බයික් රෙක්ටිෆයර් සහ බැටරි අවුලක් Please Help

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63

    මගේ බයික් එක ප්ලැටිනා 125 එකක්. එකේ එක සැරේට බැට්රි එක ගියා.
    ටෝල් ගාලා සද්දෙකුත් එක්ක. මම සෙල්ෆ්සාර්ට් ගහන්න හදනකොටමයි එහෙම වුනේ. දැන් බැට්රි එකෙන් වෝල්ට් 9 ක් වගේ එන්නේ සෙල්ෆ්ස්ටාර් වැඩ නැත.
    සිග්නල් ලයිට් ඩිම් වෙලා. හෝන් එක වදින්නේ නැත. කික් කරලා ස්ටාර්ට් කරාම හෝන් , ලයිට් වැඩ.

    අද ගියා බැටරියක් දාන්න. එතකොට මැගින්ටෝ කරන්ඩ් එක 15v එනවා බැට්රිය ගාවට. ගැරේජ් එකේ පොර කියනවා රෙක්ටිෆයර් එකත් බැට්රියත් එක්ක දාන්න ඔ්නලු. ඒක රු 3700 ක් විතර වෙනවා. මෙහෙම දෙයක් වෙන්න හේතුව දන්න කවුරු හරි ඉන්නවද. රෙක්ටිෆයර් දැම්මම 15 v මැගින්ටෝ එන එක හරි යාවිද. දන්න යාලුවෙක් මේ ගැන කියන්නකෝ හැමෝටම වැදගත් වෙයි මේ ගැන...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    maget battery eka ikmanta bahinawa kiyala රෙක්ටිෆයර් eka daanna kiwwa. maget 15v enawa check karama eet mama battry eka wiitharak damma. dan awruddak withara wenawa kisi awlak naa,

    mataka athuwa udeta mulinma bike eka start karana kota kick start karanna. eeka battryta hodai
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    maget battery eka ikmanta bahinawa kiyala රෙක්ටිෆයර් eka daanna kiwwa. maget 15v enawa check karama eet mama battry eka wiitharak damma. dan awruddak withara wenawa kisi awlak naa,

    mataka athuwa udeta mulinma bike eka start karana kota kick start karanna. eeka battryta hodai

    අනේ මන්දා මට මාර අවුල් රෙක්ටිෆයර් දාන්න කියලා බජාජ් සර්විස් ඩීලර් කියන්නේ....
    අපේ ගමේ බයික් හදන එකා කියනවා අවුලක් නැතිලි වෝල්ට් 15.
    මම අවුරුද්දකටවත් සැරයක් කික් කලා මතක නෑ... ඒකත් අවුලට හිටින්න ඇති.
    තෑන්ක් මචෝ රිප්ලයි එකට...
    ගූගල් එකේ තියෙන් මේකත් පොඩ්ඩක් බලන්නකෝ...

    https://www.google.lk/?gfe_rd=cr&ei...gws_rd=ssl#q=12+volt+battery+charging+voltage
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    රෙක්ටිෆයර් එක ගියාම වෝල්ටේජ් එක නියත අගයක තියාගන්න බෑ. එන්ජින් එක රේස් කරනකොට වෝල්ටේජ් එක තව වැඩි වෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම රෙක්ටිෆයර් එක දාන්න. එහෙම නැති උනාම බයික් එක යනකොට බැටරි අග්‍රදෙකේ වෝල්ටේජ් එක වැඩි නිසා බැටරිය සම්බන්ධ අනිත් සෑම කොටසකටම වැඩි වෝල්ටේජ් එකක් යනවා. සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් නැති නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඕක දැම්මේ නෑ කියලා. ඒත් දාගන්න එක හොදයි.

    රෙක්ටිෆයර් එක යන්නේ ඉතින් ඒක හදන්න පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය, සංයෝග දුර්වල වීම නිසා. අපිට ඉතින් මොකා ඔරිගිනල් කිව්වත් කාල බලල ගන්න යෑ. ඒක ඉතින් වෙලාව තමයි.
     
    Thanks Boss

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්... මම හෙට රෙක්ටිෆයර් එක දානවා...
    බයික් වල ඉලෙක්ට්‍රික් පැත්ත ගැන එළකිරියෙ ත්‍රෙඩ් ටිකක් ගියානම් ලොකු හයියක් හැමෝටම... මැකෑනිකල් පැත්ත නම් සුපිරියට ත්‍රෙඩ් තියනවා.. ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන අඩුයි....

    ටෝල් ගාලා සද්දයක් ආපු එක ගැන අදහසක් තියෙද මචෝ ..
    පුපුරපු කෑල්ලක් නම් හොයාගන්න බැරි වුණා...
    ෆියුස් එකක් තියෙන්නේ මොකටද ඒක මගදි ගියොත් හදිසියෙ කික් කරලාවත් ස්ටාර්ට් කරගන්න බැරිද මචෝ...

    ෆියුස් එකක් තියෙන්නේ අදාල පරිපථය හරහා ගලන ධාරාව හදිසියේවත් වැඩිඋනොත්, අන්න ඒ වෙලාවට පරිපථයේ ආරක්ශාවට (අධික ධාරාවක් ගලා යෑම වැලැක්වීමට). බැටරියේ ධන අග්‍රය චැසියට කෙලින්ම සම්බන්ධ උනොත් බැටරිය හරහා අධික ධාරාවක් ගලා යනවා. ඒක නිසා ලෙඩ් ඇසිඩ් බැටරියේ ඇසිඩ් මිශ්‍රනය රත් වෙලා නටන්න පටන් ගන්නවා. ඉතින් ඇතුලත පීඩනය වැඩි වෙලා බැටරියේ උඩකොටස් ගලවාගෙන ඇසිඩ් විසිවෙන්න පුලුවන්. බැටරි පුපුරනවා කියන්නේ ඒක. එහෙම නැත්නම් අධික ධාරාව නිසා වාහන ගිනි ගන්න උනත් පුලුවන්. අන්න ඒවගෙ අනතුරු වලක්වන්න තමයි ෆියුස් තියෙන්නේ.

    ෆියුස් ගියත් සමහර බයික් ස්ටාර්ට් කරන්න පුලුවන්. මැගින්ටෝ එක කෙලින්ම ප්ලග් වලට සම්බන්ධනම් පුලුවන්. බැටරියේ ධන අග්‍රය පන්නලා කික් කරල බලන්න.

    හුගක් අය පුරුදු වෙලා ඉන්නවා ෆියුස් ගියාම වයර් කෑලි දාන්න. ඊට කලින් පොඩ්ඩක් චෙක් කරලා හිටියොත් තමයි හොද.

    අර සද්දේ එන්න ඇත්තේ රෙක්ටිෆයර් එක ඇතුලෙන් පුපුරලා වෙන්න ඕන.
     
    ෆට්ටයි... තෑන්ක්ස්... බයික් බදින හැමෝටම මේක ප්‍රයෝජනවත් උත්තරයක් වෙයි...
    තරහ වෙන්න එපා සහෝ අන්තිමට ප්‍රශ්නයක් අහන්නම් මේකට අවසන් ලෙස උත්තරයක් දෙන්න.. බයික් එකේ ටැංකිය යටින් සවිකරලා තියෙන අමුතු රවුම් කෑල්ලයි... ඔකකොම වයර් වයර් අමුණලා සීට් එක යට තියෙන බොක්ස් එකයි මොකක්ද ? ඒවාගේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් කිව්වොත් ගොඩාක් වටිනවා...

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    ෆට්ටයි... තෑන්ක්ස්... බයික් බදින හැමෝටම මේක ප්‍රයෝජනවත් උත්තරයක් වෙයි...
    තරහ වෙන්න එපා සහෝ අන්තිමට ප්‍රශ්නයක් අහන්නම් මේකට අවසන් ලෙස උත්තරයක් දෙන්න.. බයික් එකේ ටැංකිය යටින් සවිකරලා තියෙන අමුතු රවුම් කෑල්ලයි... ඔකකොම වයර් වයර් අමුණලා සීට් එක යට තියෙන බොක්ස් එකයි මොකක්ද ? ඒවාගේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් කිව්වොත් ගොඩාක් වටිනවා...

    සීට් එක යට තියෙන්නේ කනෙක්ටර් බොක්ස් එකක්. ෆියුස්, රිලේ වලින් එන වයර් කෙලින්ම හෙඩ් ලයිට්, සිග්නල් ලයිට් වගේ ඒවට කනෙක්ට් කරන්නේ නැතුව මැදින් දානව පොඩි කනෙක්ටර් එකක්. එතකොට එකින් එක ගලවන්න පුලුවන් වයර් කපන්නේ නැතුව.

    අමුතු රවුම් කෑල්ල ගැනනම් අදහසක් නෑ. ඕක හයි වෙලා තියෙන්නේ තෙල් ටැන්කියටද?එන්ජින් එක උඩද? තෙල් ටැන්කියෙන් පහලට ටැප් එකත් එක්කම තියෙන්නේ ෆිල්ටර් එක. එන්ජින් එකේ උඩ හරියෙන් පැත්තට වෙන්න තියෙන්නේ ටයිමින් චේන් හෙඩ් එක. ලග පාත බයික් එකක්වත් නෑ බලන්න.:baffled:
     
    • Like
    Reactions: thilan_perera

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    සීට් එක යට තියෙන්නේ කනෙක්ටර් බොක්ස් එකක්. ෆියුස්, රිලේ වලින් එන වයර් කෙලින්ම හෙඩ් ලයිට්, සිග්නල් ලයිට් වගේ ඒවට කනෙක්ට් කරන්නේ නැතුව මැදින් දානව පොඩි කනෙක්ටර් එකක්. එතකොට එකින් එක ගලවන්න පුලුවන් වයර් කපන්නේ නැතුව.

    අමුතු රවුම් කෑල්ල ගැනනම් අදහසක් නෑ. ඕක හයි වෙලා තියෙන්නේ තෙල් ටැන්කියටද?එන්ජින් එක උඩද? තෙල් ටැන්කියෙන් පහලට ටැප් එකත් එක්කම තියෙන්නේ ෆිල්ටර් එක. එන්ජින් එකේ උඩ හරියෙන් පැත්තට වෙන්න තියෙන්නේ ටයිමින් චේන් හෙඩ් එක. ලග පාත බයික් එකක්වත් නෑ බලන්න.:baffled:

    1.jpg

    Tank 1 yata thiyenne meke thiyena red colour part 1 wage 1k....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සීට් එක යට තියෙන්නේ කනෙක්ටර් බොක්ස් එකක්. ෆියුස්, රිලේ වලින් එන වයර් කෙලින්ම හෙඩ් ලයිට්, සිග්නල් ලයිට් වගේ ඒවට කනෙක්ට් කරන්නේ නැතුව මැදින් දානව පොඩි කනෙක්ටර් එකක්. එතකොට එකින් එක ගලවන්න පුලුවන් වයර් කපන්නේ නැතුව.

    අමුතු රවුම් කෑල්ල ගැනනම් අදහසක් නෑ. ඕක හයි වෙලා තියෙන්නේ තෙල් ටැන්කියටද?එන්ජින් එක උඩද? තෙල් ටැන්කියෙන් පහලට ටැප් එකත් එක්කම තියෙන්නේ ෆිල්ටර් එක. එන්ජින් එකේ උඩ හරියෙන් පැත්තට වෙන්න තියෙන්නේ ටයිමින් චේන් හෙඩ් එක. ලග පාත බයික් එකක්වත් නෑ බලන්න.:baffled:

    ටැංකිය යට තියෙන් ඔය කෑල්ල තමා ignition coil එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෝටරේ ගහනකොටමනම් ටෝල් ගාලා සද්දෙ ආවෙ ඒක හුඟක් වෙලාවට සොලෙනොයිඩ් එකේ හෝ මෝටරේ වෙන්න පුලුවන්. එහෙම නැත්නම් බැට්‍රියෙ වෙන්න ඕන. කන්ටෑක් මදි තැනකින් ස්පාක් එකක් එහෙම ආවද දන්නෙත් නැහැ. සාමාන්‍යෙන් බැටරියට 14.7V වගේ වෙනකම් වෝල්ටේජ් එකක් එනවා. 15 ත් ගොඩක්ම වැඩි නැහැ. රෙක්ටිෆයර් එක ගියානම් එක්කො බැට්‍රිය චාජ් වෙන්නෙ නැතිවෙයි. නැත්නම් ඕවර්චාජ් වෙයි. ප්ලැටිනා එක මැග්නෙටෝ නිසා බැට්‍රිය අවුල් යනවානම් බැට්‍රිය ගලවලා දුවන්න. ලයිට් එලිය එහෙම අඩු කතාව නිසා මට හිතෙනවා බැට්‍රියෙ සෙල් එකක්වත් සවුත්තු වෙලාද කියලත්
     
    Last edited: