බයියෝ_චන්දෙ_වර්ජනයේ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨාභයට අපි රැවටුනා - තිස්ස ජනනායක හෙළි කරයි...

    :shocked::shocked:පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැළී මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ටියුෂන් ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය වත්මන් දේශපාලන ස්ථාවරය පැහැදිලි කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබේ. :shocked::shocked:

    මගේ දේශපාලනය

    මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා 'මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ " යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර "පච" වීමද එයට තවත් හේතුවකි.

    නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,

    -ප්‍රසිද්ධිය
    -අභිමානය
    -ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
    -තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

    නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන "සැකයෙන්" බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.

    ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් "දුප්පත්කම" අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.

    මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ "මල් බඳුන" ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.

    සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.

    සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.

    අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි. නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර "වියත්මග" තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.

    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු "පරිසර ඇමති" වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

    - තිස්ස ජනනායක

    https://www.lankanewsweb.net/sinhal...d8Ti-i0bJD73auyD1XKQBBRqEkr7Y5JJCsP5ho6H1qbCo
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹ කියන්නේ බයියෝ ගෑන නම් උන් උඹව ජෝක් එකට අරන්. නමුත් උඹ කියන්නේ ගෝඨාට චන්දේ දීපු බයියෝ නොවෙන එවුන් ගෑන නම්, කතාව ටිකක් ඈත්ත. එහෙම වුන් දුන්නේ වෙන දෙන්න එකෙක් නෑති හින්දා බන්. ඒහෙම සමහරු මේ පාර චන්දේ දාන එකක් නෑ. ඒක තීරණය වෙන්නේ අනිත් පක්ෂ වල හෑසිරීම අනුව. පොහොට්ටුව පරදිනවා වගේ පේනවා නම් උනුත් ගිහින් පොහොට්ටුවට ගහයි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Api eka chanden passe balamu neda. Gotata deepu bayyo chande nodi hitiyoth chanda salakiya yuthu pramanayak adu wenna onane. Ethakota hithaganna puluwan un real bayyoda, fake bayyoda kiyala.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Api eka chanden passe balamu neda. Gotata deepu bayyo chande nodi hitiyoth chanda salakiya yuthu pramanayak adu wenna onane. Ethakota hithaganna puluwan un real bayyoda, fake bayyoda kiyala.

    ඒක චන්දෙන් පස්සේ තමා බලන්න වෙන්නේ. බහුතරයක් ගෝඨාට දුන්නේ පාස්කු ප්‍රහාරයත් එක්ක වෙච්ච දේවල් හින්දා. කන්න නෑතත් මෑරෙන්නේ නෑතිව ඉන්න. දෑන් කොරොනා ප්‍රශ්ණේ පාලනය කරපු එක ගෑන ගෝඨාට හුගක් අයගේ ප්‍රසාදය තියෙනවා. නමුත් චන්දේ ඉල්ලන්න එන්නේ පරණ සෙට් එකම කියන එකට පට්ට විරෝධයක් තියෙනවා. එහම බිදෙන චන්ද වෙන අයට වෑටෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ චන්දේ ලන් වෙනකොට තියෙන තත්වේ අනුව තීරණය වෙයි. කොහොම වුනත් ජේ වී පි එකේ චන්ද අඩු වෙයි. සජිත් සහ යු ඈන් පී වෙන් වීම මාර වාසියක් වෙනවා පොහොට්ටුවට. ඔය රණවීරලා, ප්‍රසන්නලා ජොනී ලා, හෑමෝම පාර්ලිමේන්තු එනවා. බයි චන්ද ටික අනිවා එයාලට යනවා
     
    JVP chanda nam adu wenne na aniwaryenma wadi wenawa. Anith siyaluma paksha wala chanda adu wenawa. Api result eka balamu
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    JVP chanda nam adu wenne na aniwaryenma wadi wenawa. Anith siyaluma paksha wala chanda adu wenawa. Api result eka balamu
    උඹත් එක්ක ඔට්ටු අල්ලලා නම් වෑඩක් නෑ උඹ පොරොන්දු ඉටු කරන්නේ නෑනේ. ජේ වී පී චන්ද වෑඩි වෙන්න පුලුවන් එකම විදිහ පුතානෝගේ බෙදීම. ඒත් ඉඩ අඩුයි