බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු.

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අද හැමතැනම වංචාවනේ තියෙන්නේ ඒ නිසා ගොඩ දෙනෙක් හැම දෙයක් දිහාම බලන්න පුරුදු වෙලා ඉන්නේ වපර ඇහින්. ඒත් සමහර අය කියල තියෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා. :( සමහරුන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න වත් හරියට තේරුමක් නැහැ වගේ. ඇත්තටම තේරුමක් නැති කම නෙමෙයි.

    හොදට දැනෙන්න කියලා තියෙනවා සහෝදරයා.. මමත් උදව් කරන්නේ සල්ලි බලන් නෙවේ අර උදව්වක් කරලා මනුස්සයා ගොඩ ගිහින් හම්බෙන ස්තූතියී කියන එකට. මගේ උදව්වෙන් ඒ මනුස්සයා ගොඩ ගිහින් ඉන්නවා දකින එක තරම් ආත්ම තෘප්තියක් මට වෙන කොහෙන්වත් හම්බෙන්නේ නෑ, ඒක ගැන කියන්න වචනත් නෑ.

    බොරු කියන්න ඕනා නෑ මම කොමෙන්ට් කරන්නේ නෑ ඕකෙන් මොකක් හරි ගත්තොත්. ඒක උනේ ඔය ලෝ කොලටි ෆිල්ම් වල ටොරන්ට් ලින්ක් ටිකක් දාලා තියෙද්දි මම හොද කොපි එකේ ලින්ක්ස් කොමෙන්ට් කොටසේ දැම්මා සහ තව සින්හල හැදෙන්න ඕනා තැන් ටිකක් එක්ක. ඒ කොමෙන්ට් එක හොයා ගන්නත් නෑ, ඒකට රිප්ලයි එකක්වත් නෑ. එදායින් පස්සේ මම කොමෙන්ට් කරන්නේ නෑ.

    තව sub දාන අය දැන ගන්න ඕනා එකක් තමයි තමන් මහන්සි වෙලා sub එක හදනවා තමා. ඒ උනාට ඒවල තේරුම නම් ගන්න දෙයක් නෑ. යන කතාව එක්ක ගැලපෙන්නේ නෑ. ඒකට ඉතින් බයිස්කෝප් එක පලි නෑ.

    මම විකියාට යැව්වා විස්තර ටිකක් උදව්වක් කරන්න. මට හම්බුන cloud hosting developer plan එකට technical සපෝර්ට් නිකන් දෙන්නේ නෑ. මම ටිකක් තව බලලා කරලා ඒක හදලා දෙන්නම් කියුවා.

    මොනා නැතත් මෙතන විවේචනය කරන්න, හැන්ගි හොරා ගරහන්න කට්ටිය ඉන්නවා ඕන තරම්. නමුත් උන් නොදන්න දේ තමයි උන්ට උන්ගේ ඇත්ත profile වලින් කවදාක්වත් උදව්වක් ඉල්ලන්න බැරි විත්තිය. අන්න එදාට fake වලින් ඇවිත් දෙකට නැමිලා අහන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං විකී.. බයිස්කෝප් එකේ කොමෙන්ට් කරන්න බැහැනේ.. Error එකක් එනවා..
    ERROR: please enter a valid email address. කියලා.. මම මගේ හරි ඊමේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නෙ..:(

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිංහල සබ් මම වැඩි වශයෙන් නොබැලීමට හේතුව

    we got company
    අපි කොම්පැණියක් ගත්තා


    :frown::frown::frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහල සබ් මම වැඩි වශයෙන් නොබැලීමට හේතුව

    we got company
    අපි කොම්පැණියක් ගත්තා


    :frown::frown::frown:

    ඕක බන් ලොකු චැනල් වල සබ් වලත් තියනවා :dull:
    දෙරණේද කොහෙද මම දවසක් දැක්ක You are fired කියන එක උඹට ගිනි තියනවා කියල දාල තියනවා :baffled:

     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සිංහල සබ් මම වැඩි වශයෙන් නොබැලීමට හේතුව

    we got company
    අපි කොම්පැණියක් ගත්තා


    :frown::frown::frown:

    ඕක බන් ලොකු චැනල් වල සබ් වලත් තියනවා :dull:
    දෙරණේද කොහෙද මම දවසක් දැක්ක You are fired කියන එක උඹට ගිනි තියනවා කියල දාල තියනවා :baffled:


    කතා කරලා වැඩක් නෑ. ලොල් සීන්. මෙයාලා සබ් එක බලන්නේ නෑ මචං. එහෙම කරන්න අමාරු නිසා. සබ් හදන අය හරියට හදන්න දැන ගන්න ඕනා. සමහරු බලන්නේ සබ් හදලා දීපු ගාන මිසක් එකෙන් එන තේරුම නෙවේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක බන් ලොකු චැනල් වල සබ් වලත් තියනවා :dull:
    දෙරණේද කොහෙද මම දවසක් දැක්ක You are fired කියන එක උඹට ගිනි තියනවා කියල දාල තියනවා :baffled:


    මම නම් සිංහල සබ් එක්ක බලන්නේ Tamil movies විතරයි
    Tamil වචනයක් වත් තේරෙන්නේ නෑනේ ඉතින් වැරදි තියෙනවද දන්නේ නෑ
    English ඒවට නම් අනිවා English සබ් දාගන්නවා
    හින්දි නම් අවුලක් නෑ තේරෙනවා
    :dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කතා කරලා වැඩක් නෑ. ලොල් සීන්. මෙයාලා සබ් එක බලන්නේ නෑ මචං. එහෙම කරන්න අමාරු නිසා. සබ් හදන අය හරියට හදන්න දැන ගන්න ඕනා. සමහරු බලන්නේ සබ් හදලා දීපු ගාන මිසක් එකෙන් එන තේරුම නෙවේ.

    ඔව් බන් English වල වගේ සිංහලට හදන්න බෑ
    බල බල හදන්න වෙන්නේ
    ඒත් එහෙම කරන්න අමාරුනේ බන්
    මුන්ගේ උත්සාහය අපි අනිවා අගය කරන්න ඕන
    කලාතුරකින් තමයි මම ඕකෙන් සබ් ගන්නේ
    කලාතුරකින් වත් ඕන උනොත් ගන්නේ සූම් එකෙන්
    ඒකෙත් ඉතින් අර වැරදි තියෙනවා

     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් බන් English වල වගේ සිංහලට හදන්න බෑ
    බල බල හදන්න වෙන්නේ
    ඒත් එහෙම කරන්න අමාරුනේ බන්
    මුන්ගේ උත්සාහය අපි අනිවා අගය කරන්න ඕන
    කලාතුරකින් තමයි මම ඕකෙන් සබ් ගන්නේ
    කලාතුරකින් වත් ඕන උනොත් ගන්නේ සූම් එකෙන්
    ඒකෙත් ඉතින් අර වැරදි තියෙනවා


    ඒක ඇත්ත :cool:;)
     
    Status
    Not open for further replies.