මෙතන වැරදි කරුණ වගයක් තියෙනව
දුරදිග විහිදුම් බලකායෙ (Long Range Reconnaissance Patrol) ඉන්නෙ 100% SF අය යම් කෙනෙකුට දුරදිග විහිදුම් බලකායට එන්න ඕන නම් මුලින්ම SF එකට තේරෙන්න ඕන (අමාරු වැඩක්) ඊට පස්සෙ SF ලගෙන් වෙනම දරුණු ගණයේ selection course එකක් කරල තමයි විහිදුම් බලකායට ගන්නෙ....
ltte එකෙන් ඉවත් උන කොටි වගේම anti ltte කණ්ඩායම් වල කට්ටිය වැඩිපුරම සම්බන්ධකම් පවත්වන්නෙ බුද්ධි අංශ එක්ක, නමුත් වාකරේ ඔපරේෂන් එකේදි SF ලට තොරතුරු දීමෙදී මේ අය ලොකු දෙයක් කරා....
තොප්පිගල ඔපරේෂන් එකේදි කමාන්ඩෝස්ල LRRP වලට ටිකක් සමාන මෙහෙයුමක් තමයි කරේ නමුත්. LRRP ප්‍රධාන දේ තමයි ඉදිරි ආරක්ෂක වලල්ලෙන් කිලෝමිටර් 50 වගේ ප්‍රමාණ පවා ඇතුලට ගිහින් කොටින්ගෙ හයි රූන්ක්ස්ල මරල දාන එක, ඊට අමතරව එම කොටි ප්‍රෙද්ශ වල තොරතුරු ලබාගැනීම. ප්රභාකරන් වුනත් බය වෙලා හිටියෙ ඕකට. එයාගෙ ගමන් බිමන් පවා මේ නිසා අඩු කරන්න වුනා.





