අද හැමතැනම වංචාවනේ තියෙන්නේ ඒ නිසා ගොඩ දෙනෙක් හැම දෙයක් දිහාම බලන්න පුරුදු වෙලා ඉන්නේ වපර ඇහින්. ඒත් සමහර අය කියල තියෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා.සමහරුන්ට තමන්ගේ අදහස ප්රකාශ කරන්න වත් හරියට තේරුමක් නැහැ වගේ. ඇත්තටම තේරුමක් නැති කම නෙමෙයි.
හොදට දැනෙන්න කියලා තියෙනවා සහෝදරයා.. මමත් උදව් කරන්නේ සල්ලි බලන් නෙවේ අර උදව්වක් කරලා මනුස්සයා ගොඩ ගිහින් හම්බෙන ස්තූතියී කියන එකට. මගේ උදව්වෙන් ඒ මනුස්සයා ගොඩ ගිහින් ඉන්නවා දකින එක තරම් ආත්ම තෘප්තියක් මට වෙන කොහෙන්වත් හම්බෙන්නේ නෑ, ඒක ගැන කියන්න වචනත් නෑ.
බොරු කියන්න ඕනා නෑ මම කොමෙන්ට් කරන්නේ නෑ ඕකෙන් මොකක් හරි ගත්තොත්. ඒක උනේ ඔය ලෝ කොලටි ෆිල්ම් වල ටොරන්ට් ලින්ක් ටිකක් දාලා තියෙද්දි මම හොද කොපි එකේ ලින්ක්ස් කොමෙන්ට් කොටසේ දැම්මා සහ තව සින්හල හැදෙන්න ඕනා තැන් ටිකක් එක්ක. ඒ කොමෙන්ට් එක හොයා ගන්නත් නෑ, ඒකට රිප්ලයි එකක්වත් නෑ. එදායින් පස්සේ මම කොමෙන්ට් කරන්නේ නෑ.
තව sub දාන අය දැන ගන්න ඕනා එකක් තමයි තමන් මහන්සි වෙලා sub එක හදනවා තමා. ඒ උනාට ඒවල තේරුම නම් ගන්න දෙයක් නෑ. යන කතාව එක්ක ගැලපෙන්නේ නෑ. ඒකට ඉතින් බයිස්කෝප් එක පලි නෑ.
මම විකියාට යැව්වා විස්තර ටිකක් උදව්වක් කරන්න. මට හම්බුන cloud hosting developer plan එකට technical සපෝර්ට් නිකන් දෙන්නේ නෑ. මම ටිකක් තව බලලා කරලා ඒක හදලා දෙන්නම් කියුවා.
මොනා නැතත් මෙතන විවේචනය කරන්න, හැන්ගි හොරා ගරහන්න කට්ටිය ඉන්නවා ඕන තරම්. නමුත් උන් නොදන්න දේ තමයි උන්ට උන්ගේ ඇත්ත profile වලින් කවදාක්වත් උදව්වක් ඉල්ලන්න බැරි විත්තිය. අන්න එදාට fake වලින් ඇවිත් දෙකට නැමිලා අහන්නේ.
සමහරුන්ට තමන්ගේ අදහස ප්රකාශ කරන්න වත් හරියට තේරුමක් නැහැ වගේ. ඇත්තටම තේරුමක් නැති කම නෙමෙයි. 


