1. ඔය ඕනෙම ස්ටාර්ට් ලෙඩකට අත ගහන්න කලින් ප්ලග් එක ගලවා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද? කියත් පටි තලේක ගැප් එක තියෙනවද කියලා
2. ප්ලග් සොකට් එක කරකවලා වයර් එකෙන් ගලවලා බලපන් වයර් කෙලවර කොල පාට පිටි වගේ ජාතියක් බැදිලද කියලා. බැදිලනම් අගල් බාගයක් විතර කතුරකින් කපලා ආපහු කරකවලා ගහපන්
3.ඒවත් හොදයිනම් ඕක ස්ටාර්ට් කරලා ස්ලෝ දුවන්න ඇරලා එකා පාරටම ඇක්සිලේටරේ අල්ලලා බලපන් ගොලු වෙලා මෝල හිටිනවද කියලා,
හිටිනවනම් ටැන්කිය ගාව ෆිල්ටර් එකයි තව අමතර ෆිල්ටර් එකකුයි තියෙනවනම් ඒවා සුද්ද කරලා පැට්රල් පොඩ්ඩක් ඇරපන්. පෙට්රල් ටිකක් ඇරලා කාබ් එක ටියුන් කරපන්.. තෙල් එනවා මදි
4.ඕකේ අනිත් පැත්තත් තියෙනවා... රෑ තිස්සේ බයික් එකේ පොඩි එකෙක් සෙල්ලම් කරලා ඇක්සලේටරේ නිකන් මිරික මිරික හිටියොත් පැට්රල් පිරිලා ඔය අව්ලම එනවා
5.මට මතක නෑ ෆ්ලේම් එක ඔටෝ චෝක්ද කියලා..ආ උබම කිව්වනේ චෝක් එකක් තියෙනවා කියලා. ඉහත පියවර වලට හරිගියේ නැත්නම් මචෝ කාබ් එක පොඩ්ඩක් සුද්ද කරගන්න වෙනවා