බයික් පැදීම පාඩම් - නිවැරදිව Kick start කිරීම

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    අඩේ මේ තෙල් කෙස් එක හින්ද ගෙදර තියන බයිසිකලේ යන්න පටන් ගත්ත. නිතර යන එන පාරේ පත පල්ලමක් තියනවා. ඔකේ එද්දී ගොඩක් වෙලාවට ක්ලච් එකේ එන්නේ බන්. 😬😬😬😬😬😬
    හරි ශෝක්

    සෑහෙන කාලෙකිම් කික් කරල නෑ.. එකපාරක් මතකයි පරන (මතක විදිහට) DR650SE එකක් තිබ්බ. කොහොම හරි dirt bike එකක් 650 වගේ ටිකක් ලොකු single ccylinder එන්ජිමක් තිබ්බෙ. බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහල උඩ නැගල උඩත් පැනල තමා කික් කරන්න ඕනෙ 😅
    ------ Post added on Oct 17, 2022 at 12:44 AM
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මගෙ බයික් එකෙ කික් පැඩල් එකක් නෑනෙ
    මම mk
    එහෙනම් පට්ටලේකට ගිහින් මෙන්න මේ විදියට හොල්ලල හොල්ලල start කරගන්න විදියට හදාගනින් මචන්.

     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ඉස්සෙල්ලා kick starter එක හිමීට පහලට තල්ලු කරන්න, engine එකත් එක්ක couple වෙන එක දැනෙනකම් (top dead center එකට එනකම්).
    කික් එක නිදහසේ බැහැල එන්ජිම එක්ක කපල් වෙනවා රැචර් මැකැනිසම් එකකින්. ඊට පස්සෙත් කික් එක නිදහසේ බහිනවා. එක තැනකදි පොඩි හිරයක් දැනෙනවා. ඒ කම්ප්‍රෙෂන් එකට එනකොට. අන්න එතනදි තමා කික් කරන්න ඕනේ.

    හදිසියෙ කික් එක අඩියටම එනකොට එන්ජිම ටොප් ඩෙඩ් සෙන්ටර් එකට ඇවිල්ලා ප්ලග් එක පත්තු වෙලා මික්ෂර් එකත් පත්තු වෙලා එන්ජිම ආපස්සට කැරකුනොත් (මේක වෙන්න පුළුවන් කලාතුරකින් ) කික් එක ආයෙ උඩ ගහනවා. කම්ප්‍රෙෂන් වැඩි පවර්ෆුල් එන්ජිමක නම් කකුල කැඩෙන්න උනත් ඉඩ තියෙනවා. යූටියුබ් එකේ සර්ච් කරල බලන්න හොන්ඩා XL500 XR400 යමහා XT500 SR500 හාලි ඩේවිඩ්සන් කික් ස්ටාට් ෆේල් කියුඅලා. බලාගන්න පුළුවන් බරපතලකම.

    100-150cc ඉන්දියන් බයික් වල නම් කම්ප්‍රෙෂන් අඩු නිසා කකුල කැඩෙන්න තරම් පාරක් එන්නෙ නෑ. නමුත් රිදෙන්න පාරක් වදින්න පුලුවන්. තුවාල වෙන්න පුලුවන්. පල්සර් 150-180, ඩිස්කවර් 135 වල එහෙම කික්බැක් එක ටිකක් දරුණුයි
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    1. ඉස්සෙල්ලා kick starter එක හිමීට පහලට තල්ලු කරන්න, engine එකත් එක්ක couple වෙන එක දැනෙනකම් (top dead center එකට එනකම්).
    tdc එකට එනකම්. තවම ඇවිල්ලා නැහැ. එන ගමන් ඉන්නේ. එනම් compression stoke එකේ අතරමැදයි.
    (මේ වරහන් ඇතුලේ tdc එකට එනකම් මැදක් දක්වා කියල එකතු වුනා නම් හරි).

    කික් එක නිදහසේ බැහැල එන්ජිම එක්ක කපල් වෙනවා රැචර් මැකැනිසම් එකකින්. ඊට පස්සෙත් කික් එක නිදහසේ බහිනවා. එක තැනකදි පොඩි හිරයක් දැනෙනවා. ඒ කම්ප්‍රෙෂන් එකට එනකොට. අන්න එතනදි තමා කික් කරන්න ඕනේ.
    inlet stroke එකේදී kick එක නිදහසේ බහිනවා. නමුත් ඊට පස්සේ එන compression stroke එකේදී කික් එක නිදහසේ බහින්නේ නැහැ. දැන් piston එක උඩට යන්නේ. උඩටම ගියාම එන්නේ tdc එක. මෙතනදී compression stroke එකේ තරම් හිරයක් දැනෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ power stroke එකේදී. මෙතනදී kick කරලා වැඩක් නැහැ.
    නමුත් මෙතන ඔබේ අදහස මට පැහැදිලියි.




    theoretically කියනවනම් four stroke engine එකක පලවෙනි stroke එකේදී එනම් inlet එකේදී piston එක අමාරුවක් නැතුව තොරව පහලට යනවා. මෙතනදී tdc එක තියෙන්නේ cylinder එක උඩම. මේ යන ගමන තමයි stroke එක.
    ඊළගට එන්නේ compression stroke එක. දැන් bdc එක තියෙන්නේ පහලම. ඔන්න දැන් piston එක හිමීට උඩට එනවා. එතකොට compression එක පටන් ගන්නේ bdc එක පහුකරගෙන චුට්ටක් උඩට ආපුවම. දැන් අපි ඉන්නේ compression stroke එකේ ආරම්භක අවදියේ. ඊළගට මේක උඩටම ගිහින් tdc වෙනවා.

    මේක අපිට කකුලෙන් kick කරනකොට දැනෙන්නේ මෙහෙමයි. kick starter එක ආයාසයකින් තොරව හිමීට පහලට තල්ලු කරද්දී එක තැනකදී resistance එකක් එන ගතියක් දැනෙනවා. මෙතනදී තවදුරටත් ආයාසයකින් තොරව පහලට තල්ලු කරන්න අමාරුයි. මේක තමයි compression stroke එකේ පටන් ගැන්ම. දැන් අපි තව චුට්ටක් kick එක පහලට තල්ලු කරලා එතැන ඉදන් kick කරනවා. ඒ කියන්නේ තව ටිකක් compression stroke එකේ ඉස්සරහට ගිහිල්ලා එහි අතරමැද ඉදන්. ඒ කියන්නේ compression stroke එකට එනකොට නෙවේ ආවට පස්සෙයි kick කරන්න ඕනේ. සමස්තයක් වශයෙන් මේක තමයි හොදම ක්‍රමය. ඉහත ක්‍රමය අපි පදින >125-250 කාණ්ඩයේ බොහෝ බයික් සදහා යෝග්‍යයි.

    සමස්තය වශයෙන් එහෙම උනාට මේක bike එක අනුව වෙනස් වෙනවා. big bore, ලොකු බයික්, එකේක බයික් model අනුව, condition එක අනුව, efi, carb අනුව මේවා වෙනස් වෙනවා.

    සමහර high compression bike වලට මේ ක්‍රමය හරි.ඉස්සෙල්ල compression stroke එක පටන්ගැන්ම කල් (resistance එක දැනෙන කල්) kick එක පහලට තල්ලු කරනව. ඊට පස්සේ එක කට්ටයක්/click එකක්/notch එකක් දැනෙනකන් තව ටිකක් හිමීට පහලට තද කරනවා. දැන් tdc එක පහු කරන් චුටි දුරක් ඇවිත්. ඒ කියන්නේ piston එක tdc එකේ ඉදන් cylinder එක ඇතුලේ පොඩ්ඩක් පහලට ඇවිත්. දැන් kick එක ආපහු උඩටම අරන් පල්ලෙහාට kick කරනවා.
    decompression lever එකක් සහිත ඒවාට compression stroke එකට ආපුවම lever එක ඔබන්න. මේකෙන් exhaust valves ඇරිලා pressure එක release වෙනවා. ඊට පස්සේ එක කට්ටයක්/click එකක්/notch එකක් දැනෙනකන් තව ටිකක් හිමීට පහලට තද කරන්න.ඊට පස්සේ tdc එක පහුකරාම lever එක අතහරින්න. දැන් kick එක ආපහු උඩටම අරන් පල්ලෙහාට kick කරන්න.
     
    • Like
    Reactions: c2r and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    👍👍
    තව කෑල්ලක් එකතුකරන්නං. උදේට මුලින්ම ස්ටාට් කරන්න කලින්, ක්ලච් එක අල්ලගෙන කික් එක ෆ්‍රී එකේ එක පාරක්, දෙපාරක් පහලට කරන්න.

    එතකොට ක්ලච් බයින්ඩ් එක අයින් වෙලා, ස්ටාට් කරාට පස්සෙ ගියර් එකට දානඑක පහසු වෙනව. බයික් එක ගියර් එකට දැම්ම ගමං ඉස්සරහට පනින්නෙ නෑ...
    මගෙ බයික් එකෙ කික් පැඩල් එකක් නෑනෙ
    මම mk
    3rd ගියර් එක තියෙනව නේද...
    හදිසියෙ කික් එක අඩියටම එනකොට එන්ජිම ටොප් ඩෙඩ් සෙන්ටර් එකට ඇවිල්ලා ප්ලග් එක පත්තු වෙලා මික්ෂර් එකත් පත්තු වෙලා එන්ජිම ආපස්සට කැරකුනොත් (මේක වෙන්න පුළුවන් කලාතුරකින් ) කික් එක ආයෙ උඩ ගහනවා. කම්ප්‍රෙෂන් වැඩි පවර්ෆුල් එන්ජිමක නම් කකුල කැඩෙන්න උනත් ඉඩ තියෙනවා. යූටියුබ් එකේ සර්ච් කරල බලන්න හොන්ඩා XL500 XR400 යමහා XT500 SR500 හාලි ඩේවිඩ්සන් කික් ස්ටාට් ෆේල් කියුඅලා. බලාගන්න පුළුවන් බරපතලකම
    ඔවු....
    කික් කරනකොට, කික් කරනවත් එක්කම කකුල ආපහු උඩට ගන්න පුරුදුවුනාම, ඔය කේස් එකෙන් කකුලට හානි වෙන එක අඩුකරගන්න පුලුවන්.

    වයසක අංකල්ල වගේ, කික් කරල බයික් එක ස්ටාට් වුනාටත් පස්සෙ කර කර ගාල සද්දෙ එනකලුත් කික් පැඩ්ල් එක පාගගෙන ඉන්න ජාතියෙ කෙනෙකුට බැක් ෆයර් වුනොත් කකුල නතරවෙන්නෙ කටේ තමයි...
     
    • Like
    Reactions: c2r and NRTG