බයියාස් Daddy issues 🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    මේ කතාවේ නම් ඇත්තක් තියෙනවා ඇති කියලත් හිතෙනවා.
    ඕක යම්කිසි ආකාරයක කාමුක කේස් එකක් කියල හිතන්න පුළුවන්. සමහරවිට උන්ම දන්නේ නැතුව ඇති එහෙම එකක් කියල. එහෙමත් නැත්නම් උන් යටි හිතෙන reject කරනවා වෙන්න පුළුවන් ඕක කාමයක් කියල පිලිගන්නේ නැතුව. ඔය කේස් එක මටත් හිතුන ඒ දවස් වල යන කතාබහ දැක්කම. බොහොමයක් එවුන් ජනාධිපති කෙනෙක්ට තියෙන්න ඕන උගත්කම, අත්දැකීම්, බුද්ධිමත්කම වගේ ඒවා ගැන නෙවෙයි කතා කරේ. ඇඟේ පතේ හැඩය, වේදිකාවට නගිද්දී තියෙන ගැම්ම, ඇඟේ පතේ ලප නැති කම වගේ ඒවා. අර දකුණු පැත්තෙන් ඉල්ලලා දිනපු රාජපක්ස පවුලේ එකාටත් ගොඩක් එවුන් ඌ ගැන කිසිම දෙයක් නොදැනත් චන්දෙ දීල තියෙන්නෙ ඌගෙ පෙනුම කඩවසම් කියලලු.

    හරියටම හරි. නොදියුණු සත්ව කොට්ඨාශයක් ඔය බයියො. ඇඟෙන් මිනිස් පෙනුම තිබුණට සත්ව හැසිරීම් තියෙන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,750
    113
    34
    Kalutara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    Tagging war begins....

    You tag ero
    ero tags @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda
    ඇත්තටම ඒක මාර වටින සර්ව්ස් එකක් මචන්. වැඩ අස්සෙ මිස් වෙන ඔක්කොම එරෝසන් ටැග් කරල තියෙනව. බලාගෙන යන්න තියෙන්නෙ.
     
    • Love
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @erozan @N A K A M U R A @weer 11 තොපි තාම නෑ. මෙහෙ වරෙවු.
    විව්ස්, ලයික්ස් බලාගෙන මේව දාන්නෙ තිරිසනෝ. 😑
    JVP පොන්න රචනා..🤣🤣🤣මේවටත් රචනා ලියපංකො ඕෂි පොන්නයෝ..🤭🤭🤭

    quR1gdL.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,441
    113
    කතාබහ කරල ප්‍රශ්න විසඳගත්තම ඩ්‍රැමටික් මදි නේ සිංහලුන්ට :lol:
     
    • Haha
    Reactions: zid2021 and shenat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    රුසියාවෙ දෙයක් කිවුවාමා කටින් පුටින් ගාන්වා.
    යුක්‍රේනේ දෙයක් කිවුවමා මිග් හොරා කියනවා.
    මම ඔය කොයි පැත්තෙවත් නැනේ,අනේ මටබෑ...
    කවුරුන් විසින් කාහට කියන ලදීද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,435
    113
    බයියා යනු කොන්පියුස් උන සත්තු ටිකක්.

    උන් ජාතිකවාදීන් ලෙස පිලිගන්නෙ, තමන්ගෙ දරුවන්ව බෞතීස්ම කරන්න දුන්න එකකුට.
    උන් යුධ වීරයින්ගෙ පොත් වෙනුවට කියවන්නෙ, යුද්දෙ යනකොට රට දාලා රට ගිහින් හැංගුන උන්ගෙ පොත්.
    උන් රට හදන්න මොළ 7ක් තියෙනවා කියලා පිලිගන්නෙ, සාමාන්‍යපෙල වත් නැති එකෙකුව.
    උන් ඇත්ත කියනවයි කියලා විශ්වාස කරන්නෙ, උප්පැන්න පාස්පොර්ට් දෙක ගානේ තියන් ඉන්න එකෙකුගෙ කතා.

    යුක්‍රේන රුසියාව පැත්තට හැරුනොත්,

    උන් අමෙරිකන් විරෝධී රුසියාවට බලෙන්ම පුක දෙන්න යන්නෙ, අමෙරිකන් පුරවැසියෙකුට කඩේ යන ගමන්.

    සෝ බයියා කියන සතා කරන කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෙ නෑ.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යුද්ධය කියන්නේ පිරිමි කරන දෙයක් බං.. ඒක පොන්නයොන්ට මීටර් වෙන්නේ නෑ. උන්ට පේන්නෙ අනෙ මෙන්න මිනිස්සු මැරෙනවා, අනේ පව් ගගා පුක දෙනවා. ඉන් එහ මොකක්ද මෙතන වෙන්නේ කියන දේ වැඩක් නෑ උන්ට. ඒක ගෑණුන්ගේ හැටියක්.. දෙයක්... සමණලයො එක්ක ඕක ගැන වාද කරල තේරුමක් නෑ ..මූට කරන්න තියෙන්නේ තමන් දන්න විදියට තව පොතක් ගහන එක මොකක් හරි සිගිති ප්ලොට්1ක් හොයාගෙන.. කිසිම දේක අගක් මුලක් නොදැන කොහෙන් හරි ටික ඇහිදගෙන ටෝකක් දුන්නම එෆ්බී එකේ ඉන්න ලාමකයෝ ටික හුරේ දානවා..

    @shenat kiyanne ela kollek.. me hukanna article liyanne fb1 kello auntyla allaganna, sigithi vote tika target karanna... so mewa terumak nati katha..
    ------ Post added on Feb 28, 2022 at 6:09 PM
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,010
    113
    මම කොමෙන්ට් එකක් දැම්ම කොහෙවත් යන යුද්ධෙකට ඩැඩී ඉශුස් පටලවන්න මතක් උනේ උබටත් ඩැඩී ඉශුස් තියන නිසාද අහල. බ්ලොක් කරල කොමෙන්ට් එකත් ඩිලීට්.

    පක්ෂ විපක්ෂ වේවා මට පේන්න බෑ වෙන මත දරන උන් පට්ට මෝඩයි කියල අසුම් කරල, අන් මත දරන උන්ට අපහාසෙට හෑලි ලියන උන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මේවනම් හැල්ල දිග වැඩි කියෙවුවෙ නැ,

    අපි නම් රුසියාවට සපෝට් කරන්නෙ අපේ යුද්දෙට සපෝට් කරපු එකේ ගුණය නිසා.. කොටි දිනල හමුදාව පැරදෙනකන් බලන් උන්න @shenat වගේ බැල්ලිගෙ පුතාලට රුසියාව ඇලජික් වීම පුදුමයක් නෙමේ..
     
    • Sad
    • Like
    Reactions: shenat and weer 11

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,126
    99,696
    113
    අනේ මන්ද මේවනම් හැල්ල දිග වැඩි කියෙවුවෙ නැ,

    අපි නම් රුසියාවට සපෝට් කරන්නෙ අපේ යුද්දෙට සපෝට් කරපු එකේ ගුණය නිසා.. කොටි දිනල හමුදාව පැරදෙනකන් බලන් උන්න @shenat වගේ බැල්ලිගෙ පුතාලට රුසියාව ඇලජික් වීම පුදුමයක් නෙමේ..
    පැනල යන්නෙ නැතුව පුලුවන් නන් හරියට දිනත් එක්ක රුසියාවෙන් කරපු උදව් 10ක් නම් කරපන් අනික් අපිට දැනගන්නත් එක්ක.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කතාව ඇත්ත.

    Sri Lankan පුටින් බයියා යනු ඉන්දියාව, අමෙරිකාව, චීනා ලංකාවට ඇඟිලි ගහනවා ට විරුද්ධ, ඒත් පුටින් ලොක්කා Ukraine වල දේශපාන තිරණ වලට බලපෑම් කරනවාට පක්ෂ කොට්ටාශයක්. 😂 😂
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    මේ තියෙන්නෙ බයියො පූටින් දැක්කම වෙව්ලලා සුරතාන්තයට පත් වෙන හේතුව.. 🤭🤭


    මේ වෙලාවේ මුළු ලෝකය පුරා ම රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරුද්ධව ප්‍රබල මතයක් ගොඩනැගිලා තියෙනවා. ලෝකයේ හැම ප්‍රධාන නගරයකම වගේ පුටින්ට විරුද්ධව විරෝධතා සංවිධානය වෙනවා. රුසියාවට එරෙහිව පියවර ගන්නැයි කියලා මුළු ලෝකය පුරා ම මිනිසුන් එක එක විදියට තමන්ගේ ආණ්ඩුවලට බලකරනවා.

    ඒත් ලංකාවේ මීට වඩා වෙනස් දෙයක් මම දකිනවා.

    ලංකාවේ ඉන්න රුසියානු යුද විශේෂඥයන් ගේ ප්‍රමාණය දවසින් දවස ඉහළ යනවා. රුසියාවටත් වඩා රුසියානු යුධ විශ්ලේෂකයන් ලංකාවේ ඉන්නවාද කියලා වෙලාවකට හිතෙනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන, නේටෝව ගැන, සෙලෙන්ස්කි ගේ මෝඩකම් ගැන, රුසියාවේ ඉතිහාසය ගැන, සෝවියට් දේශය බිඳ වැටීම් ගැන විවිධාකාරයේ පැහැදිලි කිරීම්, මතවාද, විචාරයන් ලංකාවේ ඉන්න රුසියානු විශේෂඥයන් දිනපතා අපට එක එක පැත්තට කරකවමින් ඉදිරිපත් කරනවා. දවසට පැය පහක් හයක් ලයිට් නැතුව කරුවලේ ඉන්න අපට ඒ හැම පැහැදිලි කිරීමක් ම හුගක් වටිනවා.

    ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නය ලෝකය පුරාම ශිෂ්ටත්වය ගරු කරන මිනිසුන් පුටින්ගේ ආක්‍රමණයට විරුද්ධ වෙනකොට ලංකාවේ විතරක් පුටින්ට පක්ෂපාතී රැල්ලක් හැදෙන්නේ කොහොමද කියලයි. ඒක ටිකක් ගැඹුරට විමසා බලන්න ඕන දෙයක්.

    සාමාන්‍ය විචාර බුද්ධියට අනුව බැලුවොත් නම් ඉන්දියාව වගේ විශාල, බලවත් රාජ්‍යයක් ලඟින් පිහිටලා තියෙන ලංකාව වගේ කුඩා දූපතක ජීවත්වන මිනිසුන් පුටින් ගේ ආක්‍රමණය නිසා කම්පනයට පත්වෙන්න ඕනෙ. ඒ කියන්නේ, පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කරන්න ඉදිරිපත් කරන සමහර හේතු ම භාවිතා කරලා අවශ්‍ය නම් ඉන්දියාවටත් ලංකාව ආක්‍රමණය කරන්න පුළුවන් නේද කියලා හිතෙන්න ඕනෙ. මේ තර්කය අනුව බැලුවොත් ඊළඟ වතාවේ චීන සබ්මැරීන් ලංකාවට ආපු ගමන් ඉන්දියාවටත් ලංකාව අල්ලන්න හමුදාවක් එවන්න පුළුවන් නේද කියලා හිතෙන්න ඕනෙ. මේ අනුව පුටින් ගේ ක්‍රියාකලාපය නිසා කවදාහරි තමන්ටත් වෙන්න පුළුවන් අනතුරක් ගැන හිතලා ලංකාවේ මිනිසුන් මේ වෙලාවේ යුක්රේනයේ ජීවත් වන මිනිසුන් ගේ දුක ගැන සංවේදී වෙයි කියලා සාමාන්‍යයෙන් අනුමාන කරන්න පුළුවන්.

    ඒ වගේ ම, ලංකාවේ ජීවත් වෙන මිනිස්සු පොඩි කාලේ ඉඳන් ම උස් මහත් වෙන්නෙම විදේශ කුමන්ත්‍රණ ගැන, විදේශ ආක්‍රමණ ගැන conspiracy theories එක්කයි. ලෝකයේ හුඟක් බලවත් රටවල් ලංකාව අල්ලගන්න දවල් රෑ නැතුව කුමන්ත්‍රණය කරනවා කියලා ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. ලංකාවේ ඈත පිටිසර ගම්වල ඉන්න ගැමියන්ට පවා මේ 'කුමන්ත්‍රණ බය' තියෙනවා. එතකොට ඇත්තට ම ලෝකයේ වෙනත් රටක මිනිසුන් මේ විදියට විදේශ ආක්‍රමණයකට මුහුණ දෙනකොට ලංකාවේ මිනිස්සුන්ටත් යම් බයක් දැනෙන එක ස්වාභාවිකයි නේද? යුක්‍රේනයේ මිනිස්සු අද තමන් ගේ රස්සා අතඇරලා දාලා තුවක්කු අතට අරන් ඒ රටේ නගර ආරක්ෂා කරන්න පාරට බහිනකොට, ගැහැනුන් සහ ළමයින් ඇඳිවත විතරක් එක්ක උමං මාර්ග ඇතුළේ රාත්‍රිය පහන් කරන වීඩියෝ දකිනකොට තමන් ගේ 'විදේශ ආක්‍රමණ බය' සාධාරණ බවත්, අද යුක්‍රේනයට වුණ දේ හෙට ලංකාවට වෙන්න පුළුවන් බවත් හිතෙන එක ස්වාභාවිකයි නේද?

    ඒත් ලංකාවේ මේ මොහොතේ දකින්න ලැබෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි. මේ හැම හැඟීමක් ම යටපත් වෙලා මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට පුටින් ගැන කිසියම් 'අනුරාගයක්' වගේ එකක් දැනෙන බව පෙනෙන්න තියෙනවා.

    එහෙම වෙන්නේ කොහොමද?

    මම හිතන විදිහට ලංකාවේ සැලකිය යුතු පිරිසක් පුටින්ට පක්ෂපාතී වෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය හින්දවත්, නේටෝව හින්දවත්, රුසියාවේ ඉතිහාසය හින්දවත් නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ට පුටින් දිහා බැලුවම Daddy කෙනෙක් පෙනෙනවා.

    ලංකාව කියලා කියන්නේ බරපතල Daddy issues වලින් පෙළෙන මිනිසුන් ඉන්න රටක්.

    ලංකාවේ මිනිසුන් කැමති ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට සම්පන්න, සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න කැමති, ශීලාචාර දේශපාලන නායකයන්ට නෙවෙයි. ලංකාවේ මිනිසුන් කැමති තමන් ගේ අත්දෙක එකට තියලා ගැටගහලා, ඇස් දෙක රෙදි පටියකින් බැඳලා, කණට කරලා කුණුහරුප කියමින් පස්ස පැත්තට වේවැල් පහර දෙන 'ඩැඩී' ලාට.

    1815 විතර ඉඳල ලංකාවේ මිනිසුන් ඩැඩී කෙනෙකු අහිමි වීමේ ශෝකයෙන් පීඩා විඳිනවා. කාලයත් සමග යටපත් වුණු මේ ශෝකය නැවත ඉස්මතු වෙන්න පටන් ගත්තේ අවුරුදු 30ක විතර යුද්ධයක රට පටලැවුණාට පස්සේ. කොටින්ට ගහලා විනාශ කරලා, රටට වින කරන සතුරන් බිමට සමතලා කරලා දාන යකාටවත් බය නැති වීර 'ඩැඩී කෙනෙක්' ලංකාවට අවශ්‍ය වුණා. 2015ට කලින් මහින්ද රාජපක්ෂ නිරූපණය කරපු භූමිකාව ඒකයි. ඒත් ඒකට අමතරව හොරකම, වංචාව, තක්කඩිකම, අසීමාන්තික ඥාති සංග්‍රහය, පවුල්වාදය වගේ හුඟක් දේවල් නිසා ලංකාවේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂ එපා වුණා. හැබැයි ඒ එපා වුණේ ඩැඩී චරිතය රඟපාපු 'මහින්ද රාජපක්ෂ' මිස 'ඩැඩී' කෙනෙකුගේ අවශ්‍යතාව නෙවෙයි.

    මහින්ද රාජපක්ෂටත් වඩා වෙනස් මොඩල් එකක 'ඩැඩී' කෙනෙක් 2019 නොවැම්බර්වල තමන්ට හම්බ වුණා කියලා ලංකාවේ මිනිසුන් හිතුවා. ඔවුන්ට ඕනැ වුණේ සැරට ඉන්න, නීතියට තිතට වැඩ කරන, හමුදාවේ වගේ විනය හදන, කාටවත් ඕනැවට වඩා නටන්න ඉඩදෙන්නේ නැති ඩැඩී කෙනෙක්. ඒත් ඒ 'ඩැඩී' හොයන ප්‍රොජෙක්ට් එකත් මේ වෙද්දී බරපතළ විදියට අසාර්ථක වෙලා තියෙනවා. තමන් ඩැඩී චරිතය රඟපාන්න තෝරගත්ත පුද්ගලයාට ඒ වැඩේ කරන්න බැරි බව මේ වෙද්දී ලංකාවේ මිනිසුන්ට තේරිලා තියෙනවා. හැබැයි තාමත් ඔවුන්ට තේරෙන්නේ පුද්ගලයා ගේ ප්‍රශ්නය විතරයි - ඔවුන්ට තියෙන ප්‍රශ්නය තමන් තෝරාගත් පුද්ගලයාට ඩැඩී ගේ චරිතය රඟපාන්නට බැරි එක පමණයි.

    තාමත් ලංකාවේ මිනිසුන් හොඳ ඩැඩී කෙනෙක් ඉන්නවා නම් ආසයි. හොඳ ඩැඩී කෙනෙකු ලව්වා අත පය ගැටගහගෙන පස්ස රත්වෙන්න වේවැල් පාරක් කන්න ආසයි.

    පුටින් දකිනකොට ලංකාවේ මිනිසුන්ට අමුතු අනුරාගයක් දැනෙන්නේ ඩැඩී කෙනෙකුගෙන් වේවැල් පාරක් කන්න තියෙන මේ ආසාව ඉස්මතු වෙන නිසා මිස ඇමෙරිකානු අධිරාජ්‍යවාදය නිසාවත්, නේටෝ නිසාවත්, යුක්‍රේනයේ බටහිර ගැතිකම නිසාවත් නෙවෙයි.

    මේ ඩැඩී අනුරාගය නිසා ලංකාවේ මිනිසුන්ට බලවත් රටක් තමන්ට වඩා දුර්වල ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් ආක්‍රමණය කිරීමේ අවුල තේරෙන්නේ නැහැ. ඒ වගේ ම ආර්ථික වශයෙන් නන්නත්තාර වෙලා ඉන්න, තෙල් ටික ගහගන්න පෝලිමේ ඉන්න, දවසේ පැය හය හතක් විදුලි බලය පවා නැතුව ඉන්න දූපත් වාසීන් ටිකකට ඒක තේරුණා කියලා ඒකෙන් ලෝකයට ලොකු බලපෑමක් වෙන්නෙත් නැහැ.

    ඒ නිසා මේ වෙලාවේ ලංකාවේ ඉඳන් අපට කරන්න පුළුවන් ඒ අනුරාගයේ ලස්සන සහ ඒක එළියට ප්‍රකාශ වෙන විවිධ ස්වරූපයන් බල බල ඉන්න එක විතරයි.

    -

    රසික ජයකොඩි
    27 - 02 - 2022

    #lka #SriLanka #life


    මේකනම් සහතික ඇත්ත "ලංකාවේ මිනිසුන් කැමති ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට සම්පන්න, සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න කැමති, ශීලාචාර දේශපාලන නායකයන්ට නෙවෙයි. ලංකාවේ මිනිසුන් කැමති තමන් ගේ අත්දෙක එකට තියලා ගැටගහලා, ඇස් දෙක රෙදි පටියකින් බැඳලා, කණට කරලා කුණුහරුප කියමින් පස්ස පැත්තට වේවැල් පහර දෙන 'ඩැඩී' ලාට."
     
    • Love
    Reactions: shenat