1. ඉස්සෙල්ලා kick starter එක හිමීට පහලට තල්ලු කරන්න, engine එකත් එක්ක couple වෙන එක දැනෙනකම් (top dead center එකට එනකම්).
tdc එකට එනකම්. තවම ඇවිල්ලා නැහැ. එන ගමන් ඉන්නේ. එනම් compression stoke එකේ අතරමැදයි.
(මේ වරහන් ඇතුලේ tdc එකට එනකම් මැදක් දක්වා කියල එකතු වුනා නම් හරි).
කික් එක නිදහසේ බැහැල එන්ජිම එක්ක කපල් වෙනවා රැචර් මැකැනිසම් එකකින්. ඊට පස්සෙත් කික් එක නිදහසේ බහිනවා. එක තැනකදි පොඩි හිරයක් දැනෙනවා. ඒ කම්ප්‍රෙෂන් එකට එනකොට. අන්න එතනදි තමා කික් කරන්න ඕනේ.
inlet stroke එකේදී kick එක නිදහසේ බහිනවා. නමුත් ඊට පස්සේ එන compression stroke එකේදී කික් එක නිදහසේ බහින්නේ නැහැ. දැන් piston එක උඩට යන්නේ. උඩටම ගියාම එන්නේ tdc එක. මෙතනදී compression stroke එකේ තරම් හිරයක් දැනෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ power stroke එකේදී. මෙතනදී kick කරලා වැඩක් නැහැ.
නමුත් මෙතන ඔබේ අදහස මට පැහැදිලියි.
theoretically කියනවනම් four stroke engine එකක පලවෙනි stroke එකේදී එනම් inlet එකේදී piston එක අමාරුවක් නැතුව තොරව පහලට යනවා. මෙතනදී tdc එක තියෙන්නේ cylinder එක උඩම. මේ යන ගමන තමයි stroke එක.
ඊළගට එන්නේ compression stroke එක. දැන් bdc එක තියෙන්නේ පහලම. ඔන්න දැන් piston එක හිමීට උඩට එනවා. එතකොට compression එක පටන් ගන්නේ bdc එක පහුකරගෙන චුට්ටක් උඩට ආපුවම. දැන් අපි ඉන්නේ compression stroke එකේ ආරම්භක අවදියේ. ඊළගට මේක උඩටම ගිහින් tdc වෙනවා.
මේක අපිට කකුලෙන් kick කරනකොට දැනෙන්නේ මෙහෙමයි. kick starter එක ආයාසයකින් තොරව හිමීට පහලට තල්ලු කරද්දී එක තැනකදී resistance එකක් එන ගතියක් දැනෙනවා. මෙතනදී තවදුරටත් ආයාසයකින් තොරව පහලට තල්ලු කරන්න අමාරුයි. මේක තමයි compression stroke එකේ පටන් ගැන්ම. දැන් අපි තව චුට්ටක් kick එක පහලට තල්ලු කරලා එතැන ඉදන් kick කරනවා. ඒ කියන්නේ තව ටිකක් compression stroke එකේ ඉස්සරහට ගිහිල්ලා එහි අතරමැද ඉදන්. ඒ කියන්නේ compression stroke එකට එනකොට නෙවේ ආවට පස්සෙයි kick කරන්න ඕනේ. සමස්තයක් වශයෙන් මේක තමයි හොදම ක්‍රමය. ඉහත ක්‍රමය අපි පදින >125-250 කාණ්ඩයේ බොහෝ බයික් සදහා යෝග්‍යයි.
සමස්තය වශයෙන් එහෙම උනාට මේක bike එක අනුව වෙනස් වෙනවා. big bore, ලොකු බයික්, එකේක බයික් model අනුව, condition එක අනුව, efi, carb අනුව මේවා වෙනස් වෙනවා.
සමහර high compression bike වලට මේ ක්‍රමය හරි.ඉස්සෙල්ල compression stroke එක පටන්ගැන්ම කල් (resistance එක දැනෙන කල්) kick එක පහලට තල්ලු කරනව. ඊට පස්සේ එක කට්ටයක්/click එකක්/notch එකක් දැනෙනකන් තව ටිකක් හිමීට පහලට තද කරනවා. දැන් tdc එක පහු කරන් චුටි දුරක් ඇවිත්. ඒ කියන්නේ piston එක tdc එකේ ඉදන් cylinder එක ඇතුලේ පොඩ්ඩක් පහලට ඇවිත්. දැන් kick එක ආපහු උඩටම අරන් පල්ලෙහාට kick කරනවා.
decompression lever එකක් සහිත ඒවාට compression stroke එකට ආපුවම lever එක ඔබන්න. මේකෙන් exhaust valves ඇරිලා pressure එක release වෙනවා. ඊට පස්සේ එක කට්ටයක්/click එකක්/notch එකක් දැනෙනකන් තව ටිකක් හිමීට පහලට තද කරන්න.ඊට පස්සේ tdc එක පහුකරාම lever එක අතහරින්න. දැන් kick එක ආපහු උඩටම අරන් පල්ලෙහාට kick කරන්න.