.."

    මං කියුවෙ කෙල්ලව තුරුල් කරන්..

    "නංගි මේ නංගිගෙ අම්මලට කෝල් කරන්න..මෙයාව එක්කන් යන්න කියන්න."

    කෙල්ල එතනින් යන්න අකමැති නිසාම මං එයාගෙ යාළුවන්ට කියුවෙ පුන්චි කෙල්ලෙක් මෙහෙම තියන් ඉන්න බැරි නිසා.

    "ලොක්කි කෝ මල්ලි..මං උඹට කියුවා ඌට බයික් එක අරන් දෙනකොට.. පුතේ..."

    අම්මට සිහි නැති වෙනකොට ගෙදරින් ආපු කීප දෙනෙක් අම්මව අල්ලා ගත්තා..

    "දෙයියනේ මං නේද මේ බයික් එක අරන් දුන්නෙ.. මගෙන් බර්ත්ඩේ එකට ඉල්ලුවෙ බයික් එකක් මහත්තයෝ උඹ.. මම ලීසින් කරලා ගෙවන්න බයික් එකක් අරන් දුන්නෙ තියනවට නෙමෙයි.. උඹට හැබෑ නොවුන හීන තියෙන්නෙ බැරි නිසා.."

    මං කණුවක ඔළුව ගහා ගත්තා..

    "අක්කා ඇයි මේ ?"

    මල්ලිගෙ දඟයො ටික ඇවිත් මාව අල්ලා ගත්තා.ඒ දඟකාර මූණු මැලවෙලා.ඇස් වල කඳුලු.. බලපන් උඹ කී දෙනෙක් අඩවලද මහත්තයෝ .. නැගිටපන් ඉක්මනට..

    "මගෙ පණ සනීප වෙයි නේද මල්ලි.."

    "ඉමාලයා කොහොමද අපිව දාලා යන්නෙ. .. එහෙම උනොත් මං ඕකව තියන්නෙ නෑ අක්කා.. ඔයාගෙ මනමාලයගෙ කකුල් හෝදලා මුද්ද ගන්න ඌ ඉන්නෙ.. ඌ කොහොමද ඔයා මනමාලියක් වෙනවා නොබලා යන්නෙ.. "

    ඒ කොල්ලො ටිකත් අඩනවා..

    එක පාරටම උඹ හිටපු කාමරේ ඩොක්ටලා නර්ස්ලා වේගෙන් එහෙ මෙහෙ දුවන්න ගත්තා..අපිට උඹව නොපෙනෙන ගානට.. එයාලා උඹ වටේ රත්තරන් .. මගෙ පපුව නැවතුනා..

    🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑

    "සුදූ...."

    ඩොක්ට උඹෙ මූණ වහද්දි සුදු රෙද්දෙන් මං පිස්සෙක් වගේ කඩාගෙන උඹ ලගට දිව්වා..

    "මල්ලී... "

    "පොඩි පුතේ.."

    "සුදු අයියේ.."

    "ඉමල්කයා.."

    වටේම හිටපු මම , අම්මා , උඹෙ රෝස බෝනික්කි, යාළුවො කෑ ගහනවා උඹට ඇහෙන්නෙ නැද්ද මහත්තයෝ ..

    අම්මට අඩන්නවත් සිහි නෑ .. උඹ අම්මා අඩනවට කැමති නෑනෙ රත්තරන් .. තාත්තා අම්මා එක්ක පොඩ්ඩක් රණ්ඩු උනත් උඹට කේන්ති යනවනෙ.. උඹ කොහොමද අම්මව මෙහෙම අඩවන්නෙ..උඹෙ රෝස බෝනික්කි උඹේ පෙට්ටිය ලගම පුටුවක් තියන් වාඩි වෙලා මහත්තයෝ ..උඹට පේන්නෙ නැද්ද ඒකි තාම වතුර උගුරක් බීලා නෑ .. උඹෙ දඟයො සෙට් එක සැරින් සැරේ ගෙටෙ ඇවිත් උඹෙ මූණ දිහා බලන් ඉදලා කදුලු පිහලා ආයි යනවා..

    "අක්කා උඹව බදින එකා උඹව ඇඩෙව්වොත් ඒක තමා ඌ ජීවත් වෙන අන්තිම දවස "

    කරන්න බැරි උනත් උඹ මට තෙබ්බ ආදරේ ඒ වචන වල තිබ්බා.. එහෙව් උඹ කොහොමද අක්කව මෙහෙම ඇඩෙව්ව.. කියපන් මල්ලි..උඹෙ අක්කා අඩනවා පේන්නෙ නැද්ද..

    උඹ ඇල්ලෙ ගිහින් අර ලග උඩ ගත්ත ලස්සන ෆොටෝ එකට සුදු මල් මාලයක් දාලා.මං කොහොමද මහත්තයෝ ඉන්නෙ..

    "උඹව ගෙනියන හදන්නෙ..ඇහෙන්නෙ නැද්ද අම්මා කෑ ගහන සද්දෙ.. රත්තරන් මල්ලි.. නැගිටපන් මහත්තයෝ ..මේ අක්කට උඹ නැතුව ඉන්න බෑ රත්තරන් .. අනේ මගෙ පණ උඹ මල්ලි.. එපා නුවන් මල්ලි අනේ මගෙ මල්ලිව එක්කන් යන්න එපා.. එයාව අරන් යන්න එපා මල්ලි.. වෙනදා වගේ එයාගෙ කරට අත දාන් එක්කන් යන්න.ඇයි ඔයාලගෙ කර උඩ.. අනේ මල්ලි.. "

    ඒ කොල්ලො ටිකටත් උඹෙ පෙට්ටියට කර ගහන්නවත් හයියක් නෑ බන්..උන් එකාට එකා බදාගෙන අඩනවා.. වරෙන් සුදු මල්ලි ගිය තැනකින්.. අපිට උඹ නැතුව බෑ..

    "හැමදාම අම්මා මුලින්ම බත් බෙදුවෙ උඹට බන්..මේ අම්මා ආයි බත් බෙදලා කතා කරන්නෙ කාටද මහත්තයෝ .. අම්මා ගැන හිතලා ඉන්න.."

    "උඹට ගානක් නෑ මහත්තයෝ .. එදා උඹ දුවලා දිනපු වෙලාවෙ උඹෙ යාළුවො කර තියන් යනවා වගේ උඹ උජාරුවට හැමෝගෙම කර පිටින් යනව .. ඒත් අපි..??"

    උඹෙ යකඩ හීනෙ අපිට තිබ්බ හැම හීනයක්ම උදුරා ගත්තා රත්තරන් ..

    🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑

    හැම කොල්ලෙක්ම දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න.. මේ දවස් වල දවසට කී දෙනෙක් නැති වෙනවද .. ? අයියෙ මල්ලි උඹලා පවුලෙ පණ බන්.. කවුරුත්ම කෙලින් නොකියුවට උඹලා තමයි අපේ ජීවිතේ .. අනේ හෙමින් පලයන්.

    වදින්නම්.. උබලට උඹලා වටින්නෙ නැති උනාට අපිට ගොඩක් වටිනවා.....

    උපුටා ගැනීමකි.

     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔහොම අක්කලා අද කාලේ ඉන්නවා කිව්වහමත් පුදුමයි.:(දැන් කාලේ ගොඩක් උන් මැරෙනවට කැමතියි ඌට තියෙන දේත් ලියාගන්න පුළුවන්නේ.:growl:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වදින්නම්.. උබලට උඹලා වටින්නෙ නැති උනාට අපිට ගොඩක් වටිනවා.....
     

    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    Oya wage 100 ta yana apathayo kohomath lorry wage usa wahanayaka happilaa athme maaru wena eka hodai ahibsaka minissunwa yata nokara
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඔහොම අක්කලා අද කාලේ ඉන්නවා කිව්වහමත් පුදුමයි.:(දැන් කාලේ ගොඩක් උන් මැරෙනවට කැමතියි ඌට තියෙන දේත් ලියාගන්න පුළුවන්නේ.:growl:

    :lol:අනේද කියන්නේ..අපි නොදන්න අක්කලා..අක්කලා හොඳයි නොබැඳ ඉන්නකන්.බැන්ඳට පස්සේ මල්ලිටත් ගේම දෙයි ඉඩම්,ගෙවල් වලට තියෙන පෙරේතකමට.
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    අයියෙ මල්ලි උඹලා පවුලෙ පණ බන්.. කවුරුත්ම කෙලින් නොකියුවට උඹලා තමයි අපේ ජීවිතේ .. අනේ හෙමින් පලයන්.
    අනේ හෙමින් පලයන්.
    අනේ හෙමින් පලයන්.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි ඉතින් ඔය වගේ දේකදි පව් කියන්න ඕනේ අනිත් වාහනේ ඩ්‍රයිවර් ගැන.
    වෙන එකෙක් කරපු වැරද්දකට තමන දවස් ගානක් පොලිසි උසාවිව්ල රස්තියාදු වෙන්න වෙනවා .
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔහොම අක්කලා අද කාලේ ඉන්නවා කිව්වහමත් පුදුමයි.:(දැන් කාලේ ගොඩක් උන් මැරෙනවට කැමතියි ඌට තියෙන දේත් ලියාගන්න පුළුවන්නේ.:growl:

    Ane hamoma ehema nane! :baffled:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සමහර බයික් පදින අය විතරක් නෙමේ වාහන පදින අයත් පාරේ ආචාරධර්ම අනුගමනය කරන්නේ නැ



    01.වාහනයකට ඉඩ දෙන්නේ නැ

    02.ඉස්සරහ කරනකොට හෝන් ගහන්නේ නැ

    03.ඉස්සරහ කරනකොට එහා පැත්තෙන් එන වාහනේ ගණන් ගන්නේ නැ . අඩුම තරමේ වේගේ වත් බලන්නේ නැ

    04.යු ටර්න් ගහනකොට දෙපැත්ත බලන්නේ නැ

    05.එහෙන් මෙහෙන් අස්සෙන් දානව අඩුම තරමේ හොර්න් එකවත් ගහන්නේ නැතුව

    06.කහ ඉරේ ඉඩ දෙන්නේ නැ

    07.වාහනේ පදින කොට පාරේ යන අනිත් වාහන් ගැන තැකීමක් නැ

    08.එලවගන්න බැරි තරමට් බිලා පාරේ තොවිල් නටනවා ..
    09.ඉදිරිය පෙන්නේ නැති වංගු වල වාහන ඉස්සරහ කරනවා .......



    ඔය වගේ පොඩි පොඩි දේවල් අන්තිමට ඉවර වෙන්නේ ජිවිතයකට වග කියන ගමන් .. එහෙම නැත්නම් සදාකල් අබ්බගාතයෙක් කරන ගමන්





    මම දැන් ලයිසන් අරගෙන අවුරුදු 10කට වැඩි ..... තාම දඩ කාලා තියෙන්නේ 3න් පාරයි ..... ඒවත් 500/- දඩ...





    රථවාහන අනතුරු 02 යි

    01.එකක් බස් එකක් ඇගට කපලා. ලයිසන් ගත්ත මුල් දවස් වල උන සිදුවීමක් ... එකෙන් පාඩමක් ඉගෙන ගත්තා
    02. ටවුන් එකේදී ලොරියක් හරහට දාලා වැද්දුවා.... උ මාව ගණන් ගන්නේ නැතුව දැම්මේ .... ගැහුවා හෙල්මට් එකෙන් මම බිම දාගෙන උව පාගන ගමන් ආයිත් ඔය වැඩ නොකරන්න .





    දැන් පෙරටත් වඩා අවධානයෙන් පාරේ එලවනවා පුළුවන් තරම් ... වෙලාව කියන දේ මටත් කියන්න බෑ ... පුළුවන් තරම් මන් නිසා වෙන අනතුරු අවම කරගන්න තමා බලාපොරොත්තුව



    පාරේ වාහන පදින අය (බයික් , ත්‍රිවිල් ඇතුළුව) තමන්ගේ අතින් වෙන අනතුරු අවම කරගෙන එලවනවා නම් හුගක් නොසැලකිල්ලබව නිසා වෙන අනතුරු අවම කරගන්න පුළුවන් අපිට... :)
     
    • Like
    Reactions: -LotusMoon-

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැබැයි ඉතින් ඔය වගේ දේකදි පව් කියන්න ඕනේ අනිත් වාහනේ ඩ්‍රයිවර් ගැන.
    වෙන එකෙක් කරපු වැරද්දකට තමන දවස් ගානක් පොලිසි උසාවිව්ල රස්තියාදු වෙන්න වෙනවා .




    :(:(
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    සමහර බයික් පදින අය විතරක් නෙමේ වාහන පදින අයත් පාරේ ආචාරධර්ම අනුගමනය කරන්නේ නැ



    01.වාහනයකට ඉඩ දෙන්නේ නැ

    02.ඉස්සරහ කරනකොට හෝන් ගහන්නේ නැ

    03.ඉස්සරහ කරනකොට එහා පැත්තෙන් එන වාහනේ ගණන් ගන්නේ නැ . අඩුම තරමේ වේගේ වත් බලන්නේ නැ

    04.යු ටර්න් ගහනකොට දෙපැත්ත බලන්නේ නැ

    05.එහෙන් මෙහෙන් අස්සෙන් දානව අඩුම තරමේ හොර්න් එකවත් ගහන්නේ නැතුව

    06.කහ ඉරේ ඉඩ දෙන්නේ නැ

    07.වාහනේ පදින කොට පාරේ යන අනිත් වාහන් ගැන තැකීමක් නැ

    08.එලවගන්න බැරි තරමට් බිලා පාරේ තොවිල් නටනවා ..
    09.ඉදිරිය පෙන්නේ නැති වංගු වල වාහන ඉස්සරහ කරනවා .......



    ඔය වගේ පොඩි පොඩි දේවල් අන්තිමට ඉවර වෙන්නේ ජිවිතයකට වග කියන ගමන් .. එහෙම නැත්නම් සදාකල් අබ්බගාතයෙක් කරන ගමන්





    මම දැන් ලයිසන් අරගෙන අවුරුදු 10කට වැඩි ..... තාම දඩ කාලා තියෙන්නේ 3න් පාරයි ..... ඒවත් 500/- දඩ...





    රථවාහන අනතුරු 02 යි

    01.එකක් බස් එකක් ඇගට කපලා. ලයිසන් ගත්ත මුල් දවස් වල උන සිදුවීමක් ... එකෙන් පාඩමක් ඉගෙන ගත්තා
    02. ටවුන් එකේදී ලොරියක් හරහට දාලා වැද්දුවා.... උ මාව ගණන් ගන්නේ නැතුව දැම්මේ .... ගැහුවා හෙල්මට් එකෙන් මම බිම දාගෙන උව පාගන ගමන් ආයිත් ඔය වැඩ නොකරන්න .





    දැන් පෙරටත් වඩා අවධානයෙන් පාරේ එලවනවා පුළුවන් තරම් ... වෙලාව කියන දේ මටත් කියන්න බෑ ... පුළුවන් තරම් මන් නිසා වෙන අනතුරු අවම කරගන්න තමා බලාපොරොත්තුව



    පාරේ වාහන පදින අය (බයික් , ත්‍රිවිල් ඇතුළුව) තමන්ගේ අතින් වෙන අනතුරු අවම කරගෙන එලවනවා නම් හුගක් නොසැලකිල්ලබව නිසා වෙන අනතුරු අවම කරගන්න පුළුවන් අපිට... :)

    :yes::yes:
    Loku wahana nan yanne para eyalage wage, anith wahana gana kisi salakillak naa!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ට ආදරය කරන අය ගැනත් පොඩ්ඩක් හිතනවනම් ඉතින් ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට අඩුවෙන්න ඉඩ තියෙනව. ඔය වගේ ගොඩක් ජීවිත අකාලයේ නැතිවෙනව දවසකට ඔය හේතුව නිසාම. ඒ වයස හැටියට ඉතින් එවැනි ආශාවන් ඇතිවෙන එක සාමාන්‍යය දෙයක්. වේගය මරුවා කැඳවයි කිවුවට කථාවටත් එහෙම කැමැත්තක් ගොඩක් තරුණ පරපුර අතර තියෙනවනෙ. කොහොමත් ගොඩක් රථවාහන අනතුරුවලට හේතුවනම් විනයක් නැතිකම තමයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වැඩ ඇරිලා ගෙදර යන තාත්තා කෙනෙක් හැප්පිලා මැරුණ සිද්දියක් ගැන වගේ ලිව්වනම් සංවේදී වෙන්ඩ තිබුනා. ඒත් ඔය ලිපියේ කියන ජාතියේ උන් අඩුගානේ මේ වගේ ලිපි කියවන්නේවත් නෑ. ලියපු කෙනාගේ කාලය අපරාදේ.
    එක සැරයක් පොඩි කොල්ලෙක් වේගෙන් ගිහින් light කණුවක හැප්පිලා මැරුණු සිද්දියක් FB එකේ ගියා. ඒකෙ cctv footage වල තියෙනවා ඌ වේගෙන් ගිහින් පාරෙන් පිට පැනලා light කණුවක වැදිලා මැරෙන්නේ. අවසන් කටයුතු වෙලාවේ අම්මා උගේ මරණ දැන්වීමක් ගහලා තියෙන කණුවක් බදාන අඬනවා. ඒ අස්සේ උගේ යාළුවො කියන උන් මොකද කරන්නේ? උන් bike set එකක් ගෙනත් වැඩ දානවා, මැරුණ එකා ආස ඒවාට කිය කියා. ඒ ගැන බැනලා comment දාල තියෙන අස්සේ එකෙක් ඇවිත් comment කරනවා මොනවා උනත් ඒ කොල්ලා මැරුණ විදිය respected ලු.
    තමන්ගේ යාලුවා මැරිලා ඉන්න වෙලාවේ මළගෙදරට ඇවිත් stunts කරන, bike එක control කරගන්ඩ බැරි වේගෙකින් ගිහින් කණුවක හැප්පිලා මැරෙන එක respected කියල හිතන ජාතියේ උන්ව ආමන්ත්‍රණය කරන්ඩ තමා උත්සාහ කරලා තියෙන්නේ.
    නිෂ්ඵල වෑයමක්!
     
    • Like
    Reactions: Solo Rider