මේ තියෙන්නෙ බයියො පූටින් දැක්කම වෙව්ලලා සුරතාන්තයට පත් වෙන හේතුව..
මේ වෙලාවේ මුළු ලෝකය පුරා ම රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරුද්ධව ප්‍රබල මතයක් ගොඩනැගිලා තියෙනවා. ලෝකයේ හැම ප්‍රධාන නගරයකම වගේ පුටින්ට විරුද්ධව විරෝධතා සංවිධානය වෙනවා. රුසියාවට එරෙහිව පියවර ගන්නැයි කියලා මුළු ලෝකය පුරා ම මිනිසුන් එක එක විදියට තමන්ගේ ආණ්ඩුවලට බලකරනවා.
ඒත් ලංකාවේ මීට වඩා වෙනස් දෙයක් මම දකිනවා.
ලංකාවේ ඉන්න රුසියානු යුද විශේෂඥයන් ගේ ප්‍රමාණය දවසින් දවස ඉහළ යනවා. රුසියාවටත් වඩා රුසියානු යුධ විශ්ලේෂකයන් ලංකාවේ ඉන්නවාද කියලා වෙලාවකට හිතෙනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන, නේටෝව ගැන, සෙලෙන්ස්කි ගේ මෝඩකම් ගැන, රුසියාවේ ඉතිහාසය ගැන, සෝවියට් දේශය බිඳ වැටීම් ගැන විවිධාකාරයේ පැහැදිලි කිරීම්, මතවාද, විචාරයන් ලංකාවේ ඉන්න රුසියානු විශේෂඥයන් දිනපතා අපට එක එක පැත්තට කරකවමින් ඉදිරිපත් කරනවා. දවසට පැය පහක් හයක් ලයිට් නැතුව කරුවලේ ඉන්න අපට ඒ හැම පැහැදිලි කිරීමක් ම හුගක් වටිනවා.
ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නය ලෝකය පුරාම ශිෂ්ටත්වය ගරු කරන මිනිසුන් පුටින්ගේ ආක්‍රමණයට විරුද්ධ වෙනකොට ලංකාවේ විතරක් පුටින්ට පක්ෂපාතී රැල්ලක් හැදෙන්නේ කොහොමද කියලයි. ඒක ටිකක් ගැඹුරට විමසා බලන්න ඕන දෙයක්.
සාමාන්‍ය විචාර බුද්ධියට අනුව බැලුවොත් නම් ඉන්දියාව වගේ විශාල, බලවත් රාජ්‍යයක් ලඟින් පිහිටලා තියෙන ලංකාව වගේ කුඩා දූපතක ජීවත්වන මිනිසුන් පුටින් ගේ ආක්‍රමණය නිසා කම්පනයට පත්වෙන්න ඕනෙ. ඒ කියන්නේ, පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කරන්න ඉදිරිපත් කරන සමහර හේතු ම භාවිතා කරලා අවශ්‍ය නම් ඉන්දියාවටත් ලංකාව ආක්‍රමණය කරන්න පුළුවන් නේද කියලා හිතෙන්න ඕනෙ. මේ තර්කය අනුව බැලුවොත් ඊළඟ වතාවේ චීන සබ්මැරීන් ලංකාවට ආපු ගමන් ඉන්දියාවටත් ලංකාව අල්ලන්න හමුදාවක් එවන්න පුළුවන් නේද කියලා හිතෙන්න ඕනෙ. මේ අනුව පුටින් ගේ ක්‍රියාකලාපය නිසා කවදාහරි තමන්ටත් වෙන්න පුළුවන් අනතුරක් ගැන හිතලා ලංකාවේ මිනිසුන් මේ වෙලාවේ යුක්රේනයේ ජීවත් වන මිනිසුන් ගේ දුක ගැන සංවේදී වෙයි කියලා සාමාන්‍යයෙන් අනුමාන කරන්න පුළුවන්.
ඒ වගේ ම, ලංකාවේ ජීවත් වෙන මිනිස්සු පොඩි කාලේ ඉඳන් ම උස් මහත් වෙන්නෙම විදේශ කුමන්ත්‍රණ ගැන, විදේශ ආක්‍රමණ ගැන conspiracy theories එක්කයි. ලෝකයේ හුඟක් බලවත් රටවල් ලංකාව අල්ලගන්න දවල් රෑ නැතුව කුමන්ත්‍රණය කරනවා කියලා ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. ලංකාවේ ඈත පිටිසර ගම්වල ඉන්න ගැමියන්ට පවා මේ 'කුමන්ත්‍රණ බය' තියෙනවා. එතකොට ඇත්තට ම ලෝකයේ වෙනත් රටක මිනිසුන් මේ විදියට විදේශ ආක්‍රමණයකට මුහුණ දෙනකොට ලංකාවේ මිනිස්සුන්ටත් යම් බයක් දැනෙන එක ස්වාභාවිකයි නේද? යුක්‍රේනයේ මිනිස්සු අද තමන් ගේ රස්සා අතඇරලා දාලා තුවක්කු අතට අරන් ඒ රටේ නගර ආරක්ෂා කරන්න පාරට බහිනකොට, ගැහැනුන් සහ ළමයින් ඇඳිවත විතරක් එක්ක උමං මාර්ග ඇතුළේ රාත්‍රිය පහන් කරන වීඩියෝ දකිනකොට තමන් ගේ 'විදේශ ආක්‍රමණ බය' සාධාරණ බවත්, අද යුක්‍රේනයට වුණ දේ හෙට ලංකාවට වෙන්න පුළුවන් බවත් හිතෙන එක ස්වාභාවිකයි නේද?
ඒත් ලංකාවේ මේ මොහොතේ දකින්න ලැබෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි. මේ හැම හැඟීමක් ම යටපත් වෙලා මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට පුටින් ගැන කිසියම් 'අනුරාගයක්' වගේ එකක් දැනෙන බව පෙනෙන්න තියෙනවා.
එහෙම වෙන්නේ කොහොමද?
මම හිතන විදිහට ලංකාවේ සැලකිය යුතු පිරිසක් පුටින්ට පක්ෂපාතී වෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය හින්දවත්, නේටෝව හින්දවත්, රුසියාවේ ඉතිහාසය හින්දවත් නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ට පුටින් දිහා බැලුවම Daddy කෙනෙක් පෙනෙනවා.
ලංකාව කියලා කියන්නේ බරපතල Daddy issues වලින් පෙළෙන මිනිසුන් ඉන්න රටක්.
ලංකාවේ මිනිසුන් කැමති ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට සම්පන්න, සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න කැමති, ශීලාචාර දේශපාලන නායකයන්ට නෙවෙයි. ලංකාවේ මිනිසුන් කැමති තමන් ගේ අත්දෙක එකට තියලා ගැටගහලා, ඇස් දෙක රෙදි පටියකින් බැඳලා, කණට කරලා කුණුහරුප කියමින් පස්ස පැත්තට වේවැල් පහර දෙන 'ඩැඩී' ලාට.
1815 විතර ඉඳල ලංකාවේ මිනිසුන් ඩැඩී කෙනෙකු අහිමි වීමේ ශෝකයෙන් පීඩා විඳිනවා. කාලයත් සමග යටපත් වුණු මේ ශෝකය නැවත ඉස්මතු වෙන්න පටන් ගත්තේ අවුරුදු 30ක විතර යුද්ධයක රට පටලැවුණාට පස්සේ. කොටින්ට ගහලා විනාශ කරලා, රටට වින කරන සතුරන් බිමට සමතලා කරලා දාන යකාටවත් බය නැති වීර 'ඩැඩී කෙනෙක්' ලංකාවට අවශ්‍ය වුණා. 2015ට කලින් මහින්ද රාජපක්ෂ නිරූපණය කරපු භූමිකාව ඒකයි. ඒත් ඒකට අමතරව හොරකම, වංචාව, තක්කඩිකම, අසීමාන්තික ඥාති සංග්‍රහය, පවුල්වාදය වගේ හුඟක් දේවල් නිසා ලංකාවේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂ එපා වුණා. හැබැයි ඒ එපා වුණේ ඩැඩී චරිතය රඟපාපු 'මහින්ද රාජපක්ෂ' මිස 'ඩැඩී' කෙනෙකුගේ අවශ්‍යතාව නෙවෙයි.
මහින්ද රාජපක්ෂටත් වඩා වෙනස් මොඩල් එකක 'ඩැඩී' කෙනෙක් 2019 නොවැම්බර්වල තමන්ට හම්බ වුණා කියලා ලංකාවේ මිනිසුන් හිතුවා. ඔවුන්ට ඕනැ වුණේ සැරට ඉන්න, නීතියට තිතට වැඩ කරන, හමුදාවේ වගේ විනය හදන, කාටවත් ඕනැවට වඩා නටන්න ඉඩදෙන්නේ නැති ඩැඩී කෙනෙක්. ඒත් ඒ 'ඩැඩී' හොයන ප්‍රොජෙක්ට් එකත් මේ වෙද්දී බරපතළ විදියට අසාර්ථක වෙලා තියෙනවා. තමන් ඩැඩී චරිතය රඟපාන්න තෝරගත්ත පුද්ගලයාට ඒ වැඩේ කරන්න බැරි බව මේ වෙද්දී ලංකාවේ මිනිසුන්ට තේරිලා තියෙනවා. හැබැයි තාමත් ඔවුන්ට තේරෙන්නේ පුද්ගලයා ගේ ප්‍රශ්නය විතරයි - ඔවුන්ට තියෙන ප්‍රශ්නය තමන් තෝරාගත් පුද්ගලයාට ඩැඩී ගේ චරිතය රඟපාන්නට බැරි එක පමණයි.
තාමත් ලංකාවේ මිනිසුන් හොඳ ඩැඩී කෙනෙක් ඉන්නවා නම් ආසයි. හොඳ ඩැඩී කෙනෙකු ලව්වා අත පය ගැටගහගෙන පස්ස රත්වෙන්න වේවැල් පාරක් කන්න ආසයි.
පුටින් දකිනකොට ලංකාවේ මිනිසුන්ට අමුතු අනුරාගයක් දැනෙන්නේ ඩැඩී කෙනෙකුගෙන් වේවැල් පාරක් කන්න තියෙන මේ ආසාව ඉස්මතු වෙන නිසා මිස ඇමෙරිකානු අධිරාජ්‍යවාදය නිසාවත්, නේටෝ නිසාවත්, යුක්‍රේනයේ බටහිර ගැතිකම නිසාවත් නෙවෙයි.
මේ ඩැඩී අනුරාගය නිසා ලංකාවේ මිනිසුන්ට බලවත් රටක් තමන්ට වඩා දුර්වල ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් ආක්‍රමණය කිරීමේ අවුල තේරෙන්නේ නැහැ. ඒ වගේ ම ආර්ථික වශයෙන් නන්නත්තාර වෙලා ඉන්න, තෙල් ටික ගහගන්න පෝලිමේ ඉන්න, දවසේ පැය හය හතක් විදුලි බලය පවා නැතුව ඉන්න දූපත් වාසීන් ටිකකට ඒක තේරුණා කියලා ඒකෙන් ලෝකයට ලොකු බලපෑමක් වෙන්නෙත් නැහැ.
ඒ නිසා මේ වෙලාවේ ලංකාවේ ඉඳන් අපට කරන්න පුළුවන් ඒ අනුරාගයේ ලස්සන සහ ඒක එළියට ප්‍රකාශ වෙන විවිධ ස්වරූපයන් බල බල ඉන්න එක විතරයි.
-
රසික ජයකොඩි
27 - 02 - 2022
#lka #SriLanka #life
පට්ට කතාව.. මේක ලියපු කෙනාගෙ වපසරියට අදාල කරගත්තොත් සහතික ඇත්ත.. ඒත් මට හිතෙන්නෙ (මගේ අදහස) වර්තමාන යුක්‍රේන රුසියා අර්බුධය ඊටත් ටිකක් එහාට හිතන්න ඕනි කියලයි..
පැහැදිලි කරොත්, වර්තමාන ලෝක බල අර්බුධයයි, වසංගත තත්ත්වයයි එක්ක යුධ වියදම් වැඩි වෙනව කියන්නෙ රටක ආර්ථිකයට මරු පහරක්.. එතකොට පූටින් සහ ඔවුන්ගෙ විශේෂඥයො මෝඩයො නෙවෙයි මේ තත්ත්වෙ දුර තියා නොදකින්න තරම්.. ඒත් ඇයි රුසියාව මෙතනට වැටුනෙ?
සෝවියට් සමූහාන්ඩුව තමයි මම දකින විදියට ඒ කාලෙ ඇමරිකාවට තිබුණු ලොකුම තර්ජනය... ඒ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙද්දි ලෝක බලවත්තු දැක්කා මේ බිඳ වැටීම සදාකාලික නෑ.. කවද හරි ආයිමත් මුන් මතුවෙන්න පුළුවන් ය කියන එක.. ඉතිං මොකද කරේ.. ඇමරිකාව වගේ බලවත්තුන්ගෙ යටි අරමුණු තියෙන සංවිධානයක් පිහිටුවා ගත්තා නේටෝ කියලා.. මම දකින නේටෝවෙ නියම අරමුණ උනේ රුසියාව ඇතුළු නාහෙට අහන්නැති රටවල් under control තියාගැනීම (කියවල බලන්න නේටෝ සංවිධානය පිහිටුවීමේ මුල් අරමුණ මොකක්ද කියලා..) හැබැයි සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුනයින් පස්සෙ තනියම නැගිට්ටා රුසියාව.. කාලෙන් කාලෙට රුසියාවට සම්බාධකත් වැටුනා මේ තනියෙම යන ගමන නිසා.. හැබැයි රුසියාව නතර උනේ නෑ.. දියුණු උනා.. මේ අතරෙ රටවල් 12කින් පටන් ගත්තු නේටෝ සංවිධානය ටිකෙන් ටික රුසියාව කොටු කරන්න වටේ තියෙන රටවල් ඈඳ ගත්තා.. මෙහෙම උණොත් රුසියාවට මොකද වෙන්නෙ? තමුන්ගෙ නිෂ්පාදන යුරෝපයට අරන් යන්න හා ආනයන භාණ්ඩ අරන් එන්න ඒ ඒ අවට රටවල් වල ගුවන් කළාප, ගොඩබිම් මාර්ග හෝ මුහුදු මාර්ග භාවිතා කරන්න වෙනවා.. ඒත් ඒ රටවල් නේටෝව එක්ක එකතු වෙලා කිවුවොත් උඹල අපේ රට උඩින් / හරහා යන්න එනව නම් අපි කියන විදියට හිටපං ය කියල රුසියාව කොර වෙනවා.. (උදාහරණයක් විදියට රුසියාවට කිවුවොත් එයාලගෙ න්‍යෂ්ඨික අත්හදා බැලීම් නවත්තන්න ය කියලා රුසියාවට ඒ දේ අහන තැනකට එන්න වෙනවා).. හිතන්න, ඔයාගෙ ගෙදර තියෙන්නෙ පාරකට යාබදව නෙවෙයි නම්, ඔයාගෙ ගෙදරට විදුලිය, වතුර වගේ සැපයුම් ගන්න වෙන්නෙ වෙන උන්ගෙ ඉඩම් හරහා.. එහෙම උණොත් ඔයාට ඒ ඉඩම් අයිතිකාරයොත් එක්ක ෂේප් එකේ ඉන්න වෙනවා.. එහෙම නැත්නම් ඒ අසල්වැසියන්ට කටට තුවක්කුවක් වත් තියල බය කරන්න වෙනවා..
ඒ වගේම රුසියානු බෝඩරේ වටේම තියෙන රටවල් නේටෝවට එකතු උණොත් සහ, ඒ හැම රටකටම ගුවන් ආරක්‍ෂණ පද්ධති වගේ දේවල් හයි කරොත්, රුසියාව ප්‍රාණ ඇපේකට අහු වෙනවා.. වක්‍රාකාරයෙන් රුසියාවෙ ස්වාධීනත්වය නැති වෙනවා..
ඇමරිකාව මට හිතෙන විදියට ලෝක බලවතා කියන title එකෙන් විසි වෙලා ඉවරයි.. ඒත් ඇමරිකාවට ඕනි නැවත ඒ තැනට එන්න.. ඒකට තියෙන බාධාවල් දෙක තමයි රුසියාව සහ චීනය.. ඒකයි ඒ රටවල් එක්ක සැරින් සැරේට වලි දාගන්නෙ... බටහිර ප්‍රොපගැන්ඩා වල මීඩියා වලින් ඒ රටවල් දෙක ගැන අපේ හිත් වලත් නපුරක් මවල තියෙන්නෙ.. (ඇනෝනිමස් කියන හැකර් කණ්ඩායමත් මට පේන්නෙ ඇමරිකානු ප්ලාන්ට් එකක්.. සිරියාවට, බැග්ඩෑඩයට ඇමරිකාව විසින් ගහද්දි කටයි පුපයි වහගෙන හිටපු උන් ඇයි හිටි ගමන් ට්‍රිගර් වෙලා තියෙන්නෙ?)
ඉතින් පූටින්ට උණත් තමුන්ගෙ කකුල් දෙක පාමුල තණකොළ වැවෙනකම් බලන් ඉන්න බෑ නේද? ඒකයි බැරිම තැන යුක්‍රේන සීන් එකත් එක්ක ගේම ඉල්ලන්න ඇත්තෙ.. strategically ගත්තොත් පූටින් වැරදි නෑ (මම හිතන්නෙ).. හැබැයි සදාචාරාත්මකව පූටින් වැරදියි.. කොහොමින් හරි මැරෙන්නෙ මිනිස්සු.. මේ ලෝකෙ සේරම රටවල් වෙනත් කිසි රටකට / සංවිධානයකට ගැති නොවී සර්ව ස්වාධීනව කටයුතු කරන කාලයක උනා නම් පූටින් අමුම අමු වැරදියි..
කොහොම උණත්, පූටින් න්‍යෂ්ඨික අවි ගැන කරේ bluff එකක් කියල නම් මම හිතන්නෙ නෑ.. ඇමරිකාව උණත් ඒක දන්නවා... හිතන්න @shenat ඔයා මට ගහනව කිවුවොතින් සහ @scurvy මට ගහනව කිවුවොත් මම බය වෙන්නෙ @scurvy ය ගැන.. මොකද ඕකා පිස්සා.. ඒක නිසා ඌ මට ගහන්න තියෙන අවධානම වැඩියි.. ඒ වගේ තමයි.. පුටින් කියන්නෙත් නාහෙට අහන්නැති ඩෑල් එකක්...
(ටයිප් කරන එක මහ අමාරු සීන් එකක්.. කතා කරන තරම් සාර්ථකව අදහස් ටයිප් කරල දාන්න අමාරුයි.. කියන්න තව කාරණා ගොඩයි.. පස්සෙ බලමු.. කොහොම උණත් මගේ අදහස වැරදි වෙන්නත් පුළුවන්.. කවුරු හරි මට ඒත්තු ගැන්නුවොත් මම වැරදියි කියල, මම ඒ දේ නොපිලිගන්න තරම් උද්දච්ඡ එකෙකුත් නෙවෙයි)
අනේ තව දෙයක්.. මම බයියෙක් නෙවෙයි..